IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගිවිසුම් කඩ කළ 81 ක් මැද පෙරදිගින් එති

මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ  81  දෙනෙකු   අද  හිස් අතින්ම යලි දිවයිනට පැමිණියහ.

කටාර් රජයෙන්  පිරිමි පුදගලයෝ 32 ක්, සෞදි අරාබියෙන් 21 ක් සහ කුවෙට් රජයෙන් 28 දෙනෙක් මෙලෙස ආපසු පැමිණ සිටින අය අතර සිටිති.

මින් බහුතරයක්  එරට  රැකියා නියෝජිත ආයතන හා හාම්පුතුන්  විසින්  අදාල රැකියා ගිවිසුම් කඩ කිරීම සහ  වැටුප් නොගෙවීම මත ආපසු  පැමිණි අයවලුන් වෙති.

මේ අතර සිටි තවත් පිරිසක්  තමන් සේවය කළ නිවෙස් වල හාම්පුතුන්ගෙන් වූ කරදර සහ තාඩන පීඩා හේතුවෙන් අසරණ වී නිවෙස් වලින් පැනගොස් ගොස් රැකවරණ පැතූ අයයි.

එරට හාම්පුතුන් විසින් විවධ තාඩන පීඩන වලට  පත් කළ බව කියන කාන්තාවෝද, හදිසි අනතුරු වලට ලක් වූවෝද, විවිධ රෝගාබාද වලට ගොදුරු වුවෝද,  එරට  රැදී  සිටීමට වලංගු ලියකියවිලි නොමැති වීම මත පොලිස් අත්අඩංගුවට පත්ව එරට සිරමැදිරි වල කල් ගෙවූවෝද මේ අතර වූහ.

 

 



අදහස් (0)

ගිවිසුම් කඩ කළ 81 ක් මැද පෙරදිගින් එති

හෆීල් Saturday, 13 December 2014 04:28 PM

මානව හිමිකම් ගැන තුට්ටුවටවත් ගණන් ගන්නේ නැති මේ රටවල් ගැන මානව හිමිකම් කවුන්සිලය බලන්නේ නැද්ද? (නි)

:       0       0

සුමිත් Sunday, 14 December 2014 09:18 AM

කවූද කියන්නේ ? විස්තර ඇතුව පල කරන්න. (ර)

:       0       0

ජනනාද Saturday, 13 December 2014 06:08 PM

පව්.කිසිම කෙනෙක් නැහැනේ මේ වගේ අසරණ වූ මිනිස්සු ගැන කතා කරන්න. (නි)

:       0       0

ජයන්ත දසනායක Sunday, 14 December 2014 10:34 AM

තානාපතිලා කොහෙද ඉන්නේ? විදේශ සේවා නියුක්ති කාර්යංශය මොකද කරන්නේ? සල්ලි හොයල රටට එවනකම් දේශ පාලුවන්ට හොඳා. (නදී)

:       0       0

යසංග Saturday, 13 December 2014 06:20 PM

පවු. ඔවුන් ගැන කණගාටුයි (නි)

:       0       0

කුරුවිට Sunday, 14 December 2014 03:03 AM

මහා ලොකුවට පම්පෝරි ගහන විදේශ නියුක්ති කාර්‍යංශයෙන් අපි ගැන බලන්නේ නැහැ (නදී)

:       0       0

ජිලෝ Sunday, 14 December 2014 03:33 AM

කාන්තාවන් රට රැකියාවලට යවන්න එපා.(නදී)

:       0       0

රොබින් Sunday, 14 December 2014 03:33 AM

ඔය ප්‍රශ්නේ එක ෂොට් එකෙන් විසදන්න සැදී පැහැදී පුරසාරන් දොඩන කෙනෙක් ඉන්නවා නේද? (නදී)

:       0       0

සංජය Sunday, 14 December 2014 05:25 AM

විදේශ සේවා එකේ රක්ෂන ෆන්ඩ් එකේ බිලියන දහස් ගානක් තියෙනවා. රැකියාව අහිමි වෙලා, කරදර වෙලා එන අයට ලැබෙන්නේ බස් ගාස්තුව විතරයි. රට යන හැම කෙනෙක්ම 2500 දීල රක්ෂනය උනාට සත පහක වැඩක් නැහැ (නදී)

:       0       0

ප්‍රියානි වීරකෝන් Sunday, 14 December 2014 06:43 AM

අපිට අපි මිස වෙන කව්රුවත් නැත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site