(රංජන් කස්තුරි )
ගෑස්මිල 10%කින් ඉහළ නැංවීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ප්රතික්ෂේප කෙරුණ බව කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුව අට වතාවක් ගෑස්මිල අඩුකර තිබෙන හෙයින් හා ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගෑස්මිල 10%කින් ඉහළ නැංවීමට සමාගම් ඉල්ලීමක් කර තිබුණ බවද ඇමතිවරයා කීවේය.
ගෑස්මිල ඉහළ නැංවීම ලබන ජනවාරි මාසය දක්වා කල් තැබීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද ඒ මහතා ප්රකාශ කරයි.
කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත කැබිනට් එකෙන් එලියට් විසිවුණා නම් හරි....දේශපාලනයෙන් යන්නම ගියානම් හොඳයි...
ඡන්දෙන් පස්සේ බලමු. හොඳේ
බලන්නකෝ මොනතරම් නම් මේ පුද්ගලයා තම පුරවසියන් හට සේවය කරනවද කියා? දැන් ජනවාරි මාසය දක්වා අපට ගෑස් කන්න බොන්න පුළුවන්.