IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගෙවල් හදන්න රෙදි කම්හලකට දීලා

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු රාඩා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ එතෙර ගමන් තහනම් කිරිමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් පොලීසිය අද ලබා ගත්තේය

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පහත නිවේදනය නිකුත් කළේය.

පසුගිය සුනාමි  ව්‍යසනයෙන් නිවාස අහිමි වු උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයයේ අනුමැතිය මත රාඩා නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත.

මේ ආයතනයේ සභාපති ලෙස කටයුතු කැර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

මහා භාණ්ඩාගාර වැය ශිර්ෂ 803 යටතේ මහා භාණ්ඩාගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා  මෙම රාඩා අයතනයට මුදල් ලබා දී ඇත.

නිවාස සෑදීමේ කටයුතු සඳහා බී එම් කේ හෝල්ඩින්ග්ස් නැමැති  ආයතනයත් එවරස්ට් සිවිල් ඉංජිනියරින් නැමැති ආයතනයකුත් පිහිටුවාගෙන ඇත.

මෙම ආයතන දෙකෙන් බි එම් කේ හෝල්ඩින්ග්ස් යන ආයතන ලියාපදිංචි කර ඇත්තේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් වන අතර එවරස්ට්  සිවිල් ඉංජිනියරින් යන අයතන කිසිදු ලියාපදිංචියක් සිදු කැර නැත.

තවද මෙම ආයතනයන්හි ලිපිනයන් සම්පුර්ණයෙන්ම  ව්‍යාජ වේ.

මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබෙන මුදල්  ජනාධිපතිකාර්යාලය විසින් රාඩා ආයතනයට  බැර කරන අතර රාඩා ආයතනය විසින්  ඉහත ව්‍යාජ ආයතන හරහා ඌමීස් ටෙක්ස්ටයිල් ලිමිටඩ්  නැමැති ආයතනයට එම මුදල් බැර කර ඇත.ඉහත බී එම් කේ හෝල්ඩින්ග්ස් නැමැති ව්‍යාජ ආයතනයේත් ඌමීස් ටෙක්ස්ටයිල් නැමැති ආයතනයෙත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන්  කටයුතු කැර ඇත්තේ  ශාන්ති කුමාර්  ගජන් කුමාර් නැමැති පුද්ගලයා වන අතර  අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ  ඔහුගේ මව හා සහෝදර සහෝදරියන් වේ.

මෙම ඌමීස් ටෙක්ස්ටයිල් ආයතනයට ලැබෙන රජයේ මුදල් එම ආයතනයෙන් නැවත ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී   ටිරාන් අලස් යන අය හා එල් ටි ටී ඊ සාමාජිකයෙකුව සිටි ඇති එමිල්  කාන්තන් යන අය බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ අනුව රාධා ආයතනය වෙත රුපියල් මිලියන 645 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඒවා ඇති අතර  විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ උතුරු නැගෙනහිර  පළාත් වල කිසිදු නිවසක් මොවුන් විසින් ඉදි කැර නොමැති බවයි.

මේ වන විට එකී මුදලින් රුපියල් මිලියන 125 ක් (චෙක්පත් 09 ක් මගින්) වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.තවද මෙම රාධා ආයතනය 2006 වර්ෂයේදීම වසා දමා ඇත.

මේ සම්බන්ධයෙන් ව්‍යාජ ආයතනයන්හි අධ්‍යක්ෂවරුන් වන ශාන්ති කුමාර් ගජන් කුමාර් යන අයවත් ඔහුගේ මව වන ආනන්දි ශාන්ති කුමාර්  යන අයවත් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන අය ඇතුළු රාඩා  ආයතනයේ  අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ  ගුවන් ගමන් බලපත්‍ර තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගෙන ඇත.

දුෂණ විරෝධි පෙරමුණ විසින් පොලිස්පති වෙත භාරදී ඇති පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසිනි.

 

 

 



අදහස් (0)

ගෙවල් හදන්න රෙදි කම්හලකට දීලා

කිත්සිරි Tuesday, 07 April 2015 10:30 PM

මෙහෙම ගසාකන මුදල් වලින් සුරසැප විඳලා ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

නුවන් Wednesday, 08 April 2015 06:56 AM

මහින්දගේ කාළේ මෙවැනි සිදුවීම් හැම තැනම සිදුවුණා. ඒත් කැකිල්ලේ නඩු තීන්දු ලැබුණේ. මෛත්‍රී පාලනයෙන් නම් නිසි දඬුවම් ලැබේ යැයි සිතේ. (ස)

:       0       0

කරුණාරත්න Wednesday, 08 April 2015 02:44 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 03:15 AM

හරි-වැරැද්ද කුමක්ද කියා නිසැකව සෙවිය යුතුමය (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 April 2015 04:13 AM

ඉතින් හරිනේ.ගෙවල් හදන්න දෙන්න ඕනෑ රෙදිපිළි ව්‍යාපාරිකයන්ට.මහාමාර්ග හදන්න දෙන්න ඕනෑ කළුකඩ මුදලාලිලාට වාරිමාර්ග දෙන්න ඕනෑ වඩුවෙකුට. ඒ වගේම තමයි අනෙක් වැඩකටයුතුත්. එතකොටනේ ඔක්කොම සමබර වෙන්නේ. (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 07 April 2015 04:42 PM

හිටපු ජනපතිතුමා මේ වගේ තක්කඩියන් හොරුන් පිරිසක වටකර ගත්තේ කගේ අවාසනාවටද? (ස)

:       0       0

ගමගේ Wednesday, 08 April 2015 04:23 AM

රෙදි කම්හලකට ගෙවල් හදන කොන්ත්‍රාත්තුව දුන් නිසානේ ඒ අය රෙදි ඇඳගෙන මාධ්‍ය සාකච්ඡා තියන්නේ. එහෙම නොකළා නම්නේ විනිවිද පෙනෙන රෙදි ඇඳගෙන එන්නේ. (නි)

:       0       0

චන්න Tuesday, 07 April 2015 05:49 PM

නිමල්ට මොනවා වෙලාද? (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 08 April 2015 04:48 AM

හිටපු ජනපතිතුමා මේ වගේ තක්කඩියන් හොරුන් පිරිසක් වටකර ගත්තේ කාගෙවත් උවමනාවකට නොවේ එයාගේ පරම්පරාවට ධනය රැස් කරන්න ජනතාව පාරට දාල එයාල සැප විදින්න මේක ජනතාව හොදින් තේරුම් ගත යුතුයි එ්ක නිසා තමයි අපි එයාව ආයේ එපා කියන්නේ දේසශපාලනයට පරම්පරාවම එකතුවෙලා අපිව මහා පාරට දාන්න හදන්නේ අද කියනකන් කවුරුවත් දන්නේ නැහැනේ මේවා කොටි එක්ක ගනුදෙනු කළ ආකාරය (බ)

:       0       0

උපාලි Tuesday, 07 April 2015 07:45 PM

නිමල් ලලිත, උත්තරය තමයි 'අපේ අවාසනාව' (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site