IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


චීන ජනපති ලංකාවට එයි?

චීන ජනපති ෂී ජිංපින් මේ වසර අවසානයේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මීට පෙර චීන ජනපතිවරයකු ලංකාවේ සංචාරයකට පැමිණ ඇත්තේ 1986 වසරේදීය. ඒ අනුව, චීන ජනපතිවරයකු ලංකාවට පැමිණෙන් ඇත්තේ දශක තුනකට පසුව වීම ද සුවිශේෂී සිදුවීමකි.
චීන ලංකා ආර්ථික සබඳතා සහ මිතුදම් තර කර ගැනීම මෙම සංචාරයේ දී ප‍්‍රධාන අරමුණු වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි. චීන රජය මේ වනවිටත් ශී‍්‍ර ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත.

 



අදහස් (0)

චීන ජනපති ලංකාවට එයි?

එඩ්වර්ඩ් Sunday, 06 July 2014 07:39 AM

ඉතා හරසරින් අපි ඔබ පිළිගනිමු! (නි)

:       0       0

නිහාල් Sunday, 06 July 2014 09:03 AM

චීන්නු රුපියලකින් කරන්න පුළුවන් දේට රුපියල් 5 ක් වියදම් කරන කට්ටියනේ. මම කියන්නේ මම අත්දැකපු අත්දැකීම්. (නි)

:       0       0

පිටිගල Sunday, 06 July 2014 09:43 AM

සඳුනි උතුර බේරා ගත් එකේ සම්මානය හිමිවෙන්නේ අපේ රණ විරුවන්ට. චීනෙට නෙවේ, මොකක්ද චීනේ කලේ උතුර බේරා ගන්න ණය දීපු එකද? චීනේ කළා බම්බුව! ලැජ්ජයි මේ කතා වලට. (ස)

:       0       0

මාරසිංහ Sunday, 06 July 2014 12:09 PM

පිටිගල, මේ අහන්න. උතුර බේරාගත්තේ සේනාධිනායක ඇතුළු රණවිරුවන් තමයි. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් යුද්ධය ජයගන්න අවශ්‍ය අවි ආයුධ ලබාදුන්නේ කවුද? බටහිර ජාතින් අපිට අවි ආයුධ දෙන්න බැහැ කියනකොට චීනය ඇතුළු මිත්‍ර රටවල් කීපයයි අපේ පිහිටට හිටියේ. (නි)

:       0       0

උපුල් Saturday, 05 July 2014 04:43 PM

පිල්ලේ නෝනා දන්නවද ? (නදී)

:       0       0

ගාමිණී Saturday, 05 July 2014 04:49 PM

සාදරයෙන් පිලිගනිමු (නදී)

:       0       0

ඩෙන්සිල් Saturday, 05 July 2014 06:10 PM

නව යටත් විජිතය බලන්න එනවාද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 05 July 2014 06:39 PM

"චීන රජය මේ වන විටත් ශී‍්‍ර ලංකාවේ දැවැන්ත ආයෝජනයක් සිදු කර ඇත". අපිට වෙන්නෙත් දැන් පිලිපීනයට වෙලා තියෙන විනාශයම තමයි. ලංකාවේ අනාගත දරු පරම්පරාවට මොනවද වෙන්නේ? (නදී)

:       0       0

සුගතන් Saturday, 05 July 2014 07:38 PM

ටිකිරි බණ්ඩා මෝඩයි වගේ (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 05 July 2014 08:33 PM

ටිකිරි බණ්ඩාගේ කතාව හරි. එයාට මෝඩයි කියන අය තමයි මෝඩ. ලංකාවම චීනයේ පාලනයට ලගදීම යනවා. ගිනි පොලියට ලංකාවට නය දීල ඒවායින් ලංකාවට ආදායමක් එන්නේ නැති විට ලංකාවට නය ගෙවා ගන්න බැරුව යනවා. එතොකට චීනෙන් ඒවා පාලනයට ඉල්ලනවා. දැනටමත් නොරච්ච්ලේ සිද්ද වෙන්නේ එකයි. (නදී)

:       0       0

බණ්ඩා Saturday, 05 July 2014 08:44 PM

ඉන්දියාවෙන් ඉල්ලගෙන කන්න වගේ (නදී)

:       0       0

නිශාන්ත Saturday, 05 July 2014 08:44 PM

ණය පොලියවත් පරක්කු උනාද (නදී)

:       0       0

පිටිගල Saturday, 05 July 2014 08:55 PM

තව ටික කලකින් අර ටිබෙට් රාජ්‍යය වගේ ලංකාවත් අපේ කියයි.රොෂාන් , ටිකිරි බණ්ඩා හරි.එක නූනොත් තමා පුදුමේ.. (දී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 05 July 2014 08:55 PM

මෙම සංචාරයේදී අපේ අයිතිහාසික නටබුන් නරඹන අවස්ථාවේ නොරොච්චෝලේ නටබුමත් පෙන්නුවා නම් හරිම අගෙයි ! . (දී)

:       0       0

හැරිස් Saturday, 05 July 2014 09:36 PM

උණුසුම් අන්දමින් පිළිගන්නවා (නි)

:       0       0

සදුනි Saturday, 05 July 2014 09:38 PM

සාදරයෙන් පිළිගනිමු. චීනය අපට උදව් නොකළා නම් උතුර තාමත් ප්‍රභාකරන් අතේ. (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 06 July 2014 04:12 AM

චීන ජනාධිපති ලංකාවට පැමිණීම අපට ලොකු ආඩම්බරයක් වගේම ලොකු සවියක්. මෙම ශත වර්ෂයේ ලෝකයේ සිටින පළවැනි ආර්ථික බලවතා වගේම ආසියාවේ පළවැනි යුදමය බලවතා අප සමඟ සිටීම, අපේ රටට පැමිණීම කියා නිම කළ නොහැකි වටිනා දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site