දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ ඔවුන් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ අන්තවාදීන් බවත්, එම ඝාතන උත්සාහයේ වගකීම දෙමළ සමාජය තුළ අන්තවාදය පතුරුවන දෙමළ ජාතික සන්ධාන සාමාජිකයින්ම භාරගත යුතු බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
ජනවර්ගවාදී, බෙදුම්වාදී දේශපාලනයෙන් ඉවත් වී ජාතික දේශපාලනයට පිවිසීමට ඔවුන් දැන්වත් කටයුතු නොකළොත් ඉදිරියේදී ඔවුන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි කී මන්ත්‍රීවරයා තමන් ආරක්ෂා කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයින්ට ස්තුතිය පළ කිරීමට තරම්වත් සුමන්දිරන් මහතා කෘතවේදී නොවීම ගැන කණගාටු වන බව ද කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දෙමළ දේශපාලන නායකයින් ඝාතනය කිරීමේ උත්සාහයන් ඇතුළු සිදුවන දේවල් අනුව රටේ ජාතික ආරක්ෂාව යම් අනතුරක පවතින නිසා පවතින ආරක්ෂක වැඩපිළිවෙල කිසිසේත් ලිහිල් නොකළ යුතු බව ද මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ත්‍රස්තවාදී මර්දන පනත අහෝසිකරලා උතුරේ හමුදා ශක්තිය අඩපන කරලා පොලිස් හා ඉඩම් බලතල දීල ජේ ආර් ජයවර්ධන උතුමාණන් කෙරුව වගේ එයාලට නිදහස දෙන්න ඕන තව එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකළා වගේ රාජපක්සලගේ ප්‍රජා අයිතිය නැතිකරලා ධර්මිෂ්ඨ සමාජයේ දෙවැනි කොටස යහපාලනය රංගදැක්වූවාම කොටි පැටවූ කිරිබීල හොඳට වැඩෙයි (බ)
හමුදාවෙන් ජිවිතේ බේරලා දුන්නට කිසි කෙළෙහි ගුණයක් නෑ වගේම, ඔය උදවිය තමන්ව මරන්න ආවත් කොටින්ට එරෙහිව එක වචනයක් කියන්නෙත් නෑ. හැබැයි කොටින් විසින් මරා දැම්ම බවට ඕන තරම් සාක්කි තියෙද්දිත් හමුදාවටම ඇඟිල්ල දික් කරනවා යස අගේට, මැරුවේ හමුදාවෙන් කියල. එහෙම නඩු දැන් ඕනේ තරම් තියෙන්නේ, 2015න් පස්සේ එක පිට එක! (බ)
පුදුමයි, කාලෙකට පස්සේ රටේ ආරක්ෂාව ගැන මතක් වෙලා! 2020ට දැන්ම ඉඳන් ලෑස්ති වෙනවා වගේ! (බ)
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
හිතාගන්න මේකත්. ඒ, එක සැරයක් ත්‍රස්තයෙක් වුණ තැනැත්තා හැමදාම ත්‍රස්තයෙක් බව. (නි)
ඕක නේන්නම් ඝාතනයට ලක්වුණ බොහෝ ද්‍රවිධ නායකයින්ට සිද්ධ වුණේ. කොයිතරම් උගත්, දක්ෂ ද්‍රවිඩ නායකයින් රටට අහිමි වුණාද..! ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයමයි. එ්කේ මොනම ප්‍රජාතන්ත්‍රවාදයක්වත් මනුස්සකමක්වත් නැහැ. (නි)