
කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේය.
මෙම පාසල එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ඉදි කළ සහ පවත්වාගෙන යන පාසලක් බව පැවැසෙයි.
පලස්තීන වැසියන් පාසලේ ආරක්ෂාව ලැබ සිටි බවත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලස්තීන වැසියොයි හමාස් ත්‍රස්තයොයි වෙන් කරලා අඳුනාගන්නෙ කොහොමද? මේ යුද්දෙ අස්සෙ මොන පාසල්ද? පාසලක ඉන්න මුවාවෙන් එතන හැංගිලා හිටියෙ හමාස්ලා වෙන්න බැරිද?