කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු කළ බව රජය නිවේදනය කළේය.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු කළ බව රජය නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් අල බහිනවා වගේ බඩු මිලත් බහී. (ර)
ලෝක වෙලදපොලේ මිල අඩුවෙලා . මේවා අඩු කරලා ඡන්දෙ ගන්න තරම් ආණ්ඩුව වැටිලා නැ. (ස)
"ආදා යවා තබා වල්පත ගත්තාසේ" කියලා පැරැන්නන් කිවුවේ මේවාටය.ආදා ලිස්සන සතෙක් බැවින් උගේ ඔලුවෙන්ම අල්ලලා නැවැත්විය යුතුයි.යන්නට හැර වලිගයෙන් අල්ලන්නට කොහෙත්ම නොහැකිය. රජයත් දැන් හදන්නේ වල්ගයෙන් අල්ලා නවත්වන්නටය.අනන්ත වැරදි, අපචාර සිදුවෙනතුරු නිහඩව සිට තම ඡන්ද පදනම වේගයෙන් කඩා වැටෙන විට බඩු මිල අඩුකර ඡන්ද සෙවීමටය.මේවා 70 දශකයේ සාර්ථක වුවද අද හාල්සේරුවට ඇට අටට රැවටෙන යුගය නොවනබව නොදනිම පුදුමයකි. (ස)
මේවා කියවල හිනා යනවා අප්පා .....හි හි හාහ් (දී)
ඡන්ද සහනේ ඉස්සරත් මෙහෙම කරන්න තිබුනනේ
යුද්දේ දින්න දින්න කියලා, රට කාබාසිනියා කරනකම් බලා ඉන්නද කියන්නේ? (ස)
අනෙක දිලාන්, අපි අහන්නේ මේ සහන මේ කාලයේ මොකද කියලා. (ර)
සරත් පියසේන, හිතන්නේ අපි ඡන්ද කාලෙට විතරක් තුන් වේල කන සත්ව කොට්ටාශයක් කියලද.? (ර)
හිරන්ත ඔබ හරියටම හරි. මට කියන්න තිබුණු දේ ඔබ කිව්වා. අපේ මිනිසුන්ට මුල අමතකයි. (ස)
ශ්රී ලංකික වැසියනි මී හරක් ඔබද නැත්නම් ඔබව පාලනය කරන මේ තක්කඩි රැළද යයි පෙන්වන්න!!! (ස)
සරත් පියසේන හිතන්නේ අපි මෝඩයෝ කියලද ? (නදී)
මේ මෛත්‍රී සහගත සහන වලට අපි එහෙම ඔන්න කිසි දෙයක් කියන්නේ නැහැ. (නදී)
සරත් පියසේන මෙතන නිකන් හෑල්ලුවට ලක් වෙන්න එපා. (නදී)
ගෑස් මිල පහල ගියාම ගොඩ දෙනෙක් වෙළෙන්දාගේ පාඩුව ගැන දුක හිතිල.. ගෑස් මිල ඉහල දැම්මම දවස් වල වෙළෙන්දාගේ ලාබේ එයාලට දෙන්න ඇති...(ස)
මම නම් මයිත්‍රී මහතා ඉන්න පැත්තට හැරිලා වඳිනවා. (නදී)
මට පේන්නේ දැන් සමහර දේශපාලකයන් නත්තල් සීයාට අඳින්න ලැස්ති වෙලා වගේ. (දී)
සරත් පියසේන , මෙයින් පේන්නේ මෛත්‍රී මහතා මුළු රටටම කිරි පැණි බෙදන කප්රුකක් බව . වේදිකාවට ගොඩ වුනා විතරයි රටටම සහන මල්ලක්. පසුවට කොහොම තියේවිද ? (දී)
හෙට දවසෙ මැරයෝ ඇවිත් තමන්ගෙ දුව, තමන්ගෙ බිරිද දුෂණය කළත් තිස් වසරක යුද්දෙ නිමා කරපු නිසා කළ ගුණ සළකන්න කියන අයත් ඉන්නවා මේ රටේ. (නදී)
