තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතය කළ ස්ථානයෙන් සොයා ගත් ලේ සාම්පල තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ලේ සාම්පල හා සැසඳෙන බව කැලණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නිල්මිණී සී ගුණවර්ධන මහත්මිය සාක්කි දෙමින් කීවාය.
ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් පවත්වන ආකාරය මහාචාර්යවරිය රෝහිණී වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ පැහැදිලි කළාය.
රෝගයක් හඳුනා ගැනීමට හෝ පීතෘ භාවය තීරණය කිරීමට මෙම පරීක්ෂණය යොදා ගන්නා බවත් කීවාය.
මහාචාර්යවරිය පැවසුවේ පළමු වැනි සැකකාර ලහිරුගේ ලේ සාම්පල හා එහි තිබූ ලේ නොගැලපුණු බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.