මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ 81 දෙනෙකු අද හිස් අතින්ම යලි දිවයිනට පැමිණියහ.
කටාර් රජයෙන් පිරිමි පුදගලයෝ 32 ක්, සෞදි අරාබියෙන් 21 ක් සහ කුවෙට් රජයෙන් 28 දෙනෙක් මෙලෙස ආපසු පැමිණ සිටින අය අතර සිටිති.
මින් බහුතරයක් එරට රැකියා නියෝජිත ආයතන හා හාම්පුතුන් විසින් අදාල රැකියා ගිවිසුම් කඩ කිරීම සහ වැටුප් නොගෙවීම මත ආපසු පැමිණි අයවලුන් වෙති.
මේ අතර සිටි තවත් පිරිසක් තමන් සේවය කළ නිවෙස් වල හාම්පුතුන්ගෙන් වූ කරදර සහ තාඩන පීඩා හේතුවෙන් අසරණ වී නිවෙස් වලින් පැනගොස් ගොස් රැකවරණ පැතූ අයයි.
එරට හාම්පුතුන් විසින් විවධ තාඩන පීඩන වලට පත් කළ බව කියන කාන්තාවෝද, හදිසි අනතුරු වලට ලක් වූවෝද, විවිධ රෝගාබාද වලට ගොදුරු වුවෝද, එරට රැදී සිටීමට වලංගු ලියකියවිලි නොමැති වීම මත පොලිස් අත්අඩංගුවට පත්ව එරට සිරමැදිරි වල කල් ගෙවූවෝද මේ අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් ගැන තුට්ටුවටවත් ගණන් ගන්නේ නැති මේ රටවල් ගැන මානව හිමිකම් කවුන්සිලය බලන්නේ නැද්ද? (නි)
කවූද කියන්නේ ? විස්තර ඇතුව පල කරන්න. (ර)
පව්.කිසිම කෙනෙක් නැහැනේ මේ වගේ අසරණ වූ මිනිස්සු ගැන කතා කරන්න. (නි)
තානාපතිලා කොහෙද ඉන්නේ? විදේශ සේවා නියුක්ති කාර්යංශය මොකද කරන්නේ? සල්ලි හොයල රටට එවනකම් දේශ පාලුවන්ට හොඳා. (නදී)
පවු. ඔවුන් ගැන කණගාටුයි (නි)
මහා ලොකුවට පම්පෝරි ගහන විදේශ නියුක්ති කාර්‍යංශයෙන් අපි ගැන බලන්නේ නැහැ (නදී)
කාන්තාවන් රට රැකියාවලට යවන්න එපා.(නදී)
ඔය ප්‍රශ්නේ එක ෂොට් එකෙන් විසදන්න සැදී පැහැදී පුරසාරන් දොඩන කෙනෙක් ඉන්නවා නේද? (නදී)
විදේශ සේවා එකේ රක්ෂන ෆන්ඩ් එකේ බිලියන දහස් ගානක් තියෙනවා. රැකියාව අහිමි වෙලා, කරදර වෙලා එන අයට ලැබෙන්නේ බස් ගාස්තුව විතරයි. රට යන හැම කෙනෙක්ම 2500 දීල රක්ෂනය උනාට සත පහක වැඩක් නැහැ (නදී)
අපිට අපි මිස වෙන කව්රුවත් නැත (නදී)