IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෑස් 300කින් බහී

කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.

රුපියල් 1896 ක් ව පැවැති ගෑස් සිලින්ඩරයක මිල මේ අනුව රුපියල් 1596 දක්වා අඩුවේ.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ‘විරු දිරිය‘ නමින් විශේෂ ණය ක්‍රමයක් යෝජනා කර ඇතැයිද අයවැය ලේඛනයේ සඳහන්ය.



අදහස් (0)

ගෑස් 300කින් බහී

සමීර Thursday, 29 January 2015 04:12 PM

විදේශ රටවල දුක් විඳින අයට මොන සහනයක් වත් නැහැ.(හේ)

:       0       0

ජෙහාන් Thursday, 29 January 2015 11:23 AM

මේ දේවල් මෙහෙම වෙනකොට සතුටුයි.(හේ)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:32 AM

බොහොම සන්තෝෂයි. (ර)

:       0       0

හේරත් නිකවැරටිය Thursday, 29 January 2015 11:44 AM

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්නේ නැත්තේ අැයි ? අපි කමෙන්ට් කලාට අපට උත්තර දෙන්නේ කවදාද (නදී)

:       0       0

චාරු Thursday, 29 January 2015 11:51 AM

දැන් අපිට බන්දුල පෙරේරාගේ ගෑස් බලන්න ඕනා නැහැ. (නදී)

:       0       0

යසීම් ජයා Thursday, 29 January 2015 12:12 PM

මෙම අඩු කිරීමෙන් ගෘහනියන්ට විශාල සහනයක් ලබා දී ඇත. (නදී)

:       0       0

අසාන් Friday, 30 January 2015 02:52 AM

නාලි ඇයි ගිය රජයට මේ දේවල් නොකිව්වේ (දිල්)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 29 January 2015 12:29 PM

එතකොට හෝටල් වල තේ එකත් රුපියලකින් අඩු වේවි (නදී)

:       0       0

අනුරාධා Friday, 30 January 2015 03:15 AM

ගමේ බයියට වඩා නගරේ අයියලාගේ අය වැය ජනතාව ගැන බැලුවා...(බ)

:       0       0

පද්මසිරි Thursday, 29 January 2015 12:52 PM

ස්ථීරසාර විසඳුම් වෙනවා නම් ජනතාවට සහනයක් වේවි. අද රටේ ප්‍රධාන අදායම වෙලා තියන විදේශ ශ්‍රමිකයන්ට අනේවාසික ගිණුම් සුළු පොලිය විතරද (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Friday, 30 January 2015 05:41 AM

1977 එජාප රජය බලයට පැමිණි විගස එතෙක් පැවති ක්‍රමය වෙනස් කර අත්‍යාවශ්‍ය හිඟව පැවති පාරිභෝගික භාණ්ඩ සුලබ කර මිළ බෙහෙවින් අඩු කළා. උදාහරණයක් ලෙස 1977 හාල් රාත්තල දුන්නේ ර.2/- ට එය 1994 වන විට රු.20/- දක්වා වැඩි උනා. සීනි රු.2/- එය 1994 වන විට රු. 30/- ක් එදා තේ එකක් ශත පහයි. 1994 වන විට රුපියල් පහයි. බඩු මිළ අඩු කිරීම ඉතා හොඳයි. හැබැයි එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. 2001-2002 ආණ්ඩුව ෆුඩ්සිටි ව්‍යාපාරිකයන්ට වාසිවන පරිදි සතොස විනාශ කළා. ඒවා නැවත සිදු නොවිය යුතුයි.බඩු මිළ අඩුවීම මත ඉදිරියේදී උද්දමනයක් ඇතිවීමද වැලැක්විය යුතුයි. මන්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත ඇති බදු ඉවත් කිරීමෙන් අහිමිවන ආදායම් පියවා ගැනීමට නොහැකි වූ විට සමහර රජයන් ඊට විකල්ප ලෙස මුදල් සැපයුම වැඩි කරනවා. එය රටක ආර්ථිකය විනාශ වීමට හේතුවක්. (බ)

:       0       0

රුක්මාල් Friday, 30 January 2015 05:48 AM

අඩු කරපු දේ ගැන සතුටුයි. හාල් මිලත් අඩු වුනා නම් තමයි හොඳ? වාහන බද්ද අඩු වීම හොඳයි. නමුත් අමතර කොටස් වලට උපරිම මිල ගහනවානම් හොඳයි. කොත්තමල්ලි එකෙත් උපරිම සිල්ලර මිල තියෙනවා. (බ)

:       0       0

ශාන් Thursday, 29 January 2015 01:42 PM

අැති යන්තම් ආයෙත් අපිට ලැබෙන මුදලට සතුටෙන් ජීවත් වෙන්න ලැබෙනවා (නදී)

:       0       0

නාලි Thursday, 29 January 2015 01:59 PM

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල බාගෙකින් අඩුවෙලා (නදී)

:       0       0

සුජිත් ටෝකියෝ Thursday, 29 January 2015 02:44 PM

එතකොට අර ගොඩේ බයියා කිව්ව කෙනාගේ අය වැයට වෙන්නේ මොකද්ද (දිල්)

:       0       0

සහන් Thursday, 29 January 2015 02:56 PM

නාලි ,හරින්ගෙන් 300/-, අලුත් ජනපතිගෙන් 300/-, මුදල් ඇමතිගෙන් 300/-, ඔක්කොම 900/- යි. මේ තුන්දෙනා නැත්නම් ඔයාලගේ බාප්පා තවමත් 2496/- ටම තමා ගෑස් විකුනන්නේ. ඔච්චර කුහක වෙන්න එපා (නදී)

:       0       0

පද්මිණී Thursday, 29 January 2015 03:24 PM

හැම අවුරුද්දෙම ලංකාවට ගියාම මම අක්කට ගෑස් සිලින්ඩරයක් අරන් දුන්නේ. එ්ත් උදේට පොල් ලෙලි දමදමා ලිපට පිඹිනවා. අනේ, දැන්වත් හිතේ හැටියට උයාගෙන කයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site