
(විමුක්ති එස් රුද්‍රිගු)
ගූගල් සිතියම ආධාරයෙන් රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව නඩු දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු ගමන් ගත් මාර්ගයේ තිබූ පාලම කඩා වැටී අවුරුදු 5 ක කාලයක් ගත වී ඇතත් ගූගල් සමාගම තම සිතියමේ එය යාවත්කලීන කර නොමැති බවත් ගූගල් සමාගමේ නොසැලකිල්ල පිලිප් පැක්සන් ගේ මරණයට හේතු වූ බවත් පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වූ පිලිප් පැක්සන් පසුගිය සැප්තැම්බරයේ මෙම අනතුරට මුහුණ දී ඇති බවත් ඔහු දෙදරු පියෙකු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.ඔහුගේ දියණියගේ උපන්දිනය දා නැවතත් නිවසට පැමිණීම සඳහා නොදන්නා මාර්ගයක පැමිණ ඇති බවත් එහිදී ආරක්ෂිතව නිවසට පැමිණීම සඳහා ගූගල් සිතියම භාවිත කර ඇති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇත.එම අවස්ථාවේ කඩා වැටුණු පාලම උඩින් ධාවනය කරන ලෙස ගූගල් සිතියම පෙන්වා ඇතැයි පැක්සන්ගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කරමින් ප්‍රකාශ කර තිබේ.
COMMENTS
ලංකාවෙත් මාර් ග සම්බන්දවත් ගූගල් සමාගම යාවත්කාලීන නොකකරපු පාරවල්/ස්ථාන තියෙනවා.
මේක කළයුතුම දෙයක් කියන්න පුළුවන්... දවසක් අපිත් දන්නා හඳුනන කෙනෙකුගේ මංගල අවස්ථාව සඳහා අපි නොදන්නා පාරක ගියා.. එම ස්ථානය ප්‍රධාන පාර අයිනේම තිබුණත් අපිට ගූගල් පෙන්නුවේ එම හෝටලයට පෙර අතුරු පාරක් තමයි. අපි එහි කෙළවරට ගියාම තිබුණේ කැලෑවක් වගේ ගමක්. එහි මිනිස්සු එම හෝටලය ගැන කිසිවක් දන්නේ නැහැ. අපි අතරමං වෙලා බොහෝ වේලාවක් ඇවිද්දා...
මේ කතාව ඇත්ත... මටත් අත්දැකීමක් තියෙනවා. බණ්ඩාරවෙල නගරයට ගිහිල්ලා එහිසිට ලිප්ටන් සීට් යන්න ගූගල් මැප් එක දැම්මා. හරවන්න කියලා කියපු පාරේ මෝටර් බයිසිකලයක්වත් යන්න බැරි පටු එකක්. තවත් දවසක හලාවත පැත්තේ හෝටලයකට යන්න ගියා.. වෙනත් පාරක ගිහිල්ලා කලපුවකින් නතර වුණා. වට පිටාවෙන් අහලා තමා හොයා ගත්තේ...!
යකෝ උඹ හරකෙක්ද? නිකන් දෙන සර්විස් එකකට නඩු දාන්න කියන්නේ? ගාස්තුවක් ගෙව්වේ නැත්නම් එතැන වලංගු ගිවිසුමක් නෑ කියලා... හරක් මොලේට තේරෙන්නේ නැද්ද?
නිකන් සර්විස් එක අරගෙන නඩු දන්නනත් හදනවා. කොච්චර වුණත් බල්ලන්ට මිනිසුන්ට වඩා කෙලෙහිගුණ තියෙනවා.
අනිවාර්යෙන්ම නඩු දැමිය යුතුයි. ගූගල් පිස්සු කෙලිනවා. කිසිම අප්ඩේට් එකක් නැහැ. සාමාන්‍යයෙන් ගූගල් මැප් එක පාවිච්චි කරන්නේ නොදන්නා මගක යාමටයි. එය පෙන්නන්න දිසාව වැරදි වුවහොත් රියදුරා අමාරුවේ වැටෙනවා.
හිතන්න එපා මෙම සේවාව නොමිලේ ලැබෙන්නක් කියා. අප විසින් මෙම යෙදවුම භාවිතා කරන සෑම මෙහොතකදීම ඒ සඳහා අපගේ දුරකථනයේ ඩේටා අඩුවන අතර එසේ ඩේටා හරහා අය කෙරෙන මුදලින් කොටසක් ගූගල් සමාගමට බැර කෙරේ. මේ සම්බන්ධයෙන් දැනුම ගූගල් සෙවුම මගින් ලබා ගත හැකිය...