අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරද්දී හිමි නමකට පහර දුන් ගැහැණියක අත්අඩංගුවට ගෙන හිමිනම රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ශ්‍රාවස්තිපුර අලුත්වැව බෝධිරුක්ඛාරමයේ සද්ධාරතන හිමි මේ පහර දීමෙන් සුළු තුවාල ලැබීය.
පහර දුන් ගැහැණිය ස්වේච්ඡා සංවිධානයක නිලයක් දරණ බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට නීතියෙන් දඬුවම් ලැබුනත් නැතත්. හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙයි. (ස)
ගැහැණු උනත් පිරිමි උනත් චීවරයෝ උනත්, උගත්, නුඋගත් ප්‍රබු , අද ලංකාවේ පොඩි දරුවාගේ සිට මහල්ලා දක්වාම මේ සියල්ලම මිනිස් ගුණ දම් අතින් බින්දුවෙනුත් පහලට පිරිහිලා,,,,? ඒකයි ඔහොම දේවල් අපිට මාද්‍ය තුලින් දකින්න ලැබෙන්නේ ..? (දී)
චින්චිමානවිකාවල තාමත් ඉන්නව. (දී)
පොලිසියේදී ගහනකම් පොලිසියේ මහත්හොරු පොල් ගාවද? (දී)
බුද්ධ චීවරය දරාගෙන මොනවා කලාද දන්නේ නැහැ (දී)
ගහන්න තරම් කේන්ති එන්න මොනවා කරන්න ඇතිද? (දී)
මොනදේ උනත් හාමුදුරුකෙනෙකුට ආගම් බේදයකින්තොරව හැමකෙනෙක්ම ගෞරව කලයුතුය්.විසේසයෙන්ම ගැහැනියක් උනාම සන්වරසීලි වියයුතුය්.එම අවස්තාවෙ ඇයට මොනඅපහාසයක් විදින්න සිදූඋනත් එය දරාගනීම ඉවසීම නිහඩවීම තුලින් කාන්තාවකට හිමි ගෞරවය වගේම සැමගේම ගෞරවයට පාත්‍රවෙන්න ඉඩතිබුනා.පිරිමින්ව ප්‍රකෝපකරන්නෙ එවගේම අඩදබරවලට මුලගැහැනියයි පවුල් ජීවිත අවුල් වෙන්නෙ මේනිසය්. (දී)
අපේ ආගමික නායකුට අපේ බහුතරයක් ඉන්න රටකදී කාන්තාවක් ගැහුවානම් මේ වනවිට ඒ කාන්තාවට වෙලා තියන දෙය ගැන හිතන්නත් අමාරුයි.. එක තමයි අපි කියන්නේ ශරීයා නීතිය ටිකක් හරි ලංකාවේ නීතිපොතට ඇතුල්කරන්න කියලා.. එහෙනම් මේ අපරාධ ගොඩක් අඩුවෙනවා... (දී)
ගමේ ගොඩේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බලවතිය හාමදුරුවන්ගේ දත් කුට්ටමේ දත් ගනින්න යන්න ඇති..ගණන් ගන්න එපා..නයි නලගනට බබා හම්බ වෙලාලු.. (දී)
මේ හාමුදුරුවෝ තමයි දබදිව යවන්න කියලා ලක්ෂ ගානක් අරගෙන හැංගිලා හිටියේ. (දී)
මමත් අනුරාධපුරේ. මේ අදහස් දාල තියන අය මේ චීවරධාරිය ගැන දන්නේ නෑ. පුළුවන් නම් පොඩ්ඩක් තොරතුරු හොයල බලන්න. (දී)
තිලක් අයියාට උන හොදටම වැඩියි වගේ ඒ ගමන. (දී)
