යුද ගැටුම් වලින් පසු යළි ගොඩනැගීම පිළිබඳ චෙච්නියාවේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව මෙරට රජයට ආරාධනා කර ඇතැයි තානාපති ආරංචි පවසයි.
මෙරට ප්‍රතිසන්ධාන කටයුතු සඳහා චෙච්නියාවෙන් බොහෝ පාඩම් ලබා ගත හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා එහි අත්දැකීම් ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට යෝජනා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතිසන්ධාන සඳහා වන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හිටපු ජනාධිපතිනිය වන අතර රුසියානු තානාපතිවරයා ඇයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කැමැත්තක් පළ කරන්නේ නම් මෙරට බලධාරීන් කණ්ඩායමකට චෙච්නියාවේ සංචාරයක් සැලසුම් කිරීමට හැකි බවයි.
රුසියානු පාලනයෙන් මිදී වෙනම රාජ්‍යයක් ඉල්ලමින් චෙච්නියා ගරිල්ලන් ඉකුත් දශක කිහිපයේදී රුසියාව සමඟ යුද වැදුණු අතර මේවන විට චෙච්නියාව පාලනය කරනු ලබන්නේ රුසියාවේ මැදිහත් වීමෙන් පිහිටවූ රජයක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා යනු අපිට නම් දැන් අවලංගු කාසියක් වගෙයි. කවුද ඇයට මේ තනතුරු දුන්නේ? (නි)
ඔන්න පැන්නා බලලා මල්ලෙන් ......හුන්ඩුවක් වගේ තියෙන රටකට මොන වෙනම රජයක් ද...(බ)
හිටපු ජනාධිපතිනිය එයා හිටපු බව සැබෑවකි; නමුත් දැන් ඉන්න ජනාධිපතිතුමා තමා දැනට ජනතා නායකයා; ඇයි චන්ද්‍රිකාට රජයේ දේට මැදිහත් වීමට ඉඩ දෙන්නේ. නිදහස් පක්ෂයේ උපදේශිකාවක් වුනත් මේ ආකාරයට මෙවැනිදේ වලට ඉඩතබනවා නම් මොකක්ද අපරටේ තිබෙන ප්‍රජා තන්ත්‍රවාදය. (බ)
චෙච්නියාවේ වුනේ චෙච්නි වැසියන්ව රුසියානු හමුදා සමුල ඝාතන කිරීමක්.. ඊට පස්සේ ක්‍රෙම්ලිනයට හිතවත් දුෂිත නායකයෙක්ව එහි නායකයා බවට පත්කළා (බ)
නාමල්, ඔබ හරි. නියම රටක් අපට උපදෙස් දෙනවා (නි)
දැන් එහෙනම් චන්ද්‍රිකා නෝනා රුසියාවෙන් උදව් අරන් දෙයි. (නි)
චෙව්නියාව අන්තවාදය මුල් කරගෙන රුසියාවෙන් වෙන්වෙන්න ගියේ. එ්ත් රුසියාවෙන් ඊට බුරුලක් ලැබුනේ නැහැ. ත්‍රස්තවාදය සහමුලින් පරාජය කළා විතරක් නෙමෙයි, ඇමරිකාවටත්, ඔවුන්ගේ ජනමාධ්‍යයටත් හොඳ අතුල් පහරක් ගැසුවා. එ්කයි ලංකාවටටත් එන්න කියන්නේ උගන්නන්න..!! (නි)
මම හිතන්නේ රුසියාව ළඟඳී සිරියාවෙන් ලබපු අත්දැකීම් ටිකක් කාට කාටත් කියනවා නම් හොඳයි කියලා. (නි)