ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථීර මහලේකම් හෝ ලේකම්වරයා කවුරුන්ද යන්න තීරණය කිරීම සදහා එම කොංග්‍රසයේ තීරණාත්මක උත්තරීතර මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (14) සවස කොළඹ කොම්පඤ්ඤ වීදියේ දරුස්සලාම් කොංග්‍රස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් හා මහ ලේකම්වරයෙකු වශයෙන් ලේකම්වරුන් දෙදෙනකු සිටිය නොහැකි බවට හා බ්‍රහස්පතින්දාට(15) පෙර ස්ථීර ලේකම්වරයා හෝ මහ ලේකම්වරයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙසට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වයට දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd