IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ

චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

රොකට්ටුව, කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය කිසිවක් පවසා නොමැති බව ද නාසා ආයතනය කියයි. රොකට්ටුව ජනාකීර්ණ ස්ථානයකට කඩා වැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චීනය 'ටියැංගොන්' යන නමින් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් පවතී. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සිදුවන්නේ රොකට්ටු මගින් එහි කොටස් (මොඩියුල) අභ්‍යවකාශයට ගෙන්වා ගෙන ඒවා එකැලැස් කිරීමෙනි. චීන ගගනගාමීන් මාරුවෙන් මාරුවට අභ්‍යවකාශයේ රැඳී සිටිමින් අභ්‍යවකාශ නැවතුම්පොළේ එකලැස් කිරීම් සිදු කරයි.

'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම වසරේ අවසන් කිරීමට චීන අභ්‍යවකාශ ආයතනය අපේක්ෂා කරයි.
පසුගිය ජූලි 24 වැනිදා ද අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කිරීම සඳහා මොඩියුල කීපයක් සාර්ථකව අභ්‍යවකාශයට යැවුණි.

අද (31) අනතුරුදායක අයුරින් යළි පෘථිවියට කඩා වැටුණේ එම මොඩියුල අභ්‍යවකාශයට රැගෙන ගිය 'ලොංග් මාර්ච් බී8 වයි 3' රොකට්ටුව සහ එහි කොටස්ය.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (4)

චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ

විපරමා Sunday, 31 July 2022 05:37 PM

අපේ රටෙත් ඉන්නවා ආචාර්ය උපාධියක් තියෙනවා කියන රොකට් යවපු කෙනෙක්, දකුණු පළාතේ.... අවුලක් තියෙනවා නම් වැඩේ ගොඩදාලා දෙයි...

:       2       15

Ruwan RSunday, 31 July 2022 11:03 PM

අහස් ගුන්ඩු යවන එකයි රොකට් යවන එකයි දෙකක්.. එකකට ඉලක්කයක් තියෙනවා. අනෙකට එහෙම නෑ.

:       0       3

Ishan Monday, 01 August 2022 07:50 AM

උ/පෙ. bio science හදාරල ගණිතයට ආචාර්ය උපාධිය ගත්ත සුපිරි රොකට් ව්ද්‍යාඥයෙක් අපේ රටේ ඉන්නවා. චීනෙ උගෙන් උපදෙස් ගත්තනම් ඔය රොකට් එක කඩා වැටෙන්නෙ නැහැ...... [පොළවෙදිම පුපුරල යනවා]

:       0       3

sharm warn Monday, 01 August 2022 10:11 AM

එ . . අර රොකට් පුතා යවපු එක වෙන්න බැරිද? ( දැන් තේරෙනවද චින නැවක් හම්බන්තොට වරායට හදිස්සියෙම පත බෑවුනෙ මොකද කියල? )

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site