හර්ෂණ තුෂාර සිල්වා
මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වරාය හා නාවික අමාත්‍යාංශය හෝ මහාමාර්ග අමාත්‍යාංශය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණත් එම අමාත්‍යාංශ දෙකම පක්ෂ දෙක අත්සන් තැබූ ගිවිසුම අනුව ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශවය දැඩි උත්සහායක නිරත වී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්‍ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.
මීළඟ අමාත්‍යාංශ මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය.
මේ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමාට පැවැරී තිබූ විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පැවැරීමට කටයුතු කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍යාංශ 30 පක්ෂ දෙක අතර බෙදා ගනිමින් වසර දෙකක ජාතික ආණ්ඩුවකට මුල පිරීය.
එම ගිවිසුම වසර පහක කාලයක් සඳහා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු පසුගිය වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1948 සිට ඔලු ගෙඩි මාරු උනාට මොලේ තියෙන ඇමතිවරු මේ රටේ පත් කරගන්න කවදාවත් අපිට බැරි වුනා. ඔය කව්රු ආවත් එන්නේ හොරා කන්න.
පක්ෂ දෙකෙන්ම දක්ෂකම් මින් පෙර සහ දැනුත් පෙන්වා ඇත්තේ එකම පුද්ගලයායි . ඔහු නම් චන්ද්‍රිකා රජයේ හිටපු ප්‍රබල ඇමති කෙනෙකි. පසුව unp යට ගොස් ඇත .
විශ්ව විද්‍යාලයක උපාදියක් තියන 25 දෙනයි ලංකා පාර්ලිමේන්තුවේ ඉන්නේ - රටේ නීති හදන විවාද කරන තැන තත්වේ එහෙමයි. ඉන්න උගත් කීප දෙනාත් තමන්ගේ ඉදිරි පරම්පරා 4-5ක් එක පාර්ලිමේන්තුවෙන් ගොඩදාගන්න ආපු උදවිය. එහෙවු තත්වයක් යටතේ ඉන්න හොරුන්ගෙන් රටට වැඩියම හොඳ හොරුන් තොරගන්නයි වෙලා තියෙන්නේ. ඉස්සර හිටි හොරු එහෙම හොරු බවයි මගේ අදහස, රටටත් වැඩක් කල හොරු. දැන් ඉන්න හොරුන්ගේ කයියයි හොරකමයි රට බෙදීම සහ රට පාවාදීමයි විතරයි, වැඩක් පෙනෙන තෙක් මානෙකවත් නෑ.
ඔලුව කැක්කුමට කොට්ට මාරු කරලා වැඩක් නැහැ. අනික, කොට්ට කිව්වට මේවා ලී කොට කෑලි මිසක් අඩු ගානේ ගෝනි පඩංගු කොට්ටවත් නෙමෙයි.
පුළුවන් නම් ඔය හැම දේටම කටදාන වාචාලයෝ ටික එලෙවුවොත් තමයි හොද.
විකී හරි මහින්ද අමරවීර ඇමතිතුමා හරිම දක්ෂයෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හොඳ ඇමතිකම් ඇත්තෙම නැද්ද ගැටුම් ඇතිවුණානම් ගිවිසුම් ගැන නොසිතා අදහස් ප්‍රකාශ කලේ ඇයි
මේ මිනිස්සු රටට මොනවද කරලා තියෙන්නේ අපි මෝඩයෝ වගේ මුන්ට ඡන්දෙ දීල උඩ බලාගෙන ඉන්නවා. මමත් ඡන්දෙ දුන්න තමයි අපරාදේ. මුන් වාහන ගන්න දඟලනවා රටේ මිනිස්සු හිගාකනවා. අපිට ඉවසන්න කියන උන්ට ඉවසන්න අමාරුද රටගැන හිතල. අපිට පිස්සු .
ආපු දවසේ ඉඳල කරපු හැම එකේම ප්‍රශ්න. මුළු රටම ප්‍රශ්න ගොඩක් කරලා ඉවරයි. සංශෝධන ඕනේ නැහැ. දෙයියන්ගේ නාමෙට ඉක්මනටම තොලොන්චි වෙලා පලයවූ මේ රට ජාතිය විනාස නොකර.
කවුරු කවුරුත් ගොඩ ලොකු කරගන්න බලනවා ඇති. කෙසේ වෙතත් ඔය වාචලයින්ගේ ඇමැති ධුරවලින් මාරු කලත් නම් ලොකු ආදර්ශයක් කාට කාටත්. ඉන් පසුවවත් හැදෙන්ඩ බලයි.