මදුභාෂිනි, ඔබ ඔය දැක්ක රුප පෙළ මමත්, මෙතන අදහස් දමන අයත් දකින්න ඇති. හිමිනමට කවුරුහරි පහරදෙනවා ඔබ දැක්කද? මෙතරම් රාජ්‍ය හා ප්‍රසිද්ධ විස්වාසවන්ත පෞද්ගලික බැංකු තිබෙන අපේ රටේ මිනිස්සු තණ්හාවට හොර මුල්‍ය ආයතන වලට රිංගල කරගන්න විපත් වලට හාමුදුරුවෝ මැදිහත්වෙන්නේ ඇයි? මේ අය කලයුත්තේ සියලු දෙන එකතුවෙලා පොලිසියට පැමිණිලි කිරීමයි. යම් අවස්ථාවක පොලිසිය ක්‍රියාත්මක නොවනවා නම්, හාමුදුරුවන්ට තිබුන පොලිස් ස්ථානාධි පති තුමා හෝ වෙනත් වගකිව යුත්තෙකුව පෞද්ගලිකව මුණ ගැසී කිසියම් උපකාරයක් ඉල්ලා කටයුතු කිරීමට. අපි හොරෙකුව අල්ලලා පොලිසියට භාර දුන්නට, පොලිසිය එම හෝරාව හොරෙක් ලෙස හඳුන්වන්නේ නැහැ. පොලිසියේදී ඔහු සැකකරයෙකු පමණයි. ඒක තමයි සංවරකම හා සදාචාරය. පොලිසිය වැනි ආයතනයක් එසේ සංවර කම රකිනවා නම්, හාමුදුරුවන්ගේ වචන ඊට වැඩිය බොහෝ සංවර විය යුතුයි. අනුන් විනිශ්චය කිරීමට පෙර හැම දෙයකම දෙපැත්තක් ඇති බව අප බුද්ධිමත්ව වටහා ගත යුතුයි. අසංවර වචන වල විපාක බොහෝ දරුණු විය හැකියි. බුද්ධ ධර්මය මෙන්ම ලෝක ධර්මයත් එයයි. (දී)
ගහපු එකනම් මමත් අනුමත කරන්නේ නැහැ ,හැබඊ නිකන්ම ගහන්නෙත් නැහැ.අනිත්තෙක පොලිසියේ ඇතුලේ මෙච්චාර ලොකු චන්ඩි වැඩක් කරන්ඩ (දී)
අපිට මේ දෙන්න දෙන්නෙක් විදිහට පෙනුනට කවුද දන්නේ ලොකු ප්‍රශ්නයක්ද කියල ඕක (දී)
ලක් බුදුසසුනේ මුල්වරට සිදුඋන දෙයක් නිසා සාසන ඉතිහාසයේත් ලියවෙයිද (දී)
එයාට උණ විකාරේ නිලූ නංගි (දී)
පුජ්‍ය පක්ෂය ගිහියන් ගේ වැඩ කටයුතු වලට මැදිහත් වනවිට ඉතා කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් අතපත ගෑමත් බුදුන් දවස ඒ කාලයේ කැප නැති වුනානම් අනුන්ගේ මුල්‍ය අර්බුධ වලට මේ කාලයේ සම්බන්ධ වීම නැති ප්‍රශ්න ඇති කරන්නක්. (දී)
මෙන්න මේකයි අද රටේ තත්ත්වය (නි)
හාමුදුරුවෝ ඉන්න ඕන පොලිසියේ නෙමේනේ. අනවශ්‍ය තැන් වලට ගියාම අනවශ්‍ය දේවල් වෙනවා (නදී)
කාන්තාවක් පොලිසිය ඇතුළේදීම මෙහෙම කළා නම් ඒ කියන්නේ ඒ කාන්තාවට ලොකු වැරැද්දක් වෙලා වෙන්න පුලුවන් (නි)
හාමුදුරුවන්ට තිබුණු ගරුත්වය නැතිකර ගත්තේ ඔබ වහන්සේලාම තමයි. මේ දේවල් මෙහෙම වෙයි කියල අපිට මිට කලින් දැනුනා. (නදී)
අපේ රටට ෂරියා නීතිය නම් එපා. මේ ගැන වාද කලොත් ආගම් බේදයක් ඇති වෙනවා. (ස)
