(සුජිත් හේවාජුලිගේ)
ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි සැකයක් මතුවී ඇති හෙයින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රටේ සමහර ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා ගොස් ඇතත් කොළඹ හතේ, උතුරු පළාතේ,නුවර කුරුණෑගල ප්‍රදේශවල ගෑස් පිපිරීම් සිදුවී නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව දෙමහල් තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේදීය.
මේ උත්සවය ඊයේ(6) පැවැත්විණ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
රටේ ජනතාව අතර ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් කුතුහලයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ගෑස් පාවිච්චියට බය වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපයේදී විසඳුම් ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
"අපි මේ අලුත් අවුරුද්දේ ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. ඒ නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා.
"කොවිඩ් වසංගතයෙන් වැඩියෙන්ම බැට කෑවේ පාසල් දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට තිබුණු අවස්ථා මග හැරුණා. ඔවුන් පීඩනයට පත්වුණා. ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වේවි කියලා මා විශ්වාස කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැලි අරක්කු ගැන කතාකරපල්ලා...
රහසින් විමර්ෂණය කරලා, රහස් පැත්තෙම ගහගන්න..
හැන්ගි හොරා විමර්ශන කරන්ඩ අවස්ය නැහැ. වෙලා තීයෙන්නේ මොනවද කියන එක මේ වෙනකොට මුලු රටම දන්නවා .
දැන් හත්පලේ ගානවා වැඩේ ශේප් කරන්න...
ජෝමි මම දන්න විදිහට නම් ඔය පාසලකට ගියාම තමයි. කළින් නම් ජොනී පාසල් යනවා දැකලා නැහැ.
රහසිගත නම්, පත්තරේ දැම්මම හරිද?
දැන් කොහොමද එක රහසිගත දෙයක් වෙන්නේ?මේ වගේ නාම්බෝ තමා ජනාධිපති වටේ ඉන්නේ
මහාමාර්ග අමාත්‍යකම .ලැබීමත් ගොඩම තමා.
විමල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිසමක් පත් කරනන් කුමන්ත්‍රණ ගැන හොයන්න
රහසිගත පරික්ෂණ කරන්නෙ දැන්ද? නපුංසකයෝ.
ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් සිදුවූයේ දැයි විමර්ශනයක් කිරීම දැන් හරි මතක් වීම ගැන සතුටුයි..
පාස්කු ප්‍රහාරය ගැන සොයන්න විමර්ශනය වගේ තවත් විමර්ශනයක්. ඒ ගොල්ලන්ගෙම අනුග්‍රහයෙන් ගෑස්ලිප් ලිප් විත්තිය දැන් කව්රුත් දන්න කරුනක්
කාණුවක් වගේ කටක් තියෙන මිනිහෙක් පාරේ නිරුවතින් හිටගෙන විකාර කියෙව්වාට කව්රුවත් අහන්නේ නැහැ. කුමන්ත්‍රණයක් තිබෙනවා නම් තිබුණා නම් ලෝකේ හොඳම බුද්ධි සේවයක් තියනවා කියලා පොර ටොක් දුන්නා නොවැ? ඇයි එයාලා මොකද කරේ? ජනපතිතුමාත් අමාරුවේ දමලා වල්මත් කරන්නේ මේ පන්නයේ දේශපාලන මීහරක් තමයි...
මෙයාට නම් රාජපක්ෂ පිස්සුව තදින්ම වැළඳිලා..
ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා.., බාල ගෑස් නිසා ජීවිත, දේපළ හානිවුණු මිනිස්සුන්ට වන්දි ලබාදෙන්න. ඉන්පසු ගෑස් ප්‍රමිතිය බාලකරපු නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
කාණු කටක්... විලිලැජ්ජාවක් ඇත්තේම නැහැ. මේ අයට මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ වගක් නැහැ. මිනිස්සුන්ව හූරා කෑමේ කෙළවරක් නැහැ. මේ අවසාන පාලන කාලය තමයි කියලා හිතට ගන්න. මොළේ කළඳක් තියෙන අය මේ අයට ආයෙත් ඡන්දේ දෙන්නේ නැති බව හොඳින් තේරුම් ගන්න.
ඔන්න ආයෙත් කට ඇරලා.වැසිකිලි ගඳේ ඉන්න බෑ
ලිට්රෝ එකේ ලොක්කා සහ ලාෆ් එකේ අයිතිකරු මෙයාගේ ගෝලයක් නම්, මෙයා ඔවුන්ගේ කෙස් ගහවත් අල්ලන්න දෙන්න නැහැ.