කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.
රුපියල් 1896 ක් ව පැවැති ගෑස් සිලින්ඩරයක මිල මේ අනුව රුපියල් 1596 දක්වා අඩුවේ.
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ‘විරු දිරිය‘ නමින් විශේෂ ණය ක්‍රමයක් යෝජනා කර ඇතැයිද අයවැය ලේඛනයේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල දුක් විඳින අයට මොන සහනයක් වත් නැහැ.(හේ)
මේ දේවල් මෙහෙම වෙනකොට සතුටුයි.(හේ)
බොහොම සන්තෝෂයි. (ර)
කිලෝ ග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්නේ නැත්තේ අැයි ? අපි කමෙන්ට් කලාට අපට උත්තර දෙන්නේ කවදාද (නදී)
දැන් අපිට බන්දුල පෙරේරාගේ ගෑස් බලන්න ඕනා නැහැ. (නදී)
මෙම අඩු කිරීමෙන් ගෘහනියන්ට විශාල සහනයක් ලබා දී ඇත. (නදී)
නාලි ඇයි ගිය රජයට මේ දේවල් නොකිව්වේ (දිල්)
එතකොට හෝටල් වල තේ එකත් රුපියලකින් අඩු වේවි (නදී)
ගමේ බයියට වඩා නගරේ අයියලාගේ අය වැය ජනතාව ගැන බැලුවා...(බ)
ස්ථීරසාර විසඳුම් වෙනවා නම් ජනතාවට සහනයක් වේවි. අද රටේ ප්‍රධාන අදායම වෙලා තියන විදේශ ශ්‍රමිකයන්ට අනේවාසික ගිණුම් සුළු පොලිය විතරද (නදී)
1977 එජාප රජය බලයට පැමිණි විගස එතෙක් පැවති ක්‍රමය වෙනස් කර අත්‍යාවශ්‍ය හිඟව පැවති පාරිභෝගික භාණ්ඩ සුලබ කර මිළ බෙහෙවින් අඩු කළා. උදාහරණයක් ලෙස 1977 හාල් රාත්තල දුන්නේ ර.2/- ට එය 1994 වන විට රු.20/- දක්වා වැඩි උනා. සීනි රු.2/- එය 1994 වන විට රු. 30/- ක් එදා තේ එකක් ශත පහයි. 1994 වන විට රුපියල් පහයි. බඩු මිළ අඩු කිරීම ඉතා හොඳයි. හැබැයි එය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. 2001-2002 ආණ්ඩුව ෆුඩ්සිටි ව්‍යාපාරිකයන්ට වාසිවන පරිදි සතොස විනාශ කළා. ඒවා නැවත සිදු නොවිය යුතුයි.බඩු මිළ අඩුවීම මත ඉදිරියේදී උද්දමනයක් ඇතිවීමද වැලැක්විය යුතුයි. මන්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මත ඇති බදු ඉවත් කිරීමෙන් අහිමිවන ආදායම් පියවා ගැනීමට නොහැකි වූ විට සමහර රජයන් ඊට විකල්ප ලෙස මුදල් සැපයුම වැඩි කරනවා. එය රටක ආර්ථිකය විනාශ වීමට හේතුවක්. (බ)
අඩු කරපු දේ ගැන සතුටුයි. හාල් මිලත් අඩු වුනා නම් තමයි හොඳ? වාහන බද්ද අඩු වීම හොඳයි. නමුත් අමතර කොටස් වලට උපරිම මිල ගහනවානම් හොඳයි. කොත්තමල්ලි එකෙත් උපරිම සිල්ලර මිල තියෙනවා. (බ)
අැති යන්තම් ආයෙත් අපිට ලැබෙන මුදලට සතුටෙන් ජීවත් වෙන්න ලැබෙනවා (නදී)
ලෝක වෙළඳ පොලේ ගෑස් මිල බාගෙකින් අඩුවෙලා (නදී)
එතකොට අර ගොඩේ බයියා කිව්ව කෙනාගේ අය වැයට වෙන්නේ මොකද්ද (දිල්)
නාලි ,හරින්ගෙන් 300/-, අලුත් ජනපතිගෙන් 300/-, මුදල් ඇමතිගෙන් 300/-, ඔක්කොම 900/- යි. මේ තුන්දෙනා නැත්නම් ඔයාලගේ බාප්පා තවමත් 2496/- ටම තමා ගෑස් විකුනන්නේ. ඔච්චර කුහක වෙන්න එපා (නදී)
හැම අවුරුද්දෙම ලංකාවට ගියාම මම අක්කට ගෑස් සිලින්ඩරයක් අරන් දුන්නේ. එ්ත් උදේට පොල් ලෙලි දමදමා ලිපට පිඹිනවා. අනේ, දැන්වත් හිතේ හැටියට උයාගෙන කයි. (නදී)