IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ගැහැණු වැඩ අරඹති

2016-05-13-ent-18

හිච්චිම හිච්චි කොලූ ගැටයෙක් කාලේ දහම් පාසලේදී ඉදිරිපත් කළ මුල්ම රංගනය අවසන් වූ පසු ධර්මප‍්‍රිය ඩයස්ගේ සිතේ ඇති වූ සුන්දරත්වය වචනයෙන් කියා නිම කළ නොහැක්කකි. නළුවෙක් වෙනවා යැයි අදහසක් සිතේ කොනකවත් නොතිබුණත් ළමයි ලෙස හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාව මහමෙරක් ලෙස ඩයස්ට සිතුණි. කැස්බෑව වැවේ නාට්‍යයක් පෙන්නනවා යන ආරංචිය ඩයස්ට එන්නේ මේ අතරය. එතැන් සිට ඔහුගේ සිත කියන්නේ එය නැරඹීමට යන්න කියාය. අවසානයේ නිවසට හොරා නාට්‍යය නරඹන්නට යන ඩයස් ඒ දෙස බලා සිටින්නේ අපූර්වත්වය මුසු දෑසිනි. රංගනය පිළිබඳ සිතේ තිබෙන ආසාව දෙගුණ තෙගුණ වී මාත් කවදා හෝ නළුවකු විය යුතු යැයි සිතුවිල්ල ඩයස්ට එන්නේ කැස්බෑව වැව අසලදීය. එදායින් පසු ක‍්‍රමානුකූලව රංගන ලෝකයේ දොරගුළු හැරගන්නා ඩයස් වර්තමානය වන විට සිනමා නළුවකු ලෙසත් නාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙසත් අසීමිත ජනප‍්‍රසාදයකට හිමිකම් ලබා සිටී. ධර්මප‍්‍රිය ඩයස්ට කලා ලෝකයේ අය ආදරයට අමතන්නේ ඩයියා කියාය. ඩයියා රූපවාහිනිය වෙනුවෙන් රංගනයෙන් දායක වන අලූත්ම ටෙලි නිර්මාණය ජනක සුරංජිත්ගේ සිල්ලර කාසිය. රසික සූරවීර ආරච්චිගේ පිටපතකට අනුව තැනුනු එම නිර්මාණයේ අපූරු රංගනයක ඩයස් නිරත වේ. මේ දිනවල අසීමිත ප‍්‍රතිචාර ලබමින් විකාශය වන ‘සිල්ලර කාසි’ ටෙලි වෘත්තාන්තය පිළිබඳ ඩයස්ගෙන් යමක් නොවිමසුවහොත් එය අඩුවකි. මේ දවස්වල ඔබ සිල්ලර කාසි අතගානවා කියලා ආරංචියි. මා ඒ පැනය ඩයස්ට යොමුකළේ චිත‍්‍රපට සංස්ථාවේ පැවැති චිත‍්‍රපට උළෙලක් නරඹන්නට ඩයස් පැමිණ සිටි මොහොතේය.

"මගේ පැනය එකවරම තේරුම් ගන්නට නොහැකි නිසා දෝ ඩයස් සුපුරුදු විමසිලි බැල්ම මා වෙත හෙළයි. ‘‘මං හිතන්නේ සිල්ලර කාසි ටෙලි නාට්‍ය ගැන ඔය අහන්නේ. ඉතාම හොඳ පිටපතකට අනුව මං ආසම කරන චරිතයක් මට එහි රඟපාන්න ලැබුණා. මට වගේම අනිත් නළු නිළියන්ටත් රඟපාන්න දෙයක් ඒ පිටපතේ තියෙනවා. කර්මාන්තයක් විදියට යම් පසුබෑමක ඉන්න කාලෙක කරපු හොඳ වැඩක්. මෑත කාලයේ ඒ වගේ හොඳ චරිත ගණනාවක් මට නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණා."

ඩයස්ට පේ‍්‍රමකුමාර කරුණාරත්න ගුරුවරයා හමුවන්නේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේදීය. ඩයියාගේ රංගන ජීවිතයකට පෙරළෙන්නට හේතු සාධක වූ කාරණය එයයි. එතැන් පටන් යෞවන සම්මාන, රාජ්‍ය සම්මාන ලැබීම දක්වා රංගන ජීවිතයේ පන්නරයක් ලබන ඩයස්ට නොසිතූ වීරූ මොහොතක නලින් මාපිටිය හඳුනාගැනීම හරහා බන්දුල විතානගේ නාට්‍යකරුවා හඳුනාගැනීමට ලැබේ. රෝමය ගිනි ගනී නාට්‍යයට සම්බන්ධ වීමට ලැබෙන්නේ ඒ අනුවය.

