නිවාස ඉදිකරදෙන බවට මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න මුදලක් වංචා කළ බව කියන බම්බලපිටියේ නිවාස ඉදිකිරිම් සමාගමක අධ්‍යක්ෂකවරුන් වන සැකකාර යුවළක් (13) අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් වංචා විමර්ෂණ කාර්‍යංශය පවසයි.
බම්බලපිටියේ සය මහල් ගොඩනැගිල්ලක පස්වෙනි තට්ටුවේ පවත්වාගෙන ගොස් ඇති මෙම සමාගමේ ප්‍රධානියා පොලිසිය මගහරමින් සිටින බවත් ඔහුවද අත්අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිසිය කියයි.
සැකකාර යුවළ පෙර පාසැල් ගුරුවරියක් සහ ජායාරූප ශිල්පියෙක් ලෙසද කටයුතු කරති.
වංචාවට හසු වු ගැනුම්කරුවන් 12 ක් පොලිසියට ඉදිරිපත්ව ඇති බවත් තවත් 45කගේ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන පොලිස් බාරයේ ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය අපේ රටේ තිබෙන සියලුම නිවාස ඉදිකිරිම්, දේපල විකුණන ආයතන නියාමනය, අධික්ෂණය හා පසුවිපරම යන කරණු ආවරණය වන විදිහට නීති රිති සම්මත කරලා ක්‍රියාත්මක කරන්න දැන්වත් කටයුතු කරන්න අවශ්‍යයි. මේවට අහුවෙන මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ. එ් අය අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් ගෙයක් හදාගන්න එක ඒ අයගේ හීනයක්. ඒ හීන හොරු අරන් ගිහින්.... හරිම කණගාටුයි. උදාගම් විතරක් හද හද ඉදලා හරි යන්නේ නෑ. බලන්න මේසන්/වඩු බාස්ලා කරන හොර වැඩ, වංචා, ඒ වගේම කර කර ඉන්න ඉදි කිරිම් වැඩ අතහැරලා වෙනත් තැන්වල වැඩ අල්ල ගන්න ඒවා. මේ සේරම නිවැරදි කරේ නැත්නම් අපේ රටට කවදාවත් දියුණු වෙන්න නම් බැහැ... (ර)
තණ්හාව වැඩි තැන මෝහය ඇතිවේ. (ර)
මෙම අායතනයේ නම දාන්නකෝ අපිට දැනගන්න (නි)
පිටිගල අහුවුන නැති එකයි පුදුමේ... (ර)
මමත් වාසනාවකට වගේ මේගොල්ලන්ගෙන් බේරුනා. මට අවශ්‍ය විදියට ප්ලෑන් වෙනස් කරලා, මුදල ගිවිසගෙන, ඉඩම පෙන්වීමට නියමිත් දින, නියමිත වෙලාවට ඔව්න් නොපැමිණෙන බව මට දැනුම් දුන්නා. නමුත් ඊට පැය කීපයකට පසු දිගින් දිගටම මට කෝල් කරමින් එදින නොපැමිණීම ගැන සමාව ඉල්ලමින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් මම ඔවුන්ට කිව්වා 'ගිවිසගත් දිනයක ගිවිසගත් වෙලාවට එන්න බැරි මිනිසුන් සමඟ මගේ ගනුදෙනුවක් නැහැ' කියලා (නි)
මේ ගැන ගවේශණාත්මක තොරතුරු පුවත් පතේ පළකරන්නේ නම් හොද සේවයක්.(ම)
මට තියෙන ප්‍රශ්නය රට පුරා ඇති ඔය වගේ කොම්පැණි නීත්‍යානුකූල ඒවාද යන්නයි. හොරු මොකක්හරි නමක් දාගෙන මිනිසුන්ගේ සල්ලි එකතු කරනවා. (නි)
