(ජේ.ඉඳුරුවගේ )
අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් අද (31) කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකා වලින් පැමිණි වෛද්‍ය කණ්ඩායම් පහක් (5) සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැළසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.
චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්දියාව තරහවෙයිද දන්නේ නැහැ...
හම්බන්තොට වරාය චීනෙට දීල මේ ගංවතුරට නැවු තුනක් පුරා බඩු මුට්ටු ලැබුණා. ත්‍රිකුණාමලේ වරාය ඉන්දියාවට දීල තවත් නැවු තුනක් පුරා බඩු මුට්ටු ලැබුණා. කොළඹ වරායයි ගාලු වරායයි තව රටවල් දෙකකට දුන්න නම් අවුරුදු දෙකකට වතාවක් ගංවතුර ආවත් ඇති.