(ඩයනා උදයංගනී)
ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය.
ගෑස් මිල ඉහළ නැංවිය යුතුද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ගෑස් මිල වැඩිකරන ලෙස ඉල්ලීමක් ඇති නමුත් බලශක්ති හෝ වෙළඳ අමාත්‍යාංශ මගින් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියම ළඟදී තෙපරබාලා, ළඟදීම ගස්වලට වැඩේ දේවි.
රුපියල මේ විදිහට බාල්දු වුවහොත් ගෑස් විතරක් නෙවෙයි, තව බොහෝ පිටරටින් ගේන්වන ද්‍රව්‍යවල මිළ ඉහල යයි.
ගෑස් මිල ලක්ෂයේ අපිට විතරක් කරන්න පුළුවන්ද? මොකද අපි අද කරපු අපරාධයට අනික් මිනිස්සු ඒ පව ගෙවන්න ඕනෑ නැහැනේ...