දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ උත්සහායක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් කොටි සංවිධානය මෙම සැලසුම කළේ යැයි හරියාකාරව නොදැන පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම වැරදි බවත් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා පවසයි.
දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට යම් පාර්ශවයක් උත්සාහ දරන්නේ නම් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගනිමින් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නමුත් මේ සෑම ක්‍රියාවක්ම හරිසේ නොදැන කොටි සංවිධානය පිට පැටවීම අසාධාරණ ක්‍රියාවක් බවත් සිවාජිලිංගම් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා නොදන්නා කාරණාව තමා ලෝක සම්මත නීතියට අනුව දඬුවම් නියම වෙනතුරු සියල්ලෝම සැකකරුවෝ පමණක් බව. හොඳට ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි ඇත්ත (නි)
මෙයාගේ ඇගේ තවම පුල්ලි තියෙනවා (බ)
ඔය සිවාජිලිංගම් කියන කෙනා තමයි දැනට ඉන්න මහා කොටිය. ඕකව අත් අඩංගුවට ගන්ඩ (බ)
ඔව් සිවාජිලිංගම්, ඔබ නිවැරදි. ඔයාගේ කොටි ත්රස්තයන් කවදාවත් අහිංසක මිනුස්සු මරල නැහැ. ඔයාගේ නායකවරුන්වන අමිර්ධලිංගම්, යෝගේස්වරන්, දර්මලිංගම්, තම්බිමුත්තු, සරෝජිනී, පොන් සිවරාසා, තන්ගතුරයි එතුලු මේ සියලුදෙනා මැරුවේ කව්ද? අමිර්ධලිංගම් මහත්මිය ලංකාවට ආපු වෙලාවේ කොටි ත්රස්තයන් ගැන සුද්ද දෙමලෙන් ඔයාලාට කියල ගියා නේද. (බ)
මේකව හංගපු ආයුධ පෙන්නන්න එක්ක යන්න බැරිද? (බ)
පුහුල් හොරා කරෙන් දැනේ (බ)
සුමන්තිරන් මරන්න කවුරුත් ඉදිරිපත් වෙනවා කියලා නම් මට හිතන්න අමාරුයි. සුමන්තිරන් දේශප්‍රේමියෙක්. සුමන්තිරන් අරන් එන ව්‍යවස්ථාව දේශප්‍රේමී එකක් කියලා ජනමතයක් මින් ගොඩනැඟෙන්න පුලුවන්. වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ. (නි)
මේ සමහර මිනිසුන්ට වෙන වැඩ නැද්ද ඝාතන සැළසුම් කර කර ඉන්නවා ඇරෙන්න