විනීතා එම් ගමගේ
ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.
විදේශ රැකියා නියෝජිත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ‍්‍රමිකයින් සඳහා ද නිල ඇඳුමක් හඳුන්වාදීමට නියෝග ලබාදී නොමැති බවද කාර්යාංශය පවසයි.
මේ දිනවල සමාජ ජාල තුළ සැරිසරන නිල ඇඳුමින් සැරසී ගත් කාන්තාවන් පිරිසක් රැකියා සඳහා පිටත්ව ඡායරූප සහිත වාර්තාවන් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමු වී තිබේ.
කාර්යාංශය විසින් ලබාදෙන පුහුණු පාඨමාලා වලදී විදේශ රැකියා සඳහා පිටත්වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් පමණක් දැනුවත් කිරීම් සිදුකරනු ලබන බව ද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අඩුම ඇන්දත් ගෘහසේවට ගෑණු යවන අපේ රටට ගරුත්වයක් ලැබේවිද?
බාල්දු කරලා හරි රට යන එක නැවත්තුවනම් හරි
දැන්වත් මේ මෝඩ වැඩේ නතරකරන්න. නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් රටේ හදලා වැදගත් රැකියාවලට ගැහැනුන් නොවේ පිරිමින් යවා රට ආදායම හොයාගන්න තම පවුල නඩත්තු කළ හැකි වැටුපක් ලබන ඕනෑම කෙනෙකුට තම පවුල එරටට ගෙන්වාගන්න පුළුවන්. එහෙම වුනොත් සියලු දෙනාට යහපතක් වේවි. ශ්‍රිලංකාවේ ගමන්බලපත්‍රය අතටගන්න සමහර රටවල ගුවන්තොටුපොළ සේවකයන් සිරිලංකා යනුවෙන් හඳුන්වන වාරයක් ගානේ අපට හිතෙන්නේ හිතා මතා අපව පහතටම දමා සලකනවදෝ කියලා.