IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


චීන ජනපති සිරිලකට ආයුබෝවන් කියයි

දිවයිනට පැමිණි ලොව දෙවන බලවතා  චීන ජනාධිපති ෂි ජින් පින්ග්  මහතා සහ  ජනාධිපති ආර්යා හෝග් ලියු ඈන්  මහත්මිය ඇතුළු  දූත පිරිස    කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන්   දිවයිනෙන් සමුගත්හ. .

චීන ජනපතිට සමුදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සෙසු මැති ඇමතිවරුන් පැමිණීමටත් පෙර සිටම කටුනායක ජාත්‍යන්තර ප්‍රභූ පර්යන්තයට පැමිණ එහි රැදී සිටියේය.

අනතුරුව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය  ජී.එල් පීරිස්, ආර්ථීක සංවර්ධන  අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ   මහතා ඇතුළු මැති ඇමතිවරු පැමිණියහ.

ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා සහ  ජනාධිපති ආර්යා  ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙලිකොප්ටර් යානයකින්  කටුනායකට පැමිණයහ.

කොළඹ සිට ප්‍රභූ රථයකින් පැමිණි ජනපති ෂී ජින් පින්ග් මහතාව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතට දී    පිළිගත් අතර  පසුව සෙසු  මැති ඇමතිවරු  සමග   රතු පලස මතින් ගුවන්යානයේ පියගැට පෙළ දක්වා  කැඳවාගෙන ආහ.

මේ අවස්ථාවේ ගුවන් හමුදාව සිය උත්තමාචාර පිරිනැමු අතර  පාසැල් රැසක බටහිර තූර්යවාදක කණ්ඩායම් එම අවස්ථාව වර්ණවත් කළහ. පාසැල් දරු දැරියෝ රැසක්  ශ්‍රී ලංකා සහ චීන ජාතික ධජ ලෙලදවමින්  දෙපස රැදී සිටියහ.

කුඩා දරුවන්ගේ  සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ අතරින් ගමන් ගත් චීන ජනපති සහ එම ආර්යාව ගුවන්යානයේ පියගැට පෙළ අසලදී නැවතත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට අතට අතදී සමුගත්හ.

ඉන් අනතුරුව  ගුවන්යානයේ පියගැට පෙළ තරණය කළ චීන ජනාධිපති සහ එම ආර්යාව ගුවන් යානයට ඇතුලූ වන දොරටුව අසලදී මොහොතක් නතරව ශ්‍රී ලංකාවට ආචාර කර දිවයිනෙන් සමුගත්හ.

 1 2 3 4  6 7 8 10 11 12 13 14 15 19 20 22 23 5

24 DSCF9923
 



අදහස් (0)

චීන ජනපති සිරිලකට ආයුබෝවන් කියයි

ඇන්ටන් Wednesday, 17 September 2014 11:00 AM

ආයුබෝවේවා නමුත් අපේ රටෙන් කැල්ලක් නම් ඉල්ලන්න නම් එපා හොදේ(ස)

:       0       0

නලින් යහම්පත් Thursday, 18 September 2014 09:41 AM

මේකේ වටිනාකම කියා නිම කල නොහෙකි රන් බඳුනක් වැනියා , එහෙත් මෝඩයට සුදු ආප්ප වාටියක් වාගෙය (අ)

:       0       0

ගිහාන් Thursday, 18 September 2014 09:47 AM

චීන ජනාධිපතිවරයා අපේ රටෙන් පිටව ගියේ ඉන්දියාවටයි. එහි දින හතරක් ගත කරනවා. අනේ මංජු ඉන්දියාවත් චීනයේ කොලනියක් කර ගනීවිද..? චීනය යනු ආසියාවේ සිටින බලවතුන් අතර ඉහළම තැන සිටින රටය. ආසියාවේ සියලු දිළිඳු රටවලට ආරක්ෂාව සැලසෙන්නේ චීනයෙනි. අද ඇමරිකාවත් චීනයේ නැගීසිටීමට බයෙනුයි ඉන්නේ. ඒ නිසා චීනය සමග අනෙක් රටවල් කොටවන්නට ඇමෙරිකාව සැලසුම් කරන්නේ. (අ)

:       0       0

විපුල Wednesday, 17 September 2014 11:43 AM

අපේ ආචාරය ගරු ජනාධිපති දෙපළටම , චීන ජනාධිපති තුමන් ආව එකෙන් ජනතාවට විශාල සේවයක් වුණා නේද (දිල්)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 17 September 2014 11:48 AM

ඉක්මනින්ම නැවත එතොත් ඒ එන මග සරසවාවී සතුටු සිනා මුව රැදේවි නොරොච්චෝලේ දුම් දමාවි විදුලිය බිල අඩු කරාවි තෙල් මිල පහලට දමාවි ආසියාවේ ආශ්චර්ය දකින්න අපි පින් ලබාවි (නදී)

:       0       0

ආශා Thursday, 18 September 2014 02:28 AM

සතුටු සිනා බේරෙනවා. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 17 September 2014 12:12 PM

යන්න යන්න..ඔයා ගෙනාපු ඔක්කොම චින්නුන්ව අරගෙන යන්න. දැන් මෙහෙ චීන්නු වැහි වැහලා ...බල්ලෙක් පූසෙක් තලගොයෙක් තියා උෟරුමීයෙක්වත් දැන් හොයාගන්න අමාරුයි. (ස)

:       0       0

රන්ජන් Wednesday, 17 September 2014 12:26 PM

චීනය ලෝකයේ දෙවන බලවතා වෙන්නේ මොන අංශයෙන්ද? එතකොට ලෝකයේ පළවෙනි බලවතා කව්ද? (ස)

:       0       0

චමී Thursday, 18 September 2014 10:55 AM

ස්ථූතියි...නැවත එන්න

:       0       0

මධුභාෂිනී Wednesday, 17 September 2014 12:39 PM

කවුරු මොනවා කිවත් චීන රාජ්‍යා නායකයාගේ ශ්‍රී ලංකා ගමන අප රටේ නායකයනන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කෘතහස්තතාවය මනාව පසක් කරවන්නකි. එතුමන් දෙපල විසින් අපේ රටේ අභිවෘධිය සඳහා එකඟ වූ සම්මුති නිසැකවම අපේ රට තව තවත් ඉහල තලයකට පත් වනු ඇත. (නදී)

:       0       0

හේමන්ත Thursday, 18 September 2014 11:31 AM

මංජුට දොස් කියන්න එපා. එයා තවම පුංචි බබෙක් වෙන්න ඕන. නොමේරුව අයටත් අදහස් එවන්න ඉඩ දෙන්න. (ස)

:       0       0

ගිහාන් Thursday, 18 September 2014 03:13 AM

මේ මංජු.. නොදන්නා දේශපාලනයක් ගැන කතා නොකර ඉන්නවද.? (ස)

:       0       0

දීපාල් Wednesday, 17 September 2014 01:26 PM

මගේ රට දිනේවා. (අ)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 17 September 2014 03:39 PM

නැවත එන්න , ඔබගේ රට අතීතයේ සිටම අපේ මිත්‍ර රටක් , අපට කරනා උදව් අමතක නොවේ , (දිල්)

:       0       0

මංජු Wednesday, 17 September 2014 03:53 PM

ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් බවට පත්වූ වගයි.. (අ)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 17 September 2014 03:54 PM

සිරිමාවෝ මැතිණියගේ මුල් කාලයේ ලංකාව චීනය සමග ලොකු සමබන්ධකම් පැවැත්වුවා (නදී)

:       0       0

ගිහාන් Wednesday, 17 September 2014 04:29 PM

මංජු, දන්නවා නම් පමණක් දේශපාලනය ගැන කතා කරමු. නොදන්නා දේවල් ගැන කතා කරනකොට අඳුරේ අතපත ගානවා කියලා හිතෙනවා (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Wednesday, 17 September 2014 05:03 PM

මංජු, කුහකයෙක් වෙන්න එපා. කොලනියක් බවට පත්වෙන්න තිබුන රට දැන් දැන් ලොව පුරා නායකයන්ගේ අවධානයට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

නඩරාජා Wednesday, 17 September 2014 07:11 PM

ජනාධිපතිතුමනි , ඔබට ජයෙන් ජය පතමි! (නි)

:       0       0

සුපුන් Thursday, 18 September 2014 05:17 AM

මංජු ඔයා නොදන්නවා උනාට මේ ලෝකේ ගොඩක් දියුණු රටවල් වල චීන නගරයක් තියෙනවා.එහෙම උනා කියල ඒ රටවල් චීනයේ කොලනියක් වෙලා නෑ. (ස)

:       0       0

වසන්ත Thursday, 18 September 2014 05:27 AM

මේ වගේ රටවල් වල නායකයන් එක්ක සම්බන්දකම් තියෙන එකෙන් ලංකාවට හුගක් සුබදායක දෙයක්.ඒවගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තවතවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (දිල්)

:       0       0

ලුම්බිණි Wednesday, 17 September 2014 10:34 AM

ලංකාවට ආයුබෝවන් කියල ගියේ ඉන්දියාවට කියල කියන්නේ නැත්තේ මොකද? (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 10:39 AM

කෝටි 140 ක ගේ ප්‍රශ්න තිබියදී කෝටි දෙකේ රටකට පැය 23 කට හෝ පැමිණීම ලොකු දෙයක්. ආසියාවේ සමගිය බටහිර ජාතීන්ට පෙන්නුම් කිරීමත් ලොකු දෙයක්. ජින් පින් ජනාධි තුමාගේ නම්බුව කනවා චීනුන් වැහි ලිහිණි කුඩු, වල්ලා පට්ටා මෙහෙන් අදිනකොට. (නදී)

:       0       0

නන්දන Thursday, 18 September 2014 08:19 AM

ඔය මංජු කියන කෙනා මට හමුවුණා නම්.... (නි)

:       0       0

තේජාන්විත Wednesday, 17 September 2014 10:50 AM

සුබ පැතුම්! තව තවත් ශ්‍රී ලංකාවත් සමග එකටම ඉන්න. (නදී)

:       0       0

කුමාර් Wednesday, 17 September 2014 10:53 AM

ඉන්දියාව ඉදිමෙන එක අඩුවෙන්න මෙහෙම චීනය වගේ බලවතුන් සමග පෑහෙන එක අපේ රටේ ශක්තියට හොඳයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 311 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 155 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 337 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1266 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 758 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 801 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1430 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site