ශ්රී ලංකා හා පාකිස්තාන නායකයෝ පාකිස්තානයේදී අද (06) ද්වී පාර්ශවික ගිවිසුම් හයකට අත්සන් තැබුහ.
පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායන් පිළිබඳ ලක්ෂමන් කදිර්ගාමර් මධ්‍යස්ථානය අතර සහයෝගීතාව, ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන මත්ද්‍රව්‍ය හා එවැනි නිෂ්පාදන සඳහා ගන්නා රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය තහනම් කිරීම,දේශගුණික විපර්යාස හා අපාදා කළමණාකරණය ක්‍රිඩා සංවර්ධනය,පාකිස්තානය හා ශ්‍රී ලංකා නැව් සංස්ථා අතර අවබෝධය වැඩි කිරීම, දෙරටේ පරමාණුක බල ශක්ති කොමිෂන් සභා අතර සහයෝගය වැඩි දියුණු කිරීම සඳහා වන ගිවිසුම් වලට අත්සන් තැබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන හා නවාශ් ශරීෆ් අගමැති ඉදිරියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානය ශ්‍රී ලංකාවේ කල්‍යාන මිත්‍රයෙක්. දෙරටටම උණුසුම් සුභ පැතුම් (බ)
මේ මනුස්සයට ලෝකේ වටේ යනවා හතර අතේ ගිවිසුම් ගහගහ, කොහෙන් කෙලවර කරගනීද දන්නේ නෑ, දන්නා විදිහට නම් මෙයාට රාජ්‍යතාන්ත්‍රික දක්ෂකමක් නෑ. බුද්ධිමත්ව මෙහෙම දෙයක් කරගන්න, රනිල් මහත්තය මේකේ පිටිපස්සේ නොහිටින්න ඔක්කොම අනාගන්නව මෙයා! (ස)
ඉන්දියාව බලාගෙන හිටියේ එල් ටී ටී එක විසින් ශ්‍රී ලංකා හමුදාවන් විනාශ කරන තුරු වෙන්න ඇති. (බ)
පාකිස්තානේ නම් හොඳයි ඒ වුනාට සිරිසේන මහතා මොනවාට අත්සන් කරනවාද කියන එක ප්‍රශ්නයක් තමයි. (බ)
ඔබතුමා ගන්නා තීරණ හොඳින් හිතාමතා ගන්නා බව අපිට විශ්වාසයි (නි)
ජනපති බිරිද මෙවර ගියේ නැද්ද ?(දිල්)
ගිවිසුම් රටට දන්වන්න. (ර)
ගිවිසුම්, ගිවිසුම්, ඉවරයක් නැති ගිවිසුම්... ඉන්දියාව, චීනය, පාකිස්තානය... ඊළඟට කොයි රට එක්කද? ඔය හැම රටක්ම තමන්ගේ වාසියට ගිවිසුම් ඉදිරිපත් කරන්නේ. ඉන්දියාව අපේ මත්ස්‍ය සම්පතට කුරුමානම් අල්ලනවා. චීනය දැනටමත් වරායවල් අල්ලාගෙන. පාකිස්තානෙට උවමනා මොකක්ද? අනේ මගේ රටට ගිය කල! (නි)
ජයවේවා! (නි)
අනේ මේ දුමින්ද, ඔයා ගිහින් අහගන්න. (නි)
මම අසාතිබෙන විදියට පාකිස්තානයේ අය කපටි අය නෙමෙයි (නි)
පාකිස්තානය කියන්නේ අපේ හොඳ මිතුරෙක්. යුද්ධය තිබුණු වේලෙත් පකිස්තාන රජය අපිට සෑහෙන උදව් කළා.(නි)
දැන් මේ දින 100 තුළ ගිය සංචාර වල ගහපු ගිවිසුම් තොගයෙන් රටම ගොඩයයි නේද?? (නි)
මට හිතෙන්නේ පාකිස්තානය අපිට යුද්දෙදිත් උදවුකළා ඉන්දියාව උදවු නොකරද්දී (නි)
ජිනසිරි වගේ කට්ටිය ඕනෑ එහෙකට ජය වේවා ගානවා.දන්නෙත් නැහැ මොකටද කියලා. ඔහෙලා හින්දා තමයි රටට මේ හෙණේ වුණේ! (නි)