දැන් බස්සාවී ඡන්දෙ දුන්නාට පස්සේ අපිට ගෑස් පෙන්නාවි. (නදී)
ඡන්දේ දුන්න කියමුකෝ හිරන්ත ඊළඟට කියාවි නේද යුද්ධය ඉවර කළ කෙනාගේ අසවලාට ඡන්දෙ දෙන්න කියලා.(නදී)
ඉස්සර නම් මේ වගේ වැඩක් කරනකොට සන්තෝසයි. එ්ත් අැය අපිව මෝඩයෝ කියල හිතන්නේ. පුදුම කලකිරීමක් එනවා. මේවා කලින් කළා නම් අවුලක් නැහැ. (නදී)
මෛත්‍රී සහන (නදී)
අනේ මහත්තයෝ අපිට අවුරුද්දට අඩුගානේ චන්ද 6 වත් තිබුනොත් යන්තම් ජීවත්වෙලා හිටියැකිනේ කොච්චර ගහමරා ගත්තත් බඩුමිල මෙහෙම අඩුවෙනවනන් (දී)
ගෑස් අඩු කලාට එක ගෙවන්න වෙන්නේ දුප්පත් ගමේ ගෑස් වෙළෙන්දාට තියෙන තොග වලට පාඩුව ගෙවන්නේ කව්ද ? මේ දෙවෙනි වතාව (දී)
කොහොමද බලයට එන්නත් කලින් මෛත්‍රී ගේ වැඩ? (දී)
දැන් මාස 2 විතර ඉස්සරත් අඩු කළා නේද? බොර තෙල් සහ ගැස් මිල දැන් ලෝක වෙළෙඳ පොලේ අඩු වේගෙන යන්නේ. දැන් මෙහෙ අඩු කළේ නැත්නම් අහන්නේ ඇයි අඩු නොකරන්නේ කියල. (දී)
ලැජ්ජාවේ පන යනෝ (දී)
මීළඟට පාන්පිටි මිල අඩුවීම. (ර)
පොදු අපේක්ෂක තුමාට ජයවේවා (දී)
මේ අදහස් දිහා බැලුවම පේනවා සමහර මිනිස්සු හරි කුහකයි කියලා. අඩුම ගානේ බොහොම ස්තුතියි ජනපතිතුමනි කියන්නවත් බැහැනේ. (ර)
මේ චන්ද ගුණ්ඩු ආණ්ඩුවේ... (දී)
මම නම් මේ කිසිම කෙනෙක්ට කැමති නැහැ (දී)
අනේ දින නියමයක් නැතිව චන්දය කල් යනවනම්........... (දී)
අට වෙනිදා සිට නගිවිද දන්නේ නැහැ (දී)
මේ පිනම ඇති මෛත්‍රී මහතාට සිතු පැතු සම්පත් පහල වෙන්න. (නදී)
සියලුම අඩු කිරීම් වලට අහුවෙලා තව සැරයක් ඡන්දය දෙමු (නදී)
මෙච්චර කාලයක් හිටියේ ඇයි? හැම බඩුවක් අඩුකරන්න පුලුවන්කම තිබුනා නේද ? (නදී)
අපිට ආරංචියි තවත් මෛත්‍රී සහන රැසක් ලැබෙන්න තියනවා කියල. (නදී)
පෙන්ෂන් ගිය කට්ටියටත් ජනවාරියෙන් පසුව විශ්‍රාම වැටුපෙන් කපා ගන්න විදියට අද හෙට ජංගම දුරකතනයක් ලැබෙන ආරංචියක් තිබෙනවා. (නදී)
සන්තෝසේ විලි ලැජ්ජාවේ බෑ. (නදී)
ගෑස් මිල හිතුමනාපෙට අඩු කරාම ගෑස් බෙදුම්කරුවන් දරාගන්න පාඩුව කෙතරම්ද. අපෙන්ම කාල අපිටම දෙනවා. වෙළද හිමියන්ට සහන නැද්ද? එක පාරක් නෙවේ දෙපාරක් පාඩු විදින්න සිද්ද වෙලා. ගෑස් එකකින් තියෙන සොච්චන් ලාබෙ එක්ක බලද්දී පාඩුව ලොකුම ලොකු ගානක්. බෙදුම්කරුවෝ අනාතයි. මේවට නිශ්චිත ක්‍රමවේද නැද්ද? අඩු කරාට කිසි ප්‍රශ්නයක් නෑ හැම පැත්තම හිතලා. ගෑස් බෙදුම් කරුවන් ජනතාව නෙවෙයිද? (නදී)
