ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරුවලට පැමිණ රජයේ මුදල් ගසාකෑමට උත්සාහ දරන ඇතැම් නිලධාරීන්ට ආදර්ශයක් ලෙස තමන් සිය පෞද්ගලික මුදල් මෙරට මලල ක‍්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තීරණය කළ බව මෙවර ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදුන් කිරාන් අතපත්තු මහතා ”ලංකාදීප”යට පැවසීය. ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය ලබන මැයි 3 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රග්බි සංගමයේ වත්මන් භාණ්ඩාගාරිකවරයා ලෙසත් අතපත්තු මහතා කටයුතු කරයි. ඒ මහතා ”ලංකාදීප”යට මෙසේද පැවසීය. ”මලල ක‍්‍රීඩා නිලවරණයට තරග කර තනතුරු ගන්න මගේ කිසිම ආශාවක් නෑ. හැබැයි ඡන්දයට ආවොත් මම පැරදිලා යන මිනිහෙකුත් නෙමේ. රජයේ මුදල්වලින් රට යන ආසාවකුත් මගෙ ළඟ නෑ. මොකද ජාතික ක‍්‍රීඩා සංගම්වල තනතුරුවලට එන නිලධාරීන් සමහරු උනන්දු වන්නේ ක‍්‍රීඩකයන්ගේ පිහිටෙන් ”ටුවර්” යන්නයි. මලල ක‍්‍රීඩා සංගමයේ රැඳී හිටපු කෙටි කාලයේදීත් මම රාජකාරි විදෙස් සංචාර සඳහා ගියේ මගේ මුදල්වලින්. භාණ්ඩාගාරික ධුරයට මා පත්වුණොත් මගේ පොරොන්දුව ඉටු කරනවා. දිස්ත‍්‍රික් සංගම් සමග සාකච්ඡා කර දුප්පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් යොදවන්න මා සූදානම්. හැබැයි මේ මුදල් මං කොළඹට වියදම් කරන්නෙ නෑ. ඒවා යොදවන්නෙ ගමේ මලල ක‍්‍රීඩාව නැංවීමටයි. මෙරට මලල ක‍්‍රීඩාව නැංවීම සඳහා රුපියල් මිලියන දෙකක් ලබාදීමට කිරාන් අතපත්තු මහතා දැනටමත් ප‍්‍රතිඥා දී ඇත.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගසාකන්නන්ට ආදර්ශයක් ලෙස මගේ සල්ලි ක‍්‍රීඩාවට යොදවනවා