අර්ථයෙන් ධර්මයෙන් පැන විසඳන ස්වාමීන් වහන්සේලාටත් පොලිසි යන්න උනේ ඇයි කියලයි හොයල බලන්න ඕනෙ.පොලිසිය ඒක පාර්ශ්වික උනාමත් මෙහෙම දේවල් වෙනව.කාන්තාවන්ට පමනක් දොස් නගන්න කලින් ස්වාමීන් වහන්සේ පිලිබඳවත් හොයල බලන්න.(අ)
ඇයි ගහලා තියෙන්නේ? (නදී)
බවලතියක් ගේ ප්‍රකෝපකාරී හැසිරීම ගැන මේ පුවතේ තිබෙන විට ඊට අදහස් දක්වනවා වෙනුවට ලංකා තිලක් දරු ප්‍රසුතියක් ගැන වද වෙනවා,...නයි නළඟන ඔබේ නෑදෑයෙක් වෙන්නැති තිලක්..හරියට ප්ලාස්ක් එකට මොල්ටෙඩ් මිල්ක් දමා ගෙන වාට්ටුවට දුවන්න සුදානමින් වගේ තමා ඔබ අපිට ආරංචිය කිව්වේ. (නදී)
ලංකා තිලක් ගේ දත් කුට්ටමටත් මේ වගේ පහරක් මීට කලින් බවලතෙක් ගෙන් එල්ල වෙලාද කොහෙද ..හැම තිස්සෙම බවලතුන්ගේ දත් ගණන් කරන කතාවක්. මෙතන අදහස් ලියන පිරිමි පාර්ශවයේ කාටවත් නැති ප්‍රශ්නයක් තමා තිලක් ට තියෙන්නේ. (නදී)
අනේ දෙවියනේ! (නි)
යුක්තිය සාධාරණය හරියාකාරව ඉටුනොවන විටත් ඔහොම දේවල් වෙන්න ඉඩ තිබෙනවා (නි)
ලංකා තිලක්ගේ පිස්සුව නම් හොඳටම වැඩි වෙලා වගෙයි නේද? (නි)
මම නම් කිසිසේත්ම මේ කළ දේ අනුමත කරන්නේ නැහැ (නි)
අපි මේක ගැන අර ආගම පිළිබඳව හැදූ පොලිසියේ පැමිණිල්ලක් දාමු (නි)
පොලිසිය ඇයට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගෙන නැද්ද? (නි)
මොකක් හරි හේතුවක් ඇති. භික්ෂුවකට කාන්තාවක අත ඉස්සුවා කියන්නේ කොහොමටත් හොඳ දෙයක් නෙමෙයි.නමුත් ඇත්ත සිද්ධිය ගැන දැනුවත් වීම වැදගත්. (නි)
හිමිනම අතේ වරදක් ඇතියැයි මම නම් හිතන්නේ නැහැ (නි)
ගැහැනියක් හිමි නමට ගහනකන් අනික් අය බලාගෙන හිටියද? අනේ මම ළඟ හිටියා නම්, (ස)
නිලේ බලේ නේද? (ස)
පොලිසියේ මහත්වරු නිර්වින්දනය කරලද හිටියද? හිමිනම රෝහල් ගත කරන්න තරම් පහර දීම දරුණු වුනේ, ආයුධයකින් පහර දුන්නාද, එහෙම නැත්නම්, ඇය කරාටේ ශුරියක් වෙන්න ඕන. (අ)
ගැහැණු සංහතියටම කරන නිගාවක් ලෙසයි මම නම් මෙවැනි සිදුවීම් දකින්නේ (නි)
අනිත් ආගම් වලට අදාලව සමාජයේ සිද්ධ වෙන දේවල් වලට මේ තරම් ප්‍රචාරයක් මාධ්‍යයෙන් ලබා නොදෙන්නේ මන්ද ?මේ එකම සිද්ධියකින් වත් ලෝකයේ සත්‍ය නිර්මල බුදු දහම නොසැලී තියේ. (ස)
ගැහැණියට පොලිසිය නිකන්ම යන්නට ඉඩදුන්නාද? නැතහොත් යම් ක්‍රියාමාර්ගයක් ගත්තාද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)
නිකම්ම පහර දෙන්නේ නැහැනේ. මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
මෙතෙන කොහේ හෝ වරදක් ඇති නිකම්ම මේ වගේ දේවල් වන්නේ නෑ (දිල්)
සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නැහැ. සීලය රකින්න ඕන. මට නම් හිතෙන්නේ බරපතල වරදක් හාමුදුරුවන්ගෙන් වෙන්න ඇති. (ස)
එකත් එකටම දේශපාලන බල මහිමයක් ඇති කාන්තා රත්නයක් වෙන්න ඇති. බලමුකෝ, පසුවට දැනගන්න ලැබෙයි. (නි)
කවදා හරි අපේ ලංකා තිලක් උන්නැහෙත් මේ වගේ නාහෙට අහන්නේ නැති බවලතෙකුගෙන් පාඩමක් ඉගෙන ගන්නවා. මෙතන අදහස් දමන කාන්තාවන්ට උපහාස කරගත්ත ගමන් ම නේ ! (අ)
දරන තනතුර ගැනවත් අවබෝදයක් නැති ගැහැනියක් නේද? මේ වගේ අයට නිසි දඩුවම් කරන්න (අ)
කවුරුත් නිරපරාදේ ගහන්නේ නැහැ තමයි. කුමක් හෝ හේතුවක් ඇති (නි)
බුදු බණ දෙසුවා නිරන්තරේ ...බුදු බණ ඇසුවා නිරන්තරේ...ගති ගුණ අතින් මේ අය තවමත් මහා වනන්තෙරේ .....ජිවිතේ මල් මේ අය විහින් පල්. (ස)
මොන දේ වුණත් ගහපු එක නම් අනුමත කරන් නැහැ.මහා පාපයක් කරගෙන තියෙන්නේ (නි)
ඇයි එහෙම පහර දුන්නේ? මොකක්ද ඇයට සිදුවූ වැරැද්ද? (නි)
අපොයි දෙවියනේ! මේ මොකද වෙන්නේ? (නි)
පොලිසියේ අය ඒ කාන්තාවට විරුද්ධව පියවරක් අරගෙන නැද්ද? (නි)
මොකක්ද හොයල බලන්න හේතුව. (අ)
පොලිසියේ මහත්වරුන්ට තිබ්බේ නෝනට කනේ පාරක් දෙන්ඩ? පොලිසියේ ඇතුලේ වැරදි විදිහට හසුරුනාට. දැන් කාලේ ගෑනුන්ට නිවන් යන්ද ඕනේ නෑ ,අපාය හොඳයි, (අ)
හේතුව අපිට පසුවට දැනගන්න ලැබෙයි (නි)
දැන් ඉතින් මේකට මොකක්හරි හේතුවක් ඇතිනේ. (නි)
මේ සංවිධානය අන්‍යාගමික එකක්ද ? (දී)
පසුගිය දිනවල සිදුවුණ යම් යම් ක්‍රියාකාරකම් නිසා ස්වාමීන් වහන්සේලට මිනිසුන්ගේ තිබුණ ගෞරවය යම් තරමකින් අඩු වුණා (නි)
මෙතන හොඳම ප්‍රතිචාරය තියෙන්නේ ලංකාතිලක්ගෙන් කියල මට හිතෙනවා. (දී)
සිවුරක් පෙරෙවූ පමණින් මහණෙක් වේද ....? වරදක් නැතිව ගැහැණිය ගුටි බැට දේද..? මොනවා වුනත් අත උස්සපු එක හරිද..? (දී)
කවුද හරි -කවුද වැරදි (දී)
මට මේකට කියන්න තියෙන්නේ එක දෙයයි. කොහොමද ලංකාවේ අපේ කාන්තාවන් හැසිරෙන හැටි? (නි)
හාමුදුරු වරු කියන්නේ තමාගේ මුළු ජීවිතේම සමාජයට කැප කරන පිරිසක්. අනිත් අය තමාගේ සතුට යහපත හොයනවා ආත්මාර්ථ කාමිව. ඔය බින්න ගහන අය එක දවසක් මහන වෙලා පුලුවන්නම් ඉන්න. (ස)
