(මුදිතා දයානන්ද)
ඝන පූරණය නැතිවීම නිසා බස්නාහිර පළාත් සභාවේ සැසිවාරය අද (21) තෙවරක්ම කල් තැබීමට සිදුවිය.
සභාව පළමු වරට කල් තබා යළි ආරම්භ කළ ද ඝන පූර්ණයක් නැති නිසා දෙවැනි වරටත් කල් තැබීය. විනාඩි පහලොවකට පමණ පසු යළි සභාව කැඳවූ නමුත් එවරද ඝනපූරණය සම්පූර්ණ නොවූ බැවින් සභාව යළි අපේ‍්‍රල් හතර දක්වා කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා කටයුතු කළේය.
මෙම මස 07 වැනිදා පැවති පළාත් සභා සැසිවාරයේදී ද සභාව දෙවරක්ම කල්තැබීමට සිදුවූ අතර දෙවන වාරයේදී න්‍යාය පත‍්‍රයේ යෝජනා ඉතිරිව තිබියදී අද දක්වා කල්තැබීමට එදින සිටි වැඩබලන සභාපතිවරයාට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd