ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට් පාර්සලයක තිබී හෂීස් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අදාල පාර්සලය සීදුවේ පිහිටි ගුවන් භාණ්ඩ පර්යන්තයේදී භාණ්ඩ නිස්කාෂණ ඒජන්තවරයා ඉදිරිපිට විවෘත කළ අවස්ථාවේ මේ බව අනාවරණය විය.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල පාර්සලයෙහි චොකලට් කැබැලි 20 ක් ඇති බවට සදහන් කර මෙරටට එවා තිබුනු බවයි.
මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හශීෂ් ටිකක් එද්දාම අනිවාර්යයෙන්ම චෝකලට් වගේ රස දේවල් අවශ්‍ය වෙනවාමි,එ නිසා ලෝකල් චෝකලට් නැතුව ඒවත් විදේශ ඒවා වලින්ම මෙයා යවල එතිනේද? (ම)
හෂීස් කියන්නේ මොනවගේ මත්ද්‍රව්‍යයක්ද? (නි)
"සුප්‍රකට දේශපාලඥයෙකු" මීට සම්බන්ධව ඇද්ද කියා සොයාබැලිය යුතුයි. (නි)
කූරියර් සේවා පාර්සලය ලබාගන්නේ එහි ඇති ද්‍රව්‍ය බලා නේද?ලබාගන්නට පෙර පාර්සලය දෙන අයගේ අනන්‍යතාවය බලනවා නේද?මෙහෙ එහෙම වුණාට එහෙ එහෙම නැද්ද? (නි)
මේ ලංකාවේ ඉන්න කාන්තාවගේ නමට නිගරු කරන්න එවපු එකක්ද දන්නේ නෑ නේද ? (ම)
මට මේ සිද්දිය ගැන හිතාගන්න බැ.එකක් චොකොලට් වගේ දේවල් (උණු වෙන නිසා)කූරියර් සේවා මගින් එවන්න බැ.කොටින්ම ගුවන් ගමන් වෙලාත් අතේ බෑගයේ දාගෙන එන්න බැ.(චෝකොලට් සුවඳ විලවුන් වගේ දේවල් )අනික කූරියර් සේවා වලින් අපි යවන දේවල් බලනවා මොනාද කියලා(යුරෝපා රටවල විශේෂයෙන් ).හශීස් වගේ දේවල් මත් ද්‍රව්‍ය වගේ දේවල් අනිවාර්යෙන් පරීක්ෂාවට ලක් වෙනවා.(ම)
චොක්ලට් කූරියර් සේවා මඟින් එවන්න පුළුවන්. නමුත් කූරියර් සේවා පාර්සලය ලබාගන්නේ එහි ඇති ද්‍රව්‍ය බලලයි. ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඔය එවපු රටේ එහෙම නැද්ද දන්නෙ නැහැ. (නි)
පිටරටක සිටින කෙනෙක් සාධාරනව නීතිගරුකව තම පවුලේ හිතමිතුරන්ට එවනදේටත් මේ පාපතර මිනිසුන් කරන දේවල් වලින් බාධා පැමිණෙන එකයි වෙන්නේ. (නි)