
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අට්ඨාලචේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ (ගුරු විද්‍යාලයේ) පුහුණුවන ගුරු සිසුවියන්ට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් කාලයක සිට ලිංගික අතවර කළ බව කියන එහි කථිකාචාර්යවරයකු අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කථිකාචාර්යවරයා විෂයන් සඳහා ලකුණු ලබාදීමේ කටයුතු සිදුකරන බැවින්, පැමිණිලි කළහොත් තමන්ට හිමිවන ලකුණු අඩුවනු ඇතැයි බියෙන් මෙම සිසුවියන් දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව පැමිණිලි නොකර සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව අගතියට පත් ගුරු සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව, අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd