වන්නිය හා මඩකලපුව හැර දිගාමඩුල්ල, පුත්තලම, කළුතර, කුරුණෑගල, මහනුවර හා ගම්පහට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග තරග කරන බවත්, මඩකලපුවට හා වන්නියට තනිවම තරග කරන බවත් එහි නායක රවුෆ් හකීම් කියයි.
නාමයෝජනා සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීවේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති දිනවීමට කළ හැකි සියල්ලම කරන බවත් පසුගිය ජනවාරි 8 වැනිදා ඇතිකළ යහපාලන විප්ලවය ඉදිරියටම ගෙන යාමට ඇප කැප වන බවත් රවුෆ් හකීම් පැවසීය. ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවද කීවේය.
යහපාලනය සඳහා වන ජනතා පෙරමුණට මඩකලපුවෙන් ආසන දෙකක්ද ත්‍රිකුණාමලයෙන් ආසනයක්ද ලබාදීමට එකඟවී ඇති බව හකීම් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වන්නියට සහ මඩකලපුවට වෙනම තරග කරන්නේ.(හේ)
මේ අය දන්නවා වෙනම ඉල්ලන්න ඕනේ මොනවද එකට ඉල්ලන්නේ මොනවටද කියල. ඔවුන්ගේ අය පක්ෂය බලන්නේ නැතිව ඔවුන්ට දෙන බව ඉතිහාසයෙන් මොවුන් දන්නවා. (ස)
බහුතර බල අරගලය. (ස)
මේ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න ඕන සූකර ලකුණෙන්. රටට කිසිම වැඩක් නැති අය. (ස)
පිවිතුරු යහපාල හිතන දේවල් හීනයක් විතරයි (නි)
වැල යන පැත්තට මැස්ස ගහන අය මේ.(හේ)
වාසි තැන්වල තනිව. අවාසි තැන්වල හවුලේ. (හේ)
මට නම් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
ඒක ඉතින් එයාලගේ කැමැත්තනේ! (නි)
අනේ ඒකට අපේ අය! හරිම බුද්ධිමත් (නි)
මේ අය අත්තෙක් අත්තට පනිනවා.(හේ)
කොහොම නමුත් ඔවුන්ගේ ඇත්තේ පුදුමාකාර එකමුතුවක් (නි)
අවස්ථා වාදියෝ (නදී)
ජයවේවා ඔබට! (නි)
වැඩි මන්ත්‍රී ගානක් අරගෙන පොඩි ප්‍රතිශතයක් ඉන්න ඔවුන්ගේ ජාතිය ලොකු කරලා පෙන්නලා පත්වෙන ආණ්ඩුවට බලය පෙන්වන ක්‍රමවේදය මේක තමයි. හැමතැනටම තනියම ඉල්ලුවානම් හොඳයි නේ (ම)
මහින්ද ආණ්ඩුවේදී ඔය ගස් ටික අපි කපනවා. මේ අයට දේශපාලනය කරන්න දෙන්න හොඳ නැහැ. (ස)
කෙටියෙන් කිව්වොත් අලියාගෙන් තමා. පසුව එකතුවෙලා වාසි ලබාගන්න බලාගෙන මෙයාල ඉන්නේ. (ස)