මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය.
2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/38 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත.
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය.
මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ වී ජුලි 13 වැනි දා දහවල් 12න් අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සු හැමදාමත් කාල බීල සතුටෙන් හිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තියෙන කාලවලදී. ජාති ආගම් වාධය මුල්කරගෙන හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමවිටම මේ රටට ගෙනාවේ අවාසනාව. ඒ නිසා එජාප රජයක් බිහිකර මේ රට සියලු ජාතීන්ට සමගියෙන් ඉන්න පුළුවන් වාසනාවන්ත රටක් බවට පත් කරමු (නදී)
අයියෝ අපි කොහොමද අ.පො.ස. උපෙල ලියන්නේ (නදී)
අදාල අයට දෙන්න ඕන බෙහෙත් දැන් දෙන්න බැරියැ (නදී)
මම නම් හැම පක්ෂයකින්ම ඉල්ලා සිටින්නේ කුඩු, ස්ත්‍රී දුෂණ, හොරකම්, සහ අපරාද ගැන චෝදනා සහ ඒවාට සම්බන්ද කම් තියෙන අයට නාම යෝජනා දෙන්න එපා කියලා. (නදී)
හොරු නැති දුෂිතයන් නැති. නවතම නායකයන් සහිත දක්ෂයෝ සමුහයක් එක්ක එජාප ප‍්‍රමුඛ පක්ෂ ගණනාවක් සහිතව වු දැවැන්ත යහපානලන ආණ්ඩුවක් හදන්ට හබරාදුවේ අපි සුදානම්. (නදී)
මතට තිත, දුමට තිත, තගට තිත, මදට තිත, මාටියට තිත වේවා (නදී)
උසස් පෙළ කරන ළමයි ගැන හිතන්න කවුරුත් නැත්ද. සුමාන 2ක් පස්සේ තිබ්බනම් ඉවරයි නේ. (නදී)
භීෂණ, තක්කඩි, වංචා, දුෂණ වලින් තොර රටට උතුම් සේවා සැපයීමට, රටවැසියාට සෙත සැලසීමට පුළුවන් උගත් පුද්ගලයන්ගෙන් සමන්විත උසස් ගණයේ නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට හැකි වේවා !! උඩින් යෝජනා කරණ හැමදේටම "සිග්නල් කණු" මෙන් අත් උස්සන, කිසිම උගත්කමක් නැති මන්ත්‍රී අපේක්ෂකයන්ට පිටුපාමු.... චන්ද දායකයින් හැටියට රට වෙනුවෙන් අපට කළහැකි එකම දෙය මෙයයි. (නදී)
වංචා, දුෂණ හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවෙකුට මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එජාපයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ සිරිකොත මන්දිරයේදී පැවති අතර අග්‍රාමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කර තිබේ. මේක ඇත්තනම් මේ විදියට කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි .අනිත් නායකයොත් මෙවැනිම ප්‍රකාශ කරනවනම් ඒ කියන විදියටම වැඩේත් කරනවනම් ඉතා වටිනවා. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියල. මිනිස්සුනේ බුද්දීමත්ව තමන්ගෙ වටිනා චන්දෙ පාවිච්චි කරන්න. (නදී)