ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසකට එක්වර මරණ දඩුවම හිමි වුයේ දැරණියගල නුරි වත්තේ නඩුවේදීය. වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා පාතාලයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ නොරිස්සු මැරයෝ පිරිසක් දේශපාලන රැකවරණ ලබමින් වතු අධිකාරි කුරිරු ලෙස මරා දැමුහ.
ඊට කලින් වැඩිම පිරිසකට මරණ දඩුවම නියම වුයේ නුවරඑළියේ දීය. ඒ පසුගිය අගෝස්තු මාසයේ දීය. එකම පවුලේ හත් දෙනෙකුට මරණ දඩුවම නියම විය.
1996 යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවේ සෙබළු පස් දෙනෙක් හා කොස්තාපල්වරයකු පෝරකයට නියම කරනු ලැබුහ.
පසුගිය හතළිස් වසරේ ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවීය. පෝරකයට නියම වු 600 ට ආසන්න පිරිසක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩ. හාල්මැස්සෝ විතරක් නැතුව මෝරුත් අල්ලන්න ඕනෑ (නි)
මොනතරම් අවාසනාවන්තද? ඡන්දදායකයෝ දේශපාලකයින් පත්කරන්නේ ජනතා සේවයට. මැරයින්ට අනුබල දෙනවා මිනීමරන්න. ඊටපස්සේ රැකවරණයත් දෙනවා. අසාධාරණයට විරුද්ධව කතාකළොත් මරාදමනවා. (නි)
දැරණියගල පොලිසියේ රාජකාරිය පැහැරහැරි නිලධාරීන්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නේ මොන හේතුවක් නිසාද? ස්ථානමාරු පමණක් ප්‍රමාණවද්ද? (නි)
එසේ දේශපාලන රැකවරණ දුන් දේශපාලකයා කවුද? (නි)
අතකොටාට සෙවණදුන් සබරගමුවේ ප්‍රබල දේශපාලුවාට එරෙහිව රජය කිසිම පියවරක් නොගන්නේ මොකද? තවත් අතකොටෙකු සහ මැරකල්ලියක් ඇතිකිරීමේ බලාපොරොත්තුව තියන නිසාද? (නි)
ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් හොඳ ප්‍රතිචාරයක් සියලු ලක්වැසියන් බලාපොරොත්තු වෙනවා (නි)
මේක නම් ඉතිහාසගතවෙන තීන්දුවක් වෙයි (නි)
නූරි වත්තේ වතුඅධිකාරී නිහාල් පෙරේරා මහතා ජීවිතය බිලිදුන්නේ රජයේ දේපොළ රැකීමට ගොස්ය. ඊටපෙර නූරි වත්තට පත්වුණු වතු අධිකරවරුන් ස්ථාන මාරු ගෙන වෙන වතුවලට ගියහ. ඊට හේතුව අතකොටාගේ තර්ජන ගර්ජනය. රජය අතකොටාට සහය දුන් අය ආරක්ෂා කරන්නේ මොකද? (නි)
අතකොටාගේ මැරකල්ලිය ඉදිරියේ දැරණියගල පොලිසියේ තරු, ඔටුනු පැළඳගත් දළකාරයින් කැනහිලුන් බවට පත්වුණේ කෙසේද? (නි)
මේ තීන්දුවට අපේ ප්‍රණාමය! (නි)
අතකොටාට සෙවණ දුන්නේ කෑගල්ලේ පදිංචි, සබරගමුවේ දේශපාලුවෙක් බව ආරංචියි (නි)
මරණ දඬුවම ක්‍රියාත්මක කළේ නැත්නම් අපරාධ අඩුවෙන්නේ නැහැ. මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙත් අපරාධකාරයන්ගේ සල්ලි වලින් යැපෙන සංවිධාන තමයි (නි)
අවාසනාවන්ත දේශපාලුවෝ පහුගිය කාලේ ලංකාවම පාතාලයක් කළා. (නි)
ඔවු නන්ද සොහොයුරාණෙනි, ඔබ හරි. ඕනෑම කරන කෙනා මොන ආණ්ඩුවේ වුණත් කමක් නැහැ, නම දැනගන්නයි අපිටත් ඕනෑ (නි)
උතුමාණෙනි, තංගල්ලේ මිනීමරුවන්ගේ මෙන් මෙයාලගෙත් නඩු තීන්දුව වෙනස් කරන්න එපා (නි)
වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා පාතාලයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ ඹහුගේ මරණින් පසුව හෝ ජයගෙන තිබීම ඹහු ලැබු ජයකි (හේ)
කවුද මේ මිනීමරුවන්ට රැකවරණය දීපු ප්‍රධානින්.(හේ)
මෙම තීන්දුව මලු රටම අගය කරනවා.(හේ)