රෝමය ගිනි ගනී, කියන්නේ මට රංගන පාඨමාලාවක්. ඒක සීරියස් කොමඩි නාට්‍යයක්. දෙබස් පාඩම් කරන තැන ඉදලා චරිතයක් දක්වා ඒක ක‍්‍රමානුකූලව වර්ධනය කරගන්නා හැටි දක්වා මං බලා සිටියේ විශ්මය ජනකව රෝමය ගිනි ගනී ඒ කාලේ ලංකාව පුරාම ප‍්‍රදර්ශනය වීම හරහා විශාල අත්දැකීම් ගණනාවක් ගැනීමට හැකිවුණා.

"ඩයස් රෝමය ගිනිගනී" නාට්‍යයට යන්නේ සහය වේදිකා පරිපාලකවරයකු විදියටය. එතනින් පසු කේ.බී. හේරත්, ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, නීල් අලස්, තිලක් නන්දන හෙට්ටිආරච්චි, පූජිත ද මැල්, චාමික හත්ලහවත්ත, සරත් කොතලාවල වැනි නාට්‍යකරුවන් ගණනාවකගේ නිර්මාණවලට සම්බන්ධවීමට ඩයස්ට අවස්ථාව උදාවේ. වේදිකාව හා සිනමාව වැඩිපුර අසුරු කරමින් එන ඩයස්ගේ රංගන ජීවිතය මහත් විපර්යාසයකට ලක්වන්නේ උබර්තෝ පාසලොනිගේ "මචං" සිනමාපටයට සම්බන්ධ වීම හරහාය. ඩයස්ව සිනමා පේ‍්‍රක්ෂකයන් නළුවකු ලෙස හඳුනාගන්නේද ඩයස් සම්මානනීය සිනමා නළුවකු වූයේද "මචං" සිනමා පටය හරහාය.

 

2016-05-13-ent-17

 

"මචං" කියන්නේ, මොකක්ද කරන්නේ කියලා හිත හිතා ඉන්න කාලේ මා වෙත ඇදී ආපු චිත‍්‍රපටයක්. රුවන්ති ඞී. චිකේරා මා ගැනම හිතාගෙන තමයි තිරපිටපත ලිවුවේ කියල ඇය මට කියලා තියෙනවා. රුවන්ති මාව හඳුනා ගත්තේ "හයිනා" නාට්‍යය එක්ක ඉන්දියාවට ගිය වෙලාවේ. කොහොම නමුත් අවසානයේ උබර්තෝ පාසලොනි හා ප‍්‍රසන්න විතානගේ මාව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා තමයි චිත‍්‍රපටියට මාව සම්බන්ධ කරගත්තේ. සමහර විට මේ චරිතය මගේ ඒ කාලේ තිබුණු ඇඟ නිසා නොලැබී යන්නත් තිබුණා. මං නොකා නොබී ඉදලා කරපු කැප කිරීම් නිසා තමයි මේ චරිතය මට ලැබුණේ.

ඩයස් වේදිකාවේ නළුවකු ලෙස ස්ථාවර වන අතරතුර මුලින්ම නාට්‍යය අධ්‍යක්ෂණයට අත ගැසුවේ "ගැහැණු වැඩ අරඹති" නාට්‍යයෙනි. එහෙත් අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු වැඩි පේ‍්‍රක්ෂකයන් පිරිසක් අතරට ගියේ "සාදය මාරයි සල්ලි හමාරයි" නාට්‍යයෙනි. ඩයස් වෙනස්ම ඉසව්වකට මේ නාට්‍යය හරහා යොමු විය.

"රෝමය ගිනි ගනී", වැඩ කරන කාලේ පුංචිකමට මට හිතිලා තිබුණා මේ රචකයාගේම වෙන නාට්‍යයක් නිර්මාණය කරන්න ඕන කියලා. අවුරුදු 20කට පස්සේ මගේ ආසාව ඉෂ්ඨ කර ගන්නත් නොසිතූ විදියට ලංකාවේ ජනප‍්‍රිය නාට්‍යයක් කර ගන්නත් මට හැකියාව ලැබුණා.

ඩයස් ජනප‍්‍රිය නළුවකුට, අධ්‍යක්ෂවරයකුට අමතරව දෙහිවල ශාස්ත‍්‍රානන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙසද කටයුතු කරයි. රංගන වගකීම්, ගෙදර වගකීම් මෙන්ම පාසල් වගකීම් ද ඉටු කරමින් කලා මාවත දිගේ දිගටම ඉස්සරහට යන්න ධර්මප‍්‍රිය ඩයස්ට අපි සුබ පතමු.

 

අමිල චින්තක ගමගේ

 

 

sandalla

 

2016-05-13-ent-16

 

 

 

 

 

 

 



අදහස් (0)

ගැහැණු වැඩ අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site