චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ 15 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සේද මාවතින් අද (26) දිවයිනට පැමිණියහ.
සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් හා ශ්‍රි ලංකා ගුවන් සමාගමේ ගුවන් තොටුපළ නිලධරයන් විසින් රූමතියෝ උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
මෙම පිරිස සමග චීන ජාතික මධ්‍යවේදී කණ්ඩායමක් ද පැමිණියහ. සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් සමාගම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රි ලංකා සමාගම මොවුන්ගේ සංචාරය සදහා පහසුකම් සපයයි.
චීන සංචාරක වෙළද පොළ මෙරට වර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස චීන රූ රැජිනියන්ගේ සංවිධානය කර ඇත. මෙම පිරිස අද සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා මෙරට සීගිරිය, හබරණ, ඇතුළු දැකුම්කළු ස්ථාන නැරඹීමට යාමට නියමිතය.
මෙම තරගකාරියන්ට මෙරටදී රූ රැජින තරගාවලියේ තරග ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා චීන වෙළද පොළ දැවැන්ත ප්‍රචාරයක් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරයි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 13 වැනි දා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට නියමිතය.
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චීන රූ රැජිනියෝ ලංකාවේ
ඉසුරන්දි Wednesday, 27 August 2014 04:41 AM
ආයුබෝවන් ! ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)
සුනිල් මාපලගම Wednesday, 27 August 2014 11:04 AM
ඔබලා නැවත යන තුරු අපේ ආයියලාගෙන් බේරී , දුෂණය නොවී , කරදරයක් නොවී ඔබගේ රටට ආපසු ගොස් අපගේ රටේ ලස්සන පවසන්න (අ)
චමල් Wednesday, 27 August 2014 05:16 AM
කෙල්ලෝ කොයි රටෙත් ලස්සනයි. බාහිර පෙනුම වගේම ඒ අයගේ තියෙන සුකුමල කම නිසාත් ලස්සනයි. සමහර කුමාරිහාමිලා නම් ඒ ලස්සන කමට නින්දා කරමින් හැසිරෙනවා (නදී)
නිමල් රාජපක්ෂ Wednesday, 27 August 2014 06:01 AM
මේ තමා ස්වභාවික ලස්සන මතකනේ, අපේ අය ලස්සන වෙන්න ගිහින් වුණ හරිය .පසුගිය දිනවල ලස්සන නොනාකෙනෙක් ලස්සනට අවසන් ගමනක් ගියා, (අ)
පියල් Tuesday, 26 August 2014 11:08 AM
ලස්සන ළමයි ටික (දී)
සරත් Tuesday, 26 August 2014 11:26 AM
හැමෝම ලස්සනයි. මමත් ලංකාවේ හිටියනම්.... (දී)
පහන්දී Tuesday, 26 August 2014 11:26 AM
ලස්සනයි, ඒත් අපේ රටේ ඉන්නව කළු උනත් මිට වඩා ලස්සන තරුණියන්.(දී)
ඇන්ටන් Tuesday, 26 August 2014 11:40 AM
මේ අය එක්ක බලද්දී ලංකාවේ කෙල්ලෝ කොයිතරම් ලස්සනද (නදී)
එමි කේ තිලිනක Wednesday, 27 August 2014 07:40 AM
මෙි මොන කෙල්ලොද හැම කෙල්ලම එක වගේ නේද (නදී)
මල් Tuesday, 26 August 2014 12:13 PM
මට නම් අපේ කෙල්ලෝ ලස්සනයි (දී)
රෙජි-සිඩ්නි Tuesday, 26 August 2014 11:39 PM
දිල්ෂාන් මල්ලි ,අපේ රටේ කෙල්ලන් ලස්සනයි කියලා අනෙක් රටවල කෙල්ලන් පහත දමන්න එපා. (නි)
අචිය Tuesday, 26 August 2014 01:43 PM
ලස්සන කෙල්ලෝ ටික...(දී)
අජිත් කරුණාරත්න Wednesday, 27 August 2014 04:03 AM
මේ කට්ටිය හරි කෙට්ටුයිනේ. හැබැයි ඒකත් නරක නැහැ. ලස්සනයි. ලස්සනට ලස්සනයි කියන්න ඇඹරෙන්න ඕනෑ නැහැනේ (නි)
දිල්ෂාන් සන්දිප් Tuesday, 26 August 2014 03:21 PM
ඇත්තම කියනවනම් අපේ රටේ කෙල්ලක් ගාවින් තියන්නවත් බෑ.අපේ අය ඒ අතින් කොච්චර ලස්සනද? (අ)
නුවන් අසංක Wednesday, 27 August 2014 10:16 AM
මටනම් අර පටිය පළදවන අපේ නංගි ඔක්කොටම වඩා ලස්සනයි (අ)