
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දින ගණනක් පෝලිම්වල රැදී සිට රස්තියාදු නොවී ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සදහා වු නව වැඩපිලිවෙලක් මාතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ආරම්භ කර ඇත.
මාතර මහ දිසාපති වයි.වික්‍රමසිරි මහතාගේ උපදෙස් මත මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියගේ අධීක්ෂණය යටතේ එය ක්‍රියාත්මක කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ ගෑස් පාරිභෝගිකයෙකුට ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය නම් පලමුව ග්‍රාම නිලධාරීවරයා හමු වී නිර්දේශයක් ගත යුතු වෙයි.
එසේ ලබා ගත් නිර්දේශ ලිපිය මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් භාර දීමෙන් හෝ වට්ස් ඇප් කර එවීමෙන් එම පාරිභෝගිකයා ලියාපදිංචි කර අංකයක් ලබා දීම සිදු කෙරේ.
නිවසකට මාසයකට 01 ගෑස් සිලින්ඩරයක් ද හෝටල් ආදී ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වරකදී ගෑස් සිලින්ඩර් 05 ක් ද බහු දින ධීවර යාත්‍රාවක් සඳහා ධීවර පරීක්ෂකවරයාගේ නිර්දේශය මත ගෑස් සිලින්ඩර් 08 ක් ද ලබා දීමට සැලසුම් කර ඇත.
අදාල පාරිභෝගිකයා ලියාපදිංචි කර ගැනීමෙන් පසු ගෑස් ලබා ගැනීම සඳහා ඔහුට දිනයක් ලබා දීම එස්.එම්.එස් පණිවූඩයකින් හෝ සමාජ මාධ්‍යය ඔස්සේ දැනුවත් කෙරේ.
ඒ අනුව අදාල පාරිභෝගිකයාට ඔහුට ලබා දී ඇති නියමිත දිනට පැමිණීමෙන් ගෑස් ලබා ගත හැකි බව මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙතුන් පොළකට නොගිහින්, ග්‍රාම නිලධාරි සහ ගෑස් අලෙවි නියෝජිත සම්බන්ධ වී ලියා පදිංචි වීමෙන් අංකයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වඩාත් පහසු වේවි...!