දෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජිංපිං මහතා අද (16) පෙරවරු 11.30ට ශ්‍රී ලංකාවට සැපත් වේ.
චීන නායකයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරනුයේ වසර 28කට පසුවය.
රුපියල් කෝටි 39600 පමණ ආයෝජන ද රැගෙන එන චීන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති සමඟ ද්වී පාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අඩු ගණනේ දෙරට අතර ගිවිසුම් 20ක් පමණ ඇති කර ගැනීමට ද යයි.
චීන ජනපති, ජනපති ආර්යාව හා නියෝජිත පිරිස කටුනායක දී රතු පලස එළා හරසරින් පිළිගැනීමට සියල්ල සූදානම් කර ඇත.
ගාලු මුවදොරත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් අදත් හෙටත් කොළඹ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කැරේ.
චීන ජනපති ෂී ජිංපිංගේ ඡායාරූපය වෙනුවට හිටපු ජනාධිපති හූ ජිංටාඕ මහතාගේ ඡායාරූපය අද ලංකාදීප පත්‍රයේ පළවූයේ ප්‍රමාද දෝෂයකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ශ්‍රී ලංකාවට සුභ පතනවා (නදී)
ණය දෙන එකත් එකයි ණය ගන්න එකත් එකයි. ඔක්කොම ණය කාරයෝ. අපේ මුතුන් මිත්තෝ රට බත බුලතින් සශ්‍රීක කළේ වෙන කාගෙන්වත් ණය අරන් නොවේ. ණය අරගෙන අප ගමන් කර තියෙන්නේ පස්සට. (නදී)
රුපියල් කෝටි 39600? අපි ගොඩ නේ රජෝ? (නදී)
මුළු ලංකාවටම සතුටුවිය හැකි කරුණකි. ලෝකයේ දෙවන බලවතා ලංකාවේ ආයෝජනය කිරීම රටටම ආඅඩම්බරයක් . ඒ වගේම ඇමෙරිකාවට කනේපරක් ගැහුවා වගේ. (අ)
ණය කන්දක් අරගෙන එනකොට කාටද ආඩම්බර! රතු පලසක් දාල පිළිගන්න. තරහ කර ගන්න එපා. (අ)
අනාගතේ ලෝක බලවතා චිනයයි, ඔවුන් සමග එකට සිටීම ලංකාවේ අනාගතයටද මහත් රුකුලක් වනුඇත. (අ)
චීන ආයෝජන වලින් නම් අපිට ඇති වැඩක් නැහැ චීන්නු ඇවිත් මෙහෙ වැඩ කරලා අපේ සම්පත් හුරගෙන යනවා ලොක්කොන්ටත් වාසි තියෙන අපි නය ගෙවනවා. (දී)
සදා නොවෙනස් මිතුරා, චීනය.... මේ රටේ මොන පාට ආණ්ඩු තිබුනත් චීන මිතුදම එලෙසම පැවතුනා. (නි)
සෑම දුෂ්කර අවස්ථාවන් හීම ලෙන්ගතුව අප හා සිටි හෘදයාංගම මිතුර. අප ඔබ ආදරයෙන් පිළිගනිමු (නදී)
කප්පරක් ණය අරගෙන ඇවිල්ලා අපිට දුන්නත් මම නම් ආඩම්බර වෙන්නේ නැහැ. (නි)
රට චීනෙට අපි වලට ඔහොම යන් (නදී)
අනේ අම්මෝ ඔය නය ගෙවන්නේ කොහොමද. දැන් ගෙවන ණයයි ඔය ණයයි දෙකම එකතු වුනාම මුළු ලංකාවම විකුණලත් බැරි වෙයි ආපසු ගෙවන්න (නදී)
අපිට කොහෙද රතු පලස් (දී)
මෙම මුදලින් රට ගොඩ නගා ගතහොත් අපට කාටවත් අත නොපා ජීවත්වීමට හැකිවේවි. එමෙන්ම චීනය හොඳ රටක් (නදී)