ජාතික ශිල්ප සභාවෙන් අසාධාරණයක් වීයැයි කියමින් නෙළුම් පොකුණ ඉදිරිපිට අඩි 40ක ගසකට නැඟ සිටි මාදම්පේ බන්දුල තිස්ස හපුආරච්චි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ජාතික ශිල්ප සභාවේ අත්කම් තරඟයක දී 2010 දී තෙවැනි තැන දිනූ තමාට කුසලතා සහතිකයක් පිරිනැමීයැයි ඔහු ගසට නැඟ සිටියේ ජනපති හමුවීමට අවස්ථාවක් පතමිනි.
හලාවත දී ඔහු අට්ටාලයකට නැඟ සිටි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ සියල්ල දත් බන්දුල නෙවෙයි නේද ....එයා කට්ටියව නග්ගවන්නේ මුරුංගා ගස් වල, අතු වලට. (නදී)
සිංහයෙක් වගේ ගහ උඩ ඉඳලා.. පොලිසීයෙන් ආවා විතරයි පුස් පැටියෙක් වගේ බිමට රූටලා. ලක්ෂයක ඇපයට වඩා හොඳයි බන්දුල ළමයෝ.. කොට්ටම්බා තල තලා ගහ උඩටම වෙලා හිටියා නම් ! (අ)
ඉස්සර උනේ උසාවි ගියාම ගස් යන එකයි (නදී)