මේව ඔක්කොම ඉතින් මෛත්‍රීපාල මැතිතුමාට පින් සිද්ධ වෙන්න (නදී)
ලෝක වෙළඳපොලේ ගෑස් මිල හොඳටම බැහැල ගොඩක් කල්. ඇයි මෙතරම් කල් හිටියේ.? 1250 වැඩිකරලා 250ක් අඩු කලා. (ර)
මොකද මේ හදිස්සියේ මට හිතා ගන්න බැහැ (දී)
මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේවා (දී)
මොකද මේවා කලින් කරන්න බැරි උනේ (දී)
මේවා රවටිම්ද (දී)
මම කියනවා මේවා චන්ද ගුණ්ඩු කියලා (දී)
ගෑස් වෙළදසැල් හිමියෝ අමාරුවේ දාලා මේ දෙන සහනාධාර වල ඇති පලේ කුමක්ද? ඒක පාරට අඩු කරනවා.ගෑස් වෙළදසැල් හිමියෝ මේ පාඩුව විද දරාගෙන වෙලදාම් කරන්න ඕනේ.ඒක පාරක් නෙවෙයි දෙපාරක්.රු:57ක් ලාබයක් තියෙන ගෑස් එකකින් 250 ගානේ අඩු කරාම 19 ක එහෙම පිටින්ම පාඩුයි. දහ අතේ ණය වෙලා ස්ටොක් ඒක තියන් ඉද්දි ඒක පාරටම මෙහෙම අඩු කලාම මොන සහනද?වහ බොන්නද කියන්නේ ගොවියන්ට වගේ.මේකද ආර්ථික සංවර්ධනය. (දී)
මේ ගොල්ලෝ ඌව පළාත් සභා මැතිවරණයෙදීත්, මේ වගේ තෙල්, ගෑස් මිල අඩු කළා. මොකද වුණේ බදුල්ල පරාද වුණා. මේ පාරත් එහෙම වෙයිද දන්නේ නැහැ. මැතිවරණයක් බලාගෙන තෙල්, ගෑස් මිල අඩු කරලා වැඩක් නැහැ. එම සහනය මීට කලින් දෙන්න තිබුණා නම් හොදයි. (නදී)
මීට වඩා මිල අඩු කරන්න පුළුවන් කම තියනවා නමුත් දැන් ටික ටික දෙන්න යන්නේ. ඔහොම යන් (දී)
නියමයි ඌවට 250 යි ජනාධිපතිවරණයට 250 යි (දී)
කොහොමද ටිකිරි මොලේ. අනේ මම මේ පාටකයන්ට කියන්නේ දැන් ඔය යුද්දේ විකුණගෙන කෑව ඇති නේද? ලෝකේ තව රටවල යුද්දේ තිබුණා. එවැනි රටවල් පස්සේ සීග්‍රයෙන් සංවර්දනය උණා. අපේ රටට මොකද වෙලා තියෙන්නේ දැන්. සියලු දෙනා බුද්දියෙන් බලන්න. යුද්දේ ඉවර කල යුතු දෙයක්. නමුත් එය කව්රුවත් තනියෙම කල දෙයක් නොවේ. අපේ රටේ සියලු දෙනාම එයට කැප කිරීම් කළා (නදී)
ගෙදරට බඩු මුට්ටුත් ලැබේවි වගේ හෙට අනිද්දට (නදී)
මෛත්‍රී නිසා ගෑස් බහී (නදී)
දැන් බලනකොට මෙදා පාර නත්තල් සීයට අඳින්නේ ආණ්ඩුවනේ. ! (බ)
බලාගෙන යනකොට මෛත්‍රී මහතා අපිට සිතු පැතු සම්පත් දෙන කප්රුකක් වගේනේ ! (බ)
මෛත්‍රී මහතා නම් ඉපදිලා තියෙනෙන් එසේ මෙසේ නැකතක නෙවෙයි. වේදිකාවට නැග්ග විතරයි රටේ ජනතාවට කිරි උතුරනවා.. (බ)
