දස හැවිරිදි පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් ආරංචියත් සමග දෙතුන් සියයක පිරිසක් අතුරුගිරිය පොලිසියට අසලට පැමිණි සැකකරුවට දැඩි දඬුවම් දෙන්නැයි ඉල්ලමින් කෑකෝ ගසන්නට වු බව ප්‍රදේශවාසීහු කියති.
තවත් තුන්සියයකට ආසන්න පිරිසක් සැකකරු ඉල්ලා පානාගොඩ මාර්ගය අවහිර වනෙසේ පාරේ මැද වාඩිවී උද්ඝෝෂණයක් කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් ඉල්ලා පොලිසිය වටළන්නත් වුණා එහෙනම්? (නි)
මට එහෙම මොහු හමුවුණා නම් මම මොහු දානවා සත්තු වත්තේ සිංහ කූඩුවට (නි)
සංජය කිව්වා වගේ කරන්න තමයි තියෙන්නේ (නි)
එල්ලා මරලා වැඩක් නැහැ. විදවන්න දඩුවම් කරන්න ඕනේ.(හේ)
සැකකාරයෝ ආයුධ හංගන එක එකපාරටම නවත්වලා වගෙයි (නි)
විරෝධය දැක්විය යුත්තේ මෙවැනි අපරාද කාරයන් ගැලවා ගැනීමට ඉදිරිපත්වෙන නීති වේදින්ටය. (හේ)
මොහුට නීතිය පුළුවන් උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
හිතවතුනි, රටේ නීතිය වල්වැදීමත්, කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමත් නිසා ඇති වූ භයානක තත්වය මේ රටේ ජනතාව භුක්ති විඳිමින් සිටිති. (නි)
මිනීමරුවන්ට මරණ දඬුවම නොදෙන්නේ ඇයි කියලා කාටද නොතේරෙන්නේ? (නි)
අපේ මහින්ද මහත්තය හිටියනම් මේ වගේ අපරාද වෙන්නේ නැහැ (බ)
පසු ගිය කාලේ නීතිය වල් වැදිලා කැළේ නීතිය රජ වෙලා තිබ්බ නිසා දැන් මිනිස්සු නීතිය අතට ගන්න හදනවා. ඕක තමයි රටක නීතියේ ආධිපත්‍ය මිසක් දේශපාලකයිනගේ ආධිපත්‍යයක් නෙමෙයි අවශ්‍ය. 1977 පටන් සිද්ධ වුණේ නීතියේ ආධිපත්‍ය වල් වැදිලා තිබ්බ එකයි. මරණ දඬුවම මහජනතාවට අවශ්‍ය වෙලා තියෙන යුගයක් මේක. ඒත් මහජනතාවගේ නියෝජිතයින් වූ දේශපාලකයින්ට ඒවා ඉෂ්ඨ කරන්න අවශ්‍ය නෑ. එයාලගේ මිනී මරුවන් බේරන්න අවශ්‍ය ඇති එයාලට. (බ)
සිරිසේන ලෝකේ වටේ යනවා බොරු මානව අයිති වාසිකමක් ගැන කතා කරකර . මෙහෙ රටේ අහිංසක දරුවන්ගේ මානව අයිති වාසිකම් කඩ වෙනවා දිගට හරහට (බ)
නිහාල් හරි ..(බ)
මොකටද තවත් ප්‍රමාද කරන්නේ? (නි)
එල්ලුම් ගහ ගෙනෙන්න අකමැතිනම් අර උල තියනවා කියන්නේ රජ කාලේ ? අන්න ඒ උල තියන ක්‍රමය ඇති කළොත් වඩාත්ම හොඳයි.මාසයක් විතර විඳවලා මැරෙන ක්‍රමයකුයි ගෙනෙන්න ඕනෑ. (නි)
ඒ මිනිසුන්ගේ කෝපය සාධාරණයි (නි)
මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
මට නම් පොලිසිය ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
නිහාල් වගේ බුද්ධිමතුන් මම අගය කරමි. (නි)
රටේ සාධර්ම පිරිහීමට ප්‍රධාන වශයෙන් මේ ම්ව්බිම කෙලසු සියලූ පාලකයන් වගකිය යතුයි. (අ)
මිනීමරුවෝ එල්ලමු
දඩුවම් නියමකරන්නේ අධිකරණයෙන් මිසක් පොලීසියෙන් නෙවයි. පාරවල් වහලා කාටවත් නීතිය අතට ගන්න අයිතියක් නෑ ඝාතකයාට විරුද්දව පුළුවන් තරම් ශාක්සි අධිකරණයට ලබාදී පොලීසියට සහය දීමයි මේ අවස්ථාවේදී මහජනයා කළ යුත්තේ.(අ)
අපේ රටේ තරම් මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපචාරකාරයන්ට නීතියේ රත්තරන් හැන්දෙන් බෙදන වෙනත් රටක් නැහැ. (නි)
මේ වගේ අපරාධකරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
මෙහිදී මට ප්‍රශ්න දෙකක් මතුවෙයි. එකක් මේ මිනිසුන්ට වැඩ නැද්ද යන්නයි. ඕනෑම සිදුවීමකදී සමහර මිනිසුන් ඔවුන්ගේ සියලු වැඩ නවත්වා එය බැලීමට යයි. මේ නරක පුරුද්ද දැන් උපරිම අවස්ථාවට පැමිණ ඇත. දෙවැන්න නම් රටේ සමස්ත නීති පද්ධතිය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය බිඳවැටී ඇද්ද යන්නයි. මෙය ඉතාමත්ම නරක තත්වයකි. හේතුව මිනිස්සු සැකකරුවන්ට දඬුවම් කිරීමට පෙළඹීමයි. (නි)
අර ඉන්දියාවේ කරා වගේ පොලිසියේ කුඩුව කඩල ඕකව එලියට අරන් අර දරුවා කපුවා වගේ කෑලි වලට කපන්න තියෙන්නේ .. (අ)
ජිවිත අන්තය දක්වා හිර කරන්ඩ ඕනි. පහරයා මරන්ඩ හොද නැහැ. ඊටත් එහා දඩුවමක් ඕනි.(අ)
මේ වගේ නීතිය අතට ගන්න අය අතරින්ම තමයි මිනීමරුවෙක් අපරාධකාරයෙක් බිහිවෙනවා නම් බිහිවෙන්නේත් (නි)