ජල ගැලීමෙන් විපතටත් කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශවල ජනතාවගේ ගෙවල් සුද්ධ පවිත්‍ර කිරීමට හා ළිං පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩ සටහනක් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන වැඩපිළිවෙළ යටතේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදිනේදී සිදු කිරීමට නියමිතය.
ජල ගැලීමෙන් විපතටත් කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශවල ජනතාවගේ ගෙවල් සුද්ධ පවිත්‍ර කිරීමට හා ළිං පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩ සටහනක් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන වැඩපිළිවෙළ යටතේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදිනේදී සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රට ගැන ආදරයක් තියෙන්නේ මේ මිස්සුන්න්ට විතරද.? (ර)
මෙවන් පියවරකට යොමුවීම පිළිබද ඔබට අපගේ ප්‍රණාමය. සුනාමි සමයේ ඔබගේ ප්‍රායෝගික දායකත්වය අත් දුටුවෙමි. මෙවන් මහත් කර්තව්‍යක් කළ හැකි එකම සංවිධානයද ජේවීපී පමණි. ඔබ හා සම තැන ගත හැක්කේ ත්‍රිවිධ හා සිවිල් ආරක්ෂක හමුදාවන්ට පමණි.(බ)
ජවිපෙ තුළ සාමාජිකයන් හැසිරෙන්නේත්, නායකයන් හැසිරෙන්නේත් එකම විනයකට. (නි)
ඇත්ත ජනතාව විපතට පත් උනාම ජවිපෙ උදව් කරනවා. එත් ජවිපෙ නායකයන් උදව් කරන්නේ කාටද? ඒ නිසා ජනතාවගේ උදව් අඩුයි. (අ)
වැඩේ හොඳයි. චේතනාව ගොඩ ලොකුකරගන්න නම් ඒක වැරදියි (නි)
අපරාදේ කියන්න බැහැ, ජ.වි.පෙ. නම් අනිත් පක්ෂවලට වඩා විනයක් තිබෙනවා. සංවිධාන හැකියාව,වැඩ පිළිවෙලක් තිබෙනවා මෙන්ම දුෂිතබවත් අඩුයි. නමුත් තමුන් ගැන අධිතක්සේරුව නම් වැඩියි.1971 දීත් 1989 දීත් ඔබ එම වැරැද්ද කළා. එහෙත් තවමත් පරිණත මදි...! කෙසේවෙතත් තව කලකදී ඔබ ප්‍රධාන ප්‍රවාහයක් වෙන එක නම් වළක්වන්න බැහැ. (නි)
ඉස්සරත් ජවිපෙ ශ්‍රමදාන කරලා සුද්දකළා අපට මතකයි (1985 විතර) (නි)
චන්ද්‍රගේ කතාව හරි. ජවිපෙ මහින්ද සහ පිරිස බලයෙන් පහකළ නිසා කවදාවත් අපි ජවිපෙට සළකන්නේ නැත. (නි)
ජවිපෙ පිරිසිදුකළාට ප්‍රයෝජන ගන්නේ අන් අය. ජවිපෙට වෙන්නේ හැමදාම පිරිසිදු කර කර ඉන්න එක විතරයි. (අ)
ආපදාවක් වුණු වෙලාවට ජවිපෙ හැමදාම ජනතාවට උදව් කරනවා. සුනාමිය ආපු වෙලාවේ මොන තරම් සේවයක් කළාද? එත් ජනතාව ඒ උදව් වලට කවදාවත් කළගුණ සලකන්නේ නෑ (බ)
මොහොම පින් ඡන්දෙ ගැන නොහිතා මේ කරන කැපවීම් වලට (නි)
ආපොයි ඔයගොල්ලො 88/89 කාලෙ හානියක් නැතුවම අපේ ගෙවල් සුද්ද කළානේ. මගෙ හැඳුනුම්පත ඊට අවුරුද්දකට විතර පස්සෙ පොලීසියෙන් හොයාගත්තා. ගෝනියක තිබිලා තමයි හම්බවුණේ (නි)