මේවා ඡන්ද ගුණ්ඩු. මේ විදියට කලින් අඩු කරානම් මොකද වෙන්නේ. ඡන්දෙ කාලෙට විතරක් හැම සහනයක්ම (නදී)
"මම හරි උගතා....මම හරි හපනා....හිතනා මිනිසා...... මෝඩයෙකි ....." ගීතයකි (බ)
අමල්, මේ වෙන හැම දෙයක්ම මැතිවරණයට ආදේශ කරන්න එපා හලෝ. මහින්ද මහත්තයට ඡන්දය දෙන්න. අවුරුදු තිහක් පැවති එකදු ජනාදිපතිවරයකුටවත් ඉවර කරගත නොහැකි වූ කාලකන්නි යුද්දය ඉවර කරපු එකම ඇති. කෘත ගුණ දන්නා මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න. (නදී)
මෛත්‍රියෙන් ජනතාවට මෙහෙම සහන දෙනකොට කොච්චර හොඳයිද අනේ ! (බ)
යුද්දෙන් පස්සේ පටන් ගත්තේ සුද්දයනේ.(බ)
මෛත්‍රී මහත්තයට ජය වේවා. මේවට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවා. එ්කයි දුක (නදී)
දැන් මේ සහන හිටි ගමන් කඩන් වැටෙන්නේ ලෝක බැංකුවෙන් මැතිවරණ ණයක් අරන් වත්ද ? (බ)
මෛත්‍රීපාල මහතා කියන්නේ ජනතාවට "සහනයක්" ම බව මෙයින් පේනවා. දැන් මෙහෙම නම් පසුවට කොහොමට අපිට සහ රටට හරි යාවිද ? (බ)
අපි මේ සහන ජනතාවට ලබා දෙන්නේ බොහොම මෛත්‍රී සහගතවයි. ඒ ගැන වැරදියට හිතන්න එපා.! (බ)
මම නම් මෛත්‍රීපාල මහතා ඉන්න පැත්තට හැරිලා වඳිනවා . (බ)
මේවා මෝඩ චුන්. කෝටි ගන්නං හොර කාලා ජනතාව ගොනාට අන්ඳනවා. (නදී)
මිනිසුන්ව ගොනාට අන්දවන්න හදන්නේ. ඔය බහිල්ල ජනවාරිය දක්වා විතරයි. (නදී)
ගිය ගමනත් මේ වගේ තමයි . පස්සේ තමයි වැඩි උනේ. කාගේ කාගේත් ගෑස් බහියි වගේ (නදී)
යන යකා කොරහත් බිදගෙනම යන්නයි හදන්නේ වගේ නේද? (නදී)
කලින් අඩු කරන්න පුළුවන්කම තියෙද්දී කලේ නැත්තේ ඇයි ? (නදී)
චන්දයක් එනඑකත් නරක නෑ නේද ලමයිනේ (දී)
මේ මිල අඩු කිරීම වෙළඳ ඇමතිගේ වැඩක්ද ? එතනෝල් නිෂ්පාදනත් අඩු කලොත් හොඳයි. (නදී)
හිරන්ත මහින්ද මහත්තය තනියම නෙවෙයි යුද්දේ ඉවර කලේ. ඊට කලින් අයට යුද්දේ ඉවරකරන්න ඕනෙකම තිබුනට ඒක කරන්න බැරි වීමටත් හේතු තිබුන. යුද්දේ ඉවර කලා කියල ඊට පස්සේ කරපු දේවල් කලේ ජනතාව වෙනුවෙන් නෙවෙයි.ලෝක ඉතිහාසය කියවල බලන්න 1945 දී දෙවන ලෝක මහා සංග්‍රාමය දිනපු බ්‍රිතාන්‍ය අගමැති සර් වින්ස්ටන් චර්චිල් වත් මිනිස්සු ඊළඟ මැත්වරණයේදී පරාජය කරලා රට පාලනයට වඩා සුදුසු කෙනෙක් පත්කර ගෙන තියෙනවා (දී)
