IMG-LOGO

ගෙවල් 87,000ක වතුර කපලා

(ඩයනා උදයංගනී)

ගත වූ දින කිහිපයක කාලයේ දී බිල් නොගෙවීම නිසා පවුල් 87,000ක ජල සැපයුම් විසන්ධි කර ඇති බවත්, විදුලිබල පරිභෝජනය ද සියයට 20 කින් අඩු වී ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.

මෙවැනි තත්වයක් තුළ දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි ජනතාවගේ ප්‍රතිචාර දන්නා නිසා රජය මහා පරිමාණ දැවැන්ත මර්දනයකට සූදානම් වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සඳහා වන නීතිමය අඩිතාලම ඇතිකරගැනීම සඳහා ඉතා භයානක පනතක් වන ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බව ද පීරිස් මහතා කීවේය.

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ  දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යෝජිත ත්‍රස්ත විරෝධී පනත තරම් භයානක පනතක් පසුගිය දශක දෙකකදී පමණ මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැතැයි කී මන්ත්‍රීවරයා එය පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක එකක් බව ද කීවේය.

යාර ගණනක් දිගට සකස් කර ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුව උල්ලංඝනය කළහොත් අනිවාර්ය නිවාඩු යවා රැකියා අහිමි කිරීමේ ප්‍රතිපාදන මෙන්ම  විරෝධතා කරන පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දේපල හා මුදල් රාජසන්තක කරන උත්සාහයක් මෙහි ඇතුළත් අතර, මාධ්‍ය හා සමාජ මාධ්‍යවලට ඒවා වාර්තා කිරීමේ නිදහස ද මෙමගින් අහිමිවන බව පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම රඳවාගැනීමේ නියෝග යටතේ පුද්ගලයන් වසරක් සිරගත කර තබාගැනීමේ අවසරය මෙමගින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලැබෙන අතර, එය සම්මත වුවහොත් මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද රටට අවාසි වන බව මන්ත්‍රීවරයා පැවසීය.

කිසිදු ජන මතයක් නොමැති ආණ්ඩුවකට මෙවැනි පනතක් ගෙන ඒමට කිසිදු සුජාතභාවයක් නැති බව කී පීරිස් මහතා ලැබුණු ජනවරමට පයින් ගසා ජනතාව අන්දා කරන මේ වැඩපිළිවෙලට අවසරදීමට වත්මන් පාර්ලිමේන්තුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කීවේය.



අදහස් (4)

ගෙවල් 87,000ක වතුර කපලා

dasun Monday, 03 April 2023 04:23 PM

ස්ටාලින් මහින්ද ජයසින්හ වැනි කාලකන්නි මර්ඩනය කල යුතුමයි. මීට ලක්ශ සංඛායාත දෙමාපියන්.

:       5       20

AkilaMonday, 03 April 2023 09:53 PM

බයියෝ කවදාවත් කියන්නේ නැහැ නේද රට බංකොලොත් කරපු පොහොට්ටු අලි හොරු ටික මර්දනය කලයුතුයි කියල , ඔය කියන ලක්ෂ ගණන ක දෙමයිපියෝ දන්නවා උන් හින්ද අද ඒ ගොල්ලොන්ට ළමයෙක්ව ