දිවයිනට පැමිණි ලොව දෙවන බලවතා  චීන ජනාධිපති ෂි ජින් පින්ග්  මහතා සහ  ජනාධිපති ආර්යා හෝග් ලියු ඈන්  මහත්මිය ඇතුළු  දූත පිරිස    කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන්   දිවයිනෙන් සමුගත්හ. .

චීන ජනපතිට සමුදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සෙසු මැති ඇමතිවරුන් පැමිණීමටත් පෙර සිටම කටුනායක ජාත්‍යන්තර ප්‍රභූ පර්යන්තයට පැමිණ එහි රැදී සිටියේය.

අනතුරුව අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය  ජී.එල් පීරිස්, ආර්ථීක සංවර්ධන  අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ   මහතා ඇතුළු මැති ඇමතිවරු පැමිණියහ.

ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා සහ  ජනාධිපති ආර්යා  ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙලිකොප්ටර් යානයකින්  කටුනායකට පැමිණයහ.

කොළඹ සිට ප්‍රභූ රථයකින් පැමිණි ජනපති ෂී ජින් පින්ග් මහතාව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අතට දී    පිළිගත් අතර  පසුව සෙසු  මැති ඇමතිවරු  සමග   රතු පලස මතින් ගුවන්යානයේ පියගැට පෙළ දක්වා  කැඳවාගෙන ආහ.

මේ අවස්ථාවේ ගුවන් හමුදාව සිය උත්තමාචාර පිරිනැමු අතර  පාසැල් රැසක බටහිර තූර්යවාදක කණ්ඩායම් එම අවස්ථාව වර්ණවත් කළහ. පාසැල් දරු දැරියෝ රැසක්  ශ්‍රී ලංකා සහ චීන ජාතික ධජ ලෙලදවමින්  දෙපස රැදී සිටියහ.

කුඩා දරුවන්ගේ  සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ අතරින් ගමන් ගත් චීන ජනපති සහ එම ආර්යාව ගුවන්යානයේ පියගැට පෙළ අසලදී නැවතත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට අතට අතදී සමුගත්හ.

ඉන් අනතුරුව  ගුවන්යානයේ පියගැට පෙළ තරණය කළ චීන ජනාධිපති සහ එම ආර්යාව ගුවන් යානයට ඇතුලූ වන දොරටුව අසලදී මොහොතක් නතරව ශ්‍රී ලංකාවට ආචාර කර දිවයිනෙන් සමුගත්හ.

 1 2 3 4  6 7 8 10 11 12 13 14 15 19 20 22 23 5

24 DSCF9923