ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්ට සහ උපාධි අපේක්ෂකයින්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීමට චීනයේ පිහිටි චීන විද්‍යා ශාස්ත්‍ර විශ්ව විද්‍යාලය (යුනිවර්සිටි ඔෆ් චයිනීස් ඇකඩමි ඔෆ් සයන්සස්) සූදානම් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් සිල්වා පැවසීය.
ජීව විද්‍යාව සහ පරිසරය සම්බන්ධව මෙම උපාධි පිරිනැමෙයි. සිව් වසරක ආචාර්ය පශ්චාත් උපාධි සහ ද්වි පාර්ශික ද්විත්ව පශ්චාත් උපාධි වශයෙන් කොටස් දෙකකින් උපාධි පිරිනැමෙයි.
ද්විත්ව පශ්චාත් උපාධි සඳහා චීනයේත් ශ්‍රී ලංකාවේත් උපාධි පිරිනැමෙයි. චීනය ආචාර්ය පශ්චාත් උපාධි පිරිනමයි. සුදුසුකම් ලාභීන්ට ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකිය.
එම ඉල්ලුම්පත් සැලකිල්ලට ගනිමින් ඉහළම සුදුසුකම් ලාභීන් තෝරා ගැනෙයි.
චීනයේ විද්‍යාර්ථ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සේවා පිළිබඳ අධ්‍යක්ෂක ධූරය හොබවන මහාචාර්යවරයාත් තවත් නිලධාරියකුත් සමග මහාචාර්යවරුන් දෙදෙනකුත් නොබෝදා මෙහි පැමිණියේ මහාචාර්ය රනිල් සිල්වා කරන ලද ඇරයුමකට අනුවය.
ඒ අනුව පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී ශිෂ්‍යත්ව පිරිනැමීම ස්ථිර කළ අතර ඒ සම්බන්ධව වැඩිදුර සාකච්ඡාවක්ද පැවැත්විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන චීන විද්‍යාර්ථ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානය නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ වැඩි දියුණු කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි, මම හිතන විදියට කිසිම උගත් කමක් නැතිව තමයි අදහස් පළකරන්නේ. (නදී)
බොරු කියන්න එපා සෑම්. චීනයේ විශ්ව විද්‍යාල බොහොමයක් දැන් ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල. ලංකාවේ විශ්ව විද්‍යාල එතරම් පිළිගැනීමක් නැත. අඩුම ගානේ ලෝකයේ ප්‍රදාන විශ්ව විදයාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තු අරන් බලන්න. මොන හේතුවකටද ලංකාවේ විශ්ව විද්‍යාල චීනෙට වැඩිය හොඳ වෙන්නේ. (නදී)
මෙහේ උපාධි කඩවලට හුළං (බ)
අධ්‍යාපනය සහ ලෝකය පිළිගත් සුදුසුකම් ඇති උපාධි/පශ්චාත් උපාධි සඳහා චීනය ඉන්නේ ලංකාවට වඩා හුඟාක් පහලින්. උදාහරනෙකට කියනවානම් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක පිහිටවූ 1870 සිටම එයින් සමත් වුවන් එංගලන්ත වෛද්‍ය සභාවෙන් සුදුසුකම් ලත් වෛද්‍ය වරුන් ලෙස පිළිගත්තා. ඉන් වසර එකසිය හතලිස් පහකට පසුව (2014 දී) වත් චීන දොස්තරලාව පිළිගන්නේ නැහැ. 1972 ජනරජ තොවිලයෙන් පසුව අපේ සුදුසුකම් එකවරම පිළිගැනීම එංගලන්තය විසින් නවතා දැමුවා. (බ)
දැන් ලංකාව චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි. ඉස්සරහට ලංකාවෙනුත් "චීන චුන්" ල තමයි බිහි වෙන්නේ. (නදී)
සෑම් ඔය යටත් විජිත වාදය ගැන මොනවද දන්නේ.. ඔය අවුරුදු ටික ගැලප ගත්ත නම් තෙරෙයි හේතුව (අ)
චයිනිස් ෆොන් වගේ වෙයිද දන් නෑ. (අ)
සෑම් ගේ කොමෙන්ට් එකේ තියන විදියට වගේම චීන ජනරජයේ සුදුසුකම් එංගලන්තය පිලි අරන් නැහැ . "1972 ජනරජ තොවිලයෙන් පසුව අපේ සුදුසුකම් එකවරම පිළිගැනීම එංගලන්තය විසින් නවතා දැමුවා." අපිට පුළුවන් එංගලන්තය සමග මේ ගැන කතා කරලා විසදගන්න (බ)