මේක අද ඊයේ විතරක් කරපු වැඩක් නොවෙයි. මිනිසුන්ගෙන් සල්ලි අරගෙන ඉතා බාල ප්‍රමිතියෙන් තියෙන නිවාස තමයි හැදුවේ. කොන්ත්‍රාත්කරුවට කෑලි ගණනට දීලා හදන ගෙවල් අධීක්ෂණය කරන්න අධීක්ෂකවරු නැහැ. ඉතින් කොන්ත්‍රාත්කරු ඕනෑ ඕනෑ දේවල් ඕනෑ ඕනෑ විදිහට කරනවා. පත්තර පිටු පුරා දැන්වීම් දානවා. ඒත් තවමත් දැන්වීම් දානවා. අපේ රටේ ඕනෑ හොරෙකුට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. (නි)
ගෙවල් දේපොළ මිලදී ගැනීමේදීත්, ඉදිකිරීමෙදීත් නිසි අත්දැකීම් ඇති වරලත් ඉංජිනේරුවකුගේ හෝ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදේශන සේවාවන් ලබාගන්නවා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. ඉදිකිරීම් සමාගම් හෝ ඉංජිනේරු උපදේශන සේවා සපයන ආයතන වලින් මේ උපදේශන ලබාගත හැකි පළපුරුදු වෘත්තියවේදීන් සොයාගත හැකියි. (නි)
මේවා නියාමනය කරන්න ආයතනක් නැහැ මම දන්නා තරමින්. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් හෝ ගොඩනැගිලි ඉදිකිරීම හා මිලදී ගැනීම සඳහා උපදේශනයට සුදුසු ඉංජිනේරු උපදේශක නාමාවලියක් සකස් කර ප්‍රසිද්ධ කරන්නේ නම් ප්‍රයෝජනවත්. (නි)
අඩුම තරමේ මේ ආයතන නීත්‍යානුකූලද නැද්ද යන වග ඒ ප්‍රදේශයේ ග්‍රාමසේවක හෝ පොලිසිය දැනුවත් වෙලා නැද්ද? (නි)
පවු අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු! (නි)
රටේ මේ වගේ හොර ගෙවල් හදනවා කියලා සල්ලි කඩාගන්න සමාගම් ගණනාවක් තිබුනත්, ඉස්සර ඉඳලම බලවතුන්ගේ උදවුද තිබුන නිසා මිනිස්සු පැමිණිලි කළත් අල්ලන්නේ නැහැ. (නි)
අපිව මේ තැන ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි (නි)
මේ අයට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)
ලංකදීපට ස්තුති කරන්න ඕන මේ වගේ ලිපි පලකරනවාට,(හේ)
ඕක රටේ පලවෙනි එකත් නෙවි අන්තිම එකත් නෙවි, රට පුරහම කලින් කලට "සක්විත්තන්" ගැන ආරංචි වෙනවා හැබයි රටේ ඉන්න සමහරුන්ගේ මෝඩකම් වලට බෙහෙත් නැහැ නේ මෝඩයෝ අනුන්ගේ විපත් වලින් පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ නේ. (ර)
මේවා මෝඩ කම් වලට ගෙවන ලද වන්දියක්. මෝඩයෝ වැඩියෙන් ඉන්න රටවල හොරුන් සහ වංචා කාරයිනුත් වැඩියි. (බ)
ඉතාලියේ වෙසෙන බොහෝ ලාංකිකයෝද මෙම ගෙවල් කොන්ත්‍රාත් කරුවන්ට බිලිවී ඇත. කලකට පෙර මෙහි තිබු සිංහල රුපවාහිනි නාලිකාවක බීමත්කම වැඩිනිසාදෝ අඬමින් ප්‍රේක්ෂකයා නිතර ඇමතු නිවේදකයෙක් මෙම වංචා සහගත ආයතනය ඉතාලිය තුල මෙම නාලිකාව අධාරයෙන් ප්‍රචලිත කළා.(බ)