IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනයක ගණකාධිකාරී වරයකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (18) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය කොට්ටාව දුම්රිය පටුමගේ පදිංචි  වලතර ආරච්චිගේ ප්‍රින්ස් උපාලි තිලකරත්න නමැති (66) හැවිරිදි විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු බව පොලිසිය කියයි.

වේරහැර යුද හමුදා රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සදහා කොළඹ දෙසට ගමන් ගන්නා බස් රථයකට ගොඩවීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට සුදු ඉරෙන් පාර මාරු වෙද්දී  කොළඹ දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී මෙම  අනතුර සිදුව තිබුණි.

පසුව 1990 සුවසැරිය ගිලන් රථයකට ඇමතුමක් ලබා දුන්නද එම රථය ප්‍රමාද වීම නිසා අනතුර සිදුකළ මෝටර්  රථයේ රියදුරු විසින්ම ප්‍රතිකාර සඳහා තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී  රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය  වරුණා ජයසුන්දර මහත්මිය විසින් සිදු කළාය.

එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව රිය අනතුරකින් මොළයට වූ මොටබල බහුවිද තුවාල මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.

තවද සැකකරු අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති චමින්ද ප්‍රිය ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (35160) ඉන්දික නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (2)

ඝනකාධිකාරී පැදවූ මෝටර් රියේ ගැටී විශ්‍රාමික සාජන් මේජර් මරුට

chandima Friday, 18 October 2024 06:37 PM

මේ කියන වෙලාවේ ඝනකාධිකාරිවරයා සේවයේ ඉඳලාත් නැහැ. සාජන්ට් මේජර් සේවයේ ඉඳලත් නැහැ. වෙලා තියෙන්නේ නම සඟවා ඇති පුද්ගලයකු උපාලි තිලකරත්න නම් තැනැත්තෙකු හප්පලා මැරිලා. රියදුරා වෘත්තියෙන් ඝනකාධිකාරිවරයෙක්. මියගිය තැනැත්තා විශ්‍රාමික සාජන් මේජර් වරයෙක්. නමුත් ප්‍රවෘත්තිය මුලින්ම බලන්නාට පෙනෙන්නේ වෙනත් දෙයක්. මොනවා කරන්නද? ජාත්‍යන්තර මාධ්‍ය කලාවනේ?

:       2       31

Chandanie Saturday, 19 October 2024 05:36 AM

වාර්තාව හරියට කියවලාවත් නැහැ කියන්න පුළුවන්. දෙවැන්න නම් මියගිය අයගේ සේවයේ සමහර අයට මාර්ග නීති අදාල නැහැ වගේ කටයුතු කරන අවස්ථා අනන්තවත් තියෙනවා. ඔවුන්ගේ වාහන නැවැත්වීම මාර්ගයේ මැදද, නැත්නම් සුදු ඉර මතද කිසිවක් නොබලන තත්වයක් බොහෝවිට දකින්නට පුළුවන්... එහෙම නම් මේ සිදුවීම ගැන විමර්ශනයක් කරනවා නම් හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site