(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ගොවියාට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොවිසංවිධාන මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ සඳහා ඇති නීතිය ලිහිල් කර බවද හෙතෙම සඳහන් කළේය.

ගොවි සංවිධානය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහතික කිරීමෙන් පසු ඉන්ධන පිරවුම් හලට ඇවිත් ඉන්ධන ලබාගත හැකි බවත් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ගොවියා රස්තියාදුවීම වැළකෙන බවත් ඔහු සඳහන් කළේය.

පොහොර මාෆියාවටත් රජය මැදිහත් වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.