IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගහේ තීරණය අදත් නැති පාටයි

කොන්දේසියක් නොමැතිව එක් පාර්ශවයකට සහාය දීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඇරැඹුණු උත්තරීතර මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.

කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් නොගැනෙතියිද ඒ සඳහා තවත් දින දෙක තුනක් ගතවෙතියිද එහි උසස් නිලධරයෙක් ස්වල්ප මොහොතකට පෙර කීවේය.



අදහස් (0)

ගහේ තීරණය අදත් නැති පාටයි

හෆීල් Sunday, 14 December 2014 04:05 PM

මොන තීන්දු තීරණය ගත්තත්, ජනතාව තීරණය අරං ඉවරයි කියල ගහේ ලොක්කලත් දන්නවා. බොරු ප්‍රමාදයක්. (නදී)

:       0       0

අර්ජුන රණවන Sunday, 14 December 2014 09:58 AM

පමාවීම සුබ ලකුණක් නොවේ. තීරණ ගත යුත්තේ ලැබෙන වරප්‍රසාද ගැන සිතලානම් ඔබ මෙවර පරදිනවා (නදී)

:       0       0

සේන Sunday, 14 December 2014 10:02 AM

එක පැත්තකින්වත් හරි හමන් ලංසුවක් තියලා නැහැ වගේ. (නදී)

:       0       0

රණසිංහගේ Sunday, 14 December 2014 10:14 AM

මොන තීරණද ? අපේ ප්‍රධාන පක්ෂ දෙක කේවල් කර කර ඉඳල හැරවෙයි (නදී)

:       0       0

අබේවංශ කලුතන්ත්‍රීගේ Sunday, 14 December 2014 10:16 AM

කොන්දේසි විරහිතවද රජයට සහය දුන්නේ. දැන්වත් තනතුරු දාලා යන්නකෝ (නදී)

:       0       0

ජයන්ත Sunday, 14 December 2014 10:19 AM

මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කලෙමි (නදී)

:       0       0

රෝයි Sunday, 14 December 2014 10:25 AM

ජය ගන්න පැත්ත හිතා ගන්න බැරුවයි ප්‍රමාදය. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Sunday, 14 December 2014 07:26 PM

ඒ කියන්නේ මේ දවස්වල ගහ දෙපැත්තටම වැනෙනවා. ඒ සුළ‍ඟේ සැර වැඩිකමට (නි)

:       0       0

නෞෆර් Sunday, 14 December 2014 10:49 AM

කව්රු මොන තීරණ ගත්තත් මුස්ලිම් බහුතරය මෛත්‍රීටයි. (නදී)

:       0       0

සරත් Sunday, 14 December 2014 10:57 AM

නායකයෝ මොන තීරණය ගතත්, ඔවුන්ගේ ප්‍රජාව දැන් තීරණය කරලා ඉවරයි මෛත්‍රී යුගයක් උදා කරන්න. (නදී)

:       0       0

ගිහාන් Sunday, 14 December 2014 10:57 AM

සිතන්න. ඔබලාට කවදත් වැඩි වරප්‍රසාද ලැබුණේ පවතින රජයෙන් නේද.? එහෙනම් ඉතින් තවත් කල්පනා කරන්නේ කුමකටද.? ජුනි මාසේ මහා මැතිවරණයකුත් එනවානේ. තීරණය එවිට ගන්න. ජනපති සමග යන ගමන කවදත් වැඩදායකයි. (නදී)

:       0       0

සලීත් Sunday, 14 December 2014 10:58 AM

නෞෆර් ඔබ හරියටම හරි. (නදී)

:       0       0

වරුණ Sunday, 14 December 2014 09:55 PM

ඡන්දයෙන් කවුරු දිනුවත් අන්තිමට පරදින්නේ අපි (නි)

:       0       0

මෝහම්මෙඩ් Sunday, 14 December 2014 11:10 AM

කවූරු මොන තීරණය ගත්තත් මුස්ලිම් බහුතරය තීරණය අරගෙනයි ඉන්නේ. (ර)

:       0       0

නිරෝෂන් Sunday, 14 December 2014 11:40 AM

නවුෆර් , හකීම් කල්පනා කරන්නේ සහය දීල දේශපාලන ජීවිතය නැති කර ගන්නවද ? නැති නම් තව දුරටත් ඉන්නවද කියලා (නදී)

:       0       0

සුමන මානන්දුව. Sunday, 14 December 2014 11:43 AM

රවූෆ් ඇමතිතුමෝ, ඔබලාගේ තීරණය හිත හිත හිටියාට වැඩක් නෑ, කල්මුනේ ජනතාව වැඩි දෙනෙක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට ඡන්දය දෙන්න තීරණය කරලා ඉවරයි. (නදී)

:       0       0

විදුරන්ග Monday, 15 December 2014 12:32 AM

කලබල නොවී හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්නකෝ එහෙනම් (නි)

:       0       0

ලාල් Sunday, 14 December 2014 12:38 PM

රටට ආදරය කරන සියළුම සහෝදර සහෝදරියන්ගේ එ්කායන ප්‍රර්ථනාව මෛත්‍රී පාලනයක්. ජයවේවා! (නදී)

:       0       0

කපිල Sunday, 14 December 2014 01:05 PM

මස් රාත්තලම ගන්නයි හදන්නේ (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 15 December 2014 02:57 AM

බන්දුල පෙරේරා නින්දෙන් කියවනවාද කොහෙද? (නි)

:       0       0

වෙනුර Monday, 15 December 2014 02:58 AM

එයාලා අන්තිමට මොනවා තීරණය කරයිද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ශාන්ත Monday, 15 December 2014 02:59 AM

මම නම් කියන්නේ ඔය තීරණය ගන්න හොඳම දවස ජනවාරි 9 කියලයි. (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 15 December 2014 03:01 AM

නායකයෝ මොන තීරණ ගත්තත්, පාක්ෂිකයින් දැනටමත් නිවැරදි තීරණය අරගෙනයි තියෙන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 01:41 PM

මේ සුළු ජාතික අවස්ථාවාදී ෂයිලොක් දේශපාලනයට තිත තිබ්බේ මහින්ද මහත්තය.රජුන් තනන්නෝ හිගන්නෝ යාචකයෝ කළේ මහින්ද මහත්තය..මහින්ද මහත්තයට ඒ දේ කරන්න ශක්තිය දීපු ඒ සිංහල බෞද්ධ බලවේගයන් අදටත් මහින්ද මහත්තය පිටි පස්සේ ඉන්නවා..ඔයාල යන්න..9 වෙනිදට පස්සේ හතරගාතේ දාල වැද වැටිලා ආයෙත් එන්න..ගිය පාරත් කළේ ඒ දෙය..වුනේ ඒ දෙය..මෙදා පාරත් වෙන්නේ ඒ දෙයම තමයි.මයිත්රී මහත්තය දිනන්නැති නිසා අපිට බලුපොරයක් බලන්න පින නැති වෙනවා ..නිකන් පොරයක් නෙමෙයි තනතුරු වලට කුලල් කන සතියෙන් දෙකෙන් ආණ්ඩු කඩන පිස්සු බල්ලෝ වගේ එකිනෙකා හපාගන්න දේශපාලන සත්තුන්ගේ පිස්සු බලු පොරයක්..(බ)

:       0       0

සමන්ජය Monday, 15 December 2014 03:26 AM

බන්දුල පෙරේරා ,ඇයි ඔතරම් කලබල? ඔබතුමා ලියන්නේ මොනවද කියලා ඔබතුමාවත් දන්නේ නැහැ.ඔබ තුමාගේ විකාර වැල්වටාරම් නම් එමටයි.(නි)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 15 December 2014 03:36 AM

මෛත්‍රී දිනේවා ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site