පන්සල ඇතුලේ බන කියන්න ගිහිල්ල නෙමේනේ ගුටිකාලා තියෙන්නේ. එහෙනම් අපිට කමක් නැහැ. සොරිම තමයි. (දී)
මෙහෙම හැසිරෙන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මේ කාන්තාවට ස්වාමින් වහන්සේගෙන් සිදුවූ වරද කුමක්ද? (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. මෙතන මොකක් හරි ලොකු හේතුවක් ඇති පොලිසියට ඇවිල්ල චීවරේ ගැනවත් නොහිතා ගහන්න තරම්. නැත්නම් ගැහැණියක් තියා පිරිමියෙක්වත් මොන චණ්ඩියා වුණත් හාමුදුරු නමකට ලේසියෙන් ඔය විදිහට අත උස්සන්න පෙළඹෙන්නේ නැහැ. ගෑණු කෙනාට මඩගහනවට වඩා මේක ගැන හරියට හොයලා බලලා කතා කරොත්නම් ඒක ගොඩක් වටිනවා. විශේෂ හේතුවක් නැතුව මනුස්සයෙක් ස්වාමීන්වහන්සේ කෙනෙක්ට ඔය විදිහට අත උස්සන්නේ නැහැ. (දී)
මොන වගේ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ මෙතන තියෙන්නේ? (නි)
අනේ මන්දා! දැන් කාලේ අහන්න දකින්න ලැබෙන්නේ පුදුමාකාර දේවල් (නි)
ඔබ කිසිවක් නොදැන අඳුරේ අතපත ගාමින් තවමත් සොයන්නේ මොනවාද.? කමකට නැති කුණු වූ දේශපාලනයක ඉඳුල් අනිත් අයගේ ශරීරවල තවරන්නට එපා. මේ සිදුවීම බෙහෙවින් පුද්ගලික එකක්. පුද්ගලිකව පවත්වාගෙන ගිය පවුල් බැංකුවක් සම්බන්ධයෙනුයි මේ සිද්ධිය ගොඩනැගෙන්නේ. ගැමියන්ගේ ඉල්ලීම මත හිමි නම පොලිසියට යන්නේ පවුල් බැංකුව නිසා ගැමියන්ට සිදුවන අගතිය ගැන පැමිණිලි කිරීමටයි. එහිදී එකී බැංකුවේ සාමාජිකාවක කෝප වෙනවා. හිමිනම පහර කෑමට ලක් වෙන්නේ ඉන් පසුවයි. මේ සිද්ධිය රුපවාහිනි තිරය මත අනාවරණය වූවේ එලෙසයි. (ස)
ප්‍රනාන්දු මහත්තයෝ, හාමුදුරුවන්ට ගැසූ හේතුව හොයන්න ඔයතරම් කලබල වෙන්න එපා (නි)
හාමුදුරුවන්ට ගහන්න තරම් හේතුව මොකක්ද? (නි)
ඉස්සර නම් හාමුදුරුවෝ පොලිසි වල ගියේ නැහැ. ගැහැණු එක්ක නඩු කියාගත්තෙත් නැහැ. එහෙම ගියත් පොලිසියේදී ලොකු පිළිගැනීමක් තිබුනා. දැන් එහෙම නැතුවාවද්ද? එක කාන්තාවක් වරදක් කළා කියලා මුළු ලංකාවේම ඉන්න කාන්තාවන්ට ගහන්න වගේ මෙතන ඉන්න වීරයන්ගේ කල්පනාව. (නි)
ප්‍රශ්නේ සුලමුල හොයන්නේ නැතුව මුළු කාන්තා සමාජයට බනින එක වැරදි නේද? (අ)
මොන ප්‍රශ්නයක් තිබුනත් කාන්තාවක් විදිහට එය කරපු වැඩේ අනුමත කරන්න බැ (අ)
අනේ! මෙතන අදහස් දාන පිරිමි වීරයන්ගේ මුහුණු ටික බලන්න ආසයි (නි)
දැන් වෙන සමහර දේවල් නිසා හාමුදුරුවන්ට තිබූ ගෞරවය මිනිසුන්ගෙන් ගිලිහී ගිහින් (නි)
මම නම් හිතන්නේ අපේ හාමුදුරුවන් වහන්සේලා එකතුවෙලා මේ ගැන මොනවාහරි කරයි (නි)
මොනවා වුණත් සංඝයා වහන්සේලාට මෙහෙම සළකන එක වැරදියි (නි)
අනේ මන්දා අපේ රටේ සාරධර්ම වලට මොනවා වෙලාද කියලා (නි)
මේවා තනි තනි සිද්ධි වශයෙන් ගෙන කතා කිරීමෙන් වැඩක් නැහැ. දුෂිත සමාජය විසින් අමනෝඥ ලෙසින් වැපිරූ දේවල් වල අස්වැන්න තමයි මිනිසුන් අද නෙළාගන්නේ. (නි)
මොකක් ද ? හේතුව ගහන්න එකත් ලියන්න නිකම් ම ගැවුවා කියල කියන්න එපා (අ)
පොලිසියෙ ඇතුළෙ මෙහෙම දෙයක් වුණා කියන එකත් පුදුමයක් (නි)
ගැහැණුන් සමඟ රණ්ඩුවට යන එක නම් නුවණට හුරු නැහැ. උන්වහන්සේලාගේ ගරුත්වයට ගැළපෙන්නෙත් නැහැ. ඉස්සර නම් හදවතේ තිබෙන ගෞරවයට මෙසේ ලියැවෙන එකකුත් නැහැ. මම නම් පුදුම වෙන්නේ මේ සිද්ධිය පොලිසියේ, පැමිණිල්ල විභාග වෙමින් තිබුන අවස්ථාවේදීම සිදුවීමයි. (නි)
හරිවිදියට බුදුමගේ ගියානම් ඔහොම වෙන එකක් නැහැ. (දී)
පේනවා නේද කාන්තා ආධිපත්‍යයේ තරම? (නි)
දෛවයේ සරදමකින්වද්ද මෙහෙම වුණේ? (නි)
කාන්තාවන්ට සිද්ධිය ගැන තේරුනාට අනිත් අයට තේරෙන්නේ නැහැ වගෙයි (නි)
මේක මොන වගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද? (නි)
මොකද්ද පැමිණිල්ල ?ඇය ගැහුවේ ඇයි?හිමි නමට තියන චෝදනාව මොකද්ද ?ඔහු බික්ෂුත්වය කෙලෙසාගත් කෙනෙක්ද?මොනවා උනත් තව කෙනෙක්ට ගහන්න කාටවත් අයිතික් නැ. (දී)
මොන තරම් දරුණු වැඩක් කරලා ඇත්ද ගහන්න තරම් (දී)
හිරාන් , ඔබ තවම ගල් යුගයේ ඉන්න කෙනෙක් වගෙයි .(දී)
පහරදීම අනුමත කරනවා නෙමේ.එත් චීවර දයකුට අත උස්සන්න තරම් ආවේගයක් එන්න කුමක් හෝ ලොකු වැරද්දක් වෙන්න ඕනේ.එක්කෝ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් වියයුතුයි.ගොඩක් දුරට සමහරක් හාමුදුරුවරු හැසිරෙන්නේ චිවරෙටත් අගව්රව විදිහට.තිත්ත තමා එත් ඇත්ත ඕකයි. (දී)
හාමුදුරුවොත් ගුටි කන වැඩක් කරලාද කව්ද දන්නේ? (දී)
අපි කොච්චර කීවත් ඇත්ත කියන දේ හරි තිත්තයි ඒකයි ඇත්ත(දී)
මොන ප්‍රශ්නය තිබ්බත් චීවරයට ගරු කරන්න තිබුනා (දී)
ගහන්න තරම බරපතල හේතුව මොකක්ද? (දී)
ඒ තරම් දෙයක් වෙනකන් පොලිසිය පොල් කැඩුව ද දන්නේ නෑ.......... (දී)