(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
(ඡායාරූප - ඩබ්.එස්. පියතිලක)
තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි. මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ (18) හබරණ පොලිස් ස්ථානයට පැමිණීල්ලක් කර තිබිණ. එම පැමිණීල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති හබරණ පොලිසිය පලුගස්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් හා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය තරුණයා හා අදාල හිමිනම ඇතුලු පිරිස අතර ඇතිවූ ආරවුලකින් පසු සැකකාර හිමි නම ඇතුලු පිරිස එක්ව තරුණයා ඝාතනය කර කැලෑබඳ ප්‍රදේශයක වලදමා ඇතැයි පොලිසිය කියයි. එම සිරුර සෙවීම සඳහා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා තිබේ. පොලිස් නිලසුනඛ අංශයේ සහයද පරීක්ෂණ කටයුතු සඳහා ලැබී තිබේ.
පෙරේදා 17 මෙම ඝාතනය සිදුවූ බවත් අදාළ තරුණයාගේ අතුරුදහන්වීමත් සමඟ ගම්වාසීන් ඊයේ (18 වැනිදා) එම තරුණයා සෙවීමේ මෙහෙයුමක් ප්‍රදේශය පුරා ක්රීයාත්මක කරද්දී සැකකාර හිමි නමද ගම්වාසීන් සමඟ එම සෝදිසි මෙහෙයුම් සදහාද එක්ව ඇතැයිද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්දයෙන් හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණි, අර උතුම් බුදු දහමත් විනාශ කරනවා. මේවා කරනකම් මහනායකවරු පට්ටම විතරක් තියාගන බලාගෙන ඉන්නවා. දේශපාලකයන්ගේ පිරිකරට ආශීර්වාද කරමින් සුඛෝපභෝගීව ඉන්නවා.
මුණ ගැසීමට පැමිණෙන එක එක ජාතියේ දේශපාලඥයින් කියන කියන දේවල් වලට එක එක නිවේදන නිකුත් කරනවාට වැඩිය, මහා නායක ස්වාමින් වහන්සේලා සංඝ ශාසනය පත්ව ඇති කනගාටුදායක විනාශය පෙන්නුම් කරන මේවගේ දේවල් ගැන වැඩිපුර සොයා බලා භික්ෂුන් වහන්සේගේ විනය නගා සිටුවීම සඳහා නිසි පිළියම් යෙදීමට නේද කටයුතු කල යුත්තේ.
මේ හිමි නම මිනීමැරුමට සම්බන්ධ බව හරිහැටි ඔප්පු වුනොත් උතුම්වූ බුද්ධ ශාසනයට සිදුවූ හානියට වගකිව යුතු මහානායක හිමිවරුන් විනයානුකූලව ගන්නා පියවර ගැන දැනගන්න කැමතියි. හැමදේටම නිවේදන නිකුත්කොට මැදිහත් වෙන උන්වහන්සේලා මෙහිදී මුනිවත රකීවිද දන්නේ නැහැ. අනේ ශාසනයකට ගිය කල..!
මොහු හාමුදුරුකෙනෙක් නොව චීවරධාරියෙක් නේද?
නීච, බලලෝභි, අසීලචාර, චීවරධාරීන් වැඩි වෙලා තියෙන්නේ. පන්සල් සංස්කෘතික මධ්‍යස්ථාන වෙලා, සංස්කෘතිය වද පීදිලා..
ගොඩක් අයගේ අදහස් වලින් පෙනී යන්නේ, එයාලා නඩුව විභාග කරලා නඩු තීන්දුවත් දී ඇති බවයි... මතකද මහත්තයෝ අර මරණ දඩුවම දෙන්න ඕනේ කියා රටම ඉල්ලපු කොන්ඩයගේ කතාව? අන්තිමට ඔප්පු වුණා නේද ඔහු නිර්දෝෂයි කියලා?
කොහෙවත් මුල්ලක පන්සලක් අටවාගෙන චීවරයක් පොරවාගෙන ඉන්න අය ගැන සෙවීම මහනායක හිමිවරුන්ට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ගමේ මිනිසුන්ට ඊට වඩා ලෙහෙසියෙන් මොවුන්ගැන සොයාබලා පන්සල්වලින් එලවාදැමිය හැකිය. පාරේ උද්ඝෝෂණවලට එන්නේ චීවර පොරවාගත් විශ්ව විද්‍යාල කොල්ලන්මය. ඒවා මැඩ පැවැත්විය හැක්කේ මිනිසුන්ටමයි. චීවරය දුටුපමණින් හතරගාතේ දමා වඳින මිනිසුන් ඉන්න රටක් හොරචීවර ධාරීන් එලවා දැමීමට නොහැක.
මේකටත් අපේ තොප්පි තමයි හේතුව කියාවිද? කෝකටත් අපේ තොප්පි තමයි වගකියන්නේ...