ගෑස් බිල් නොගෙවිම නිසා ගෑස් නළ මාර්ගය විසන්ධි කිරීමට පැමිණි කාර්මික ශිල්පීන් දෙදෙනෙකුට ඉතාලියේ බොල්සානෝද විචෙන්තීනෝ හී ජෙනරාලේදිජර්දීනෝ මාවතේ ලාංකිකයෙකු විසින් පහර දෙන ලදැයි ඉතාලි පොලිසිය කියයි.
නීත්‍යනුකූලව ඉතාලියේ වාසයකරණ හතලිස්හත් හැවිරිදි ලාංකිකයා ඉතාලි ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට මුහුණට පහරදී ඇති අතර අනෙක් ඉතාලි ජාතිකයාගේ යටිබඩ පිහියකින් කපා ඇත. පසුව ඉතාලි ජාතිකයා රෝහල් ගතකොට ශල්‍යකර්මයකට භාජනය කර ඇත.ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ ඉතාලියේ ජීවත් වෙන සමහර ලාංකිකයන්ගේ හැසිරීම....? හරිම කනගාටුදායකයි .(හේ)
අමාරැවේ වැටෙන්න කලින් නොගෙවන්න බැරි ගෑස් පාවිච්චි නොකර හිටියනම් හොදයි නේද.? (ර)
එහෙම තමයි අපේ ඉතාලියේ ඉන්න සමහර උදවිය. (නි)
ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)
අපේ ජානවල තිබෙන වරදක්ද මන්දා (නි)