
(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ සෙසු අයිතමවලට (උපාංග) අනුකූලතාව නිරීක්‍ෂණය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීමක් බවත් එම අධිකාරිය ගැසට් නිවේදනය ඔස්සේ වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යාශීලී හෝස් ප්‍රමිතීන්වලට අනුකූල වීම අනිවාර්ය කර ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ එම ගැසට් පත්‍ර ඔස්සේ අදාල උපාංග නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය හෝ වගකීම පවරා නොමැති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කිසිඳු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට බලයක් නොමැති වීම නිසා සියලුම ප්‍රමිතීන් ස්වෙච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයකට පත්කර ඇති බවත් ඇය කියන්නීය.
ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය පිළිබඳව ප්‍රමිතීන් ඇතුළත්කර නොමැති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට චෝදනා එල්ල බව කියන ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලෝකයේ සෙසු රටවල් මෙන් වායුවේ උපරිම වාෂ්ප පීඩනය ප්‍රමිතියට ලක්කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රොපේන් ප්‍රතිශතය 50% දක්වා වෙනස්කල ගෑස් තොගය අවසන් වනතුරු කොමිසම්, කමිටු, මාධ්‍ය නිවේදන, පුවත්පත් සාකච්ඡා කරමින් කල් මැරීම රජයේ උපක්‍රමයයි. මේ නිසා මේ ආණ්‌ඩුවට ලැබෙන ජනතා අප්‍රසාදය අපමණයි. ඒ ගැන දැනදැනත් කිසිවක් නොකර කල් මරනවා කියන්නේ මේ වංචාවට සමාගම්, මැති ඇමැතින් නොව ඊටත් උඩම අය සම්බන්ධ බවයි. නැනෝ නයිට්‍රජන් පොහොර, කාබනික චීන අසුචි නැව, යුගදනව් රෑ දොළහට හොරෙන් විකිණීම වැනි වංචා නිසා කෙටි කලකින් ඉතාම අප්‍රසාදයට පත් ආණ්ඩුව මෙය බවට පත්වෙලා ඉවරයි. දැන් ආණ්ඩුවට විශාල බලාපොරොත්තු නෑ. ඉතිරි වසර කිහිපය තුළ මහදවාලේ මංකොල්ල කා මුදල් රැස්කරගෙන ගෙදරයාම පමණයි ඉතිරි...
පය බරවායට පිටකර බෙහෙත් බඳින්නා වාගේ වැඩ නොකර සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර නැවත ගෙන්වාගෙන තිබුණු සංයුතියට ගෑස් නැව සැකසිය යුතුයි. ගෑස් පිළිබඳව අවුලක් ඇති කර කෝටි ගණනක් සාක්කුවේ දාගත්තු ආණ්ඩුවේ යමෙක් සිටී නම් ඔහුටද දඬුවම් ලැබිය යුතුයි.
ඔය වගේ කතා කිව්වාම ව්‍යාපාර කඩාගෙන වැටෙනවා නේද මෙයා...? අර විස පොල්තෙල් වලට සහනයක් දුන්නා වගේ ටිකක් නිශ්ශබ්දව ඉන්නකෝ... ඒක නෙවෙයි මෙයා දැන් පොල්තෙල් කෑවාට කමක් නැද්ද? පිළිකා හැදෙන එකක් නැද්ද අපිට..?
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ, පසුගිය කාලයේ නොතිබූ පාරිබෝගිකයන් මුහුණ දෙන ගැටළු කිහිපයක් පසුගිය සති දෙක තුල සිදුවිය. පසුගිය කාලවල නොතිබුණු මෙවැනි අනපේක්ෂිත ගැටළුවක් නිර්මාණය වීමට කරුණු කිහිපයක් බලප තිබේ. එයින් පළමුවැන්න ගෑස් සිලින්ඩරයේ තිබෙන්නා වූ ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය හෝ මිශ්‍රණය නියමාආකාරයෙන් නිසි ප්‍රමිතියට නොතිබීම හෝ ප්‍රොපේන් සහ බියුටේන් අඩු ප්‍රමිතියකින් නිසා හෝ ගෑස් ලීක් වේ. කිසිදු අනතුරක් නොමැතිව පාරිබෝගිකයන් පසුගිය මාස හෝ වසර වලදී යොදාගන්න ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල උපාංග ඒ ආකාරයෙන්ම වර්තමානයේ නිකුත් කරන්නාවූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ කරීමට යාමේදී හෝ ගෑස් පාවිඡියේදී මේම ගිනි ගැනීම් සිදුවේ. එම නිසා පෙනී යනුයේ වර්තමානයේ නිකුත් කරන්නාවූ ගෑස් ප්‍රමිතියකින් තොර බව වේ. දෙවනුව රට තුල කිසිදු ප්‍රමිතියකින් තොර වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යාශීලී හෝස් වෙළද පලෙහි විකිනීමට තිබේ.
වගකිව යුතු රජයක් කළයුතු වන්නේ පුද්ගලික මට්ටමින් රට තුළට ගෙන එන්නා වූ වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යශීලී හෝස් සියල්ල රටතුළ විකිණීම සපුරා තහනම් කිරීම වේ. එයට විසඳුමක් වශයෙන් ගෑස් ගෙන්වන සමාගම් විසින් වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යශීලී හෝස් සියල්ල ගෙන්වීමට අවසර ලබාදීම වේ. පළමුව රජය මේ සඳහා දැනුවත් වගකිවයුතු මුදලට නොනැවෙන දේශපාලනයෙන් තොර පුද්ගලයන් පත්කොට විධිමත් පරීක්ෂණයකින් පසු වර්ග දෙකක් පමණක් ඔවුන්ගේ නිර්දේශ මත සහනමිලට ප්‍රමිතියෙන් යුතු වෑල්වය, රෙගියුලේටරය සහ නම්‍යශිලි හෝස් ගෑස් ගෙන්වන සමාගම් මගින් ගෙන්වීමට අවසර ලබා දිය යුතුවේ. එවිට පාරිභෝගිකයාට සැකයකින් තොරව ප්‍රමිතියකින් යුත් උපකරණ, ගෑස් මිලදී ගන්න තැනින්ම මිලදී ගැනීමට හැකියාව පවතී... ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගකීමෙන් තොරව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. එම නිසා පළමුව කළයුතු වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණය කිරීම වේ. ගෑස් පමණක් නොව ශ්‍රී ලංකාවම ප්‍රමිතියෙන් යුතු විනයගරුක රටක් කිරීමට නම් අලුත් අවංක කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කිරීමට පසුබිම සලසා දෙන්න..!
වෙළඳපලේ ගෑස් උපාංග සම්බන්ධයෙන් නියාමනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට කිසිඳු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට බලයක් නොමැති වීම නිසා සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයකට පත්කර ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මියගේ ප්‍රකාශය අනුව ඇය එම තනතුරට නුසුදුසු බව පෙන්වා තිබේ. එම තනතුරෙන් ඇයව ඉවත් කර වගකිව යුතු පුද්ගලයකු එම තනතුරට පත්කළ යුතුවේ...
ඇයි ගෑස් සංයුතියට ප්‍රමිතියක් නීතිගත කරන්න බැරිද? එතැන නේද ප්‍රශ්නෙ මුල තියෙන්නේ? තිස්සකුට්ටි වගේ අය සිලින්ඩර පිපුරුනේ නැහැ කියකිය උඩපනින නිසා ගෑස් සංයුතිය අමතක කරලා සමාගම්වලට අයථා ලාභ ගන්න හදලා දෙන්නද යන්නේ...?