මේ ගෑස් වෙළඳපලේ මිල වෙනස්වීමක් නිසා කළ දෙයක් නොවෙයි. හුදෙක් ඡන්දය බලාගෙන කළ දෙයක්. ඒ නිසා අපි මෙතෙක් කල් වැඩිපුර ගෙවූ රුපියල් දෙසිය පනහ අපට ආපසු ඕනෑ. (බ)
කෝ මේ බන්දුල පෙරේරා මහත්තය. සද්ද නැත්තේ මොකද කියල බැලුව (දී)
බස්සන්න බැහැ කියපු දේවල් මේ බස්සන්නේ සක්‍රයාගේ පුතාවත් ඇවිල්ලද (දී)
මේ රටේ හැමෝම හොදින් කාලගුණ දන්නවා.නමුත් ඒ හැමෝමත් වංචාව , දුෂණයත් එලෙසින්ම ප්‍රතික්ෂේප කරනවා (දී)
තව මොන මොනවා අඩුවෙයිද දන්නේ නැහැ (දී)
මෛත්‍රීට පින් ලැබේව !!!!!!! (දී)
චන්දෙ ලං වෙනකොට ජිවත් වීම හරිම ලේසි වෙයි (දී)
අපිටනම් පෙන්නේ මේවා සහන නෙමෙයි ජයග්‍රහණය වෙනුවෙන් ලබාදෙන කෑරට් අල. දැන් ජනතාව සත්‍යය අවබෝධ කරගන තියන නිසා මොන සහන දුන්නත් දැන්නම් ගොනාට අන්දන්න අමාරුයි. ගිලෙන්න යන එක පිදුරු ගහෙත් එල්ලෙනවා එක නිසා මේ පාර ඔබ බුද්ධිමත්ව තීරණය කරන්න කවුද ජනාධිපතිකමට සුදුසු කෙනා කියල. (දී)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී ගත වූ වසර නමයක කාලය තුළ ඔහු විසින් ගෑස් සිලින්ඩරයක් සඳහා වැඩිකරන ලද රුපියල් 1,296න් රුපියල් 250ක් පමණක් අද (6) මධ්‍යමරාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,146 සිට රුපියල් 1,896 දක්වා පහත යනු ඇත. 2005 වසරේ නොවැම්බර් 22වැනිදා වනවිට සේල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 850කටත් ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 840කටත් පැවතියේය. අද වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල 2005 වසරේ නොවැම්බර් මාසයේ පැවති යාටද වඩා අඩු මට්ටමක පවතී. (බ)
මේවා ඇහෙනකොට මගේ ඇඟේ ලේ පිච්චෙනවා (දී)
මේකේ ඉන්න අයට මිල අඩු කරත් වැරදි වැඩි කරත් වැරදි . අනේ මන්ද මටනම් මොකුත් මතක නැ (දී)
හිතන් ඉන්නේ අපි ඔක්කොම බබ්බු කියල. (දී)
මටත් අහන්න තියෙන්නේ මොකද මේවා කලින් කරන්න බැරිඋනේ (දී)
මෙත් මල් පිබිදේවා ! (දී)
හොදටම ආණ්ඩුවේ ගෑස් බැහැලා වගේ (දී)
ඒ කියන්නේ මෙච්චර කලක්ම අපව සූරා කෑවද (දී)
හුඟක් සන්තෝස වෙනවා, මේක වපර ඇසින් බැලීම නිවැරදි කරගනන ඡන්ද කාලෙට ගෙදරට හාල් දෙනවා වගේ හිතන්නෙපා, සාධාරණ වෙන්න තව සතුටු අාරන්චි දෙනවා (බ)
මේවා චන්දෙ කාලේදී කලාම මිනිස්සු කලකිරෙනවා (දී)
දැන්නම් දෙන්ඩ හිතෙන්නෙම නැහැ. (දී)
හොදටම බයවෙලා වගේ !!! (දී)
මෛත්‍රී මහත්තයාට බුදු බව අත් වෙන්න ඕනේ (දී)
දැන් රටේ ජීවත් වෙන අපි හොදටම දැනුවත්.එච්චරයි කියන්න තියෙන්නේ. (දී)
දැන්නම් මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. (දී)
තව ඇමතිලා 3-4 දෙනෙක් සංක්‍රමණය කලානම් අපිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් අඩු කර ගන්න තිබුන. (දී)
මාසෙකට එක ගානේ චන්ද තිබ්බත් ප්‍රශ්නයක් නැහැ (දී)
අපරාදේ අවරුදු 2 කට කලින් චන්දයක් තියන්න කියල හිතුනේ. (දී)
ගෑස් මිළ පහත දැමීම අවංක චේතනාවෙන් කළා කියමුකෝ. නමුත් ඒ ගෑස් වලින් උයන්නේ මොනවාද කියල ගෑස් ටැංකියේම මුද්‍රණය කරලා එව්වා නම් තමයි බලාපොරොත්තු වෙච්ච ඡන්ද ටික හම්බ වෙන්නේ. මේ විහිළු වැඩේ හින්ද ආණ්ඩුවේත් ගෑස් බහීවි කියල තමයි ප්‍රජාව කියන්නේ. (බ)
මේ වගේ ඇස් බැන්දුම් විජ්ජා වලට රැවටෙන මිනිස්සු ලංකාවේ තවමත් ඉන්නවද?(දිල්)
අපි ඉන්නවා ජයවර්ධන මහත්තයෝ.ඒ වුණාට 9 වැනිදා වෙනකම් කට්ටියට පාළු ගෙවල් වල වලන් බිදින්න දීලා අපිව කපා හැරලා තියෙන්නේ. (දිල්)
හිරන්ත මෝඩ වෙන්න එපා. අපි කළගුණ සැලකුවා හොඳටම ඇති.මෙහෙම ගියොත් අපිවත් විකුණයි.මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න (දිල්)
මෛත්‍රී මහත්තයාගේ ෆොටෝ එකක් තියල මම නම් වන්දනා මාන කරනවා.(නදී)
පිටිගල.දැන්ද තේරුනේ?(නදී)
මෙහෙනම් කිලෝග්‍රෑම් 14.4 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිළ දිරාම් 20 යි. (රුපියල් 708) (නදී)
නිරෝෂ්, මම ගණන් හිලව් කිව්වොත් මේ අදහස පල නොවෙන නිසා කියන්නේ නැහැ. දේශපාලනයේ අත දරුවත් ගහන්නේ කෝටි ප්‍රකෝටි ගණනින්. (නදී)
මෙයාලට දැන්ද අපි කනවද බොනවද කියල මතක් වෙලා තියෙන්නේ. අපි කොච්චර ආදරේ කරපු ආණ්ඩුවක්ද මේ දැන් අපිටම මෙයාල ගැන කල කිරෙන්නේ. අපි මෙයාලව දිනවන්න ඡන්දෙ දීල අපි බලන් හිටිය දුප්පත් අයටත් කන්න බොන්න පුළුවන් වැඩක් කරයි කියල. එ්ත් පැත්ත මාරු වෙනවා මිසක් අපිට සහනයක් වෙයි කියල විශ්වාස කරන්න බෑ දැන්නම්. (අ)
රටේ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන විදිහට රට මෙහෙමවත් ඉතිරි වෙලා තිබීම ගැන දෙවියන්ට ස්තුති කරන්න ඕනේ. (නදී)
සරත් පියසේන, ඔයයි ඇත්ත කතාව කිව්වේ. ස්තූතියි. (ර)
අනේ ගෑස් වල අාශ්චර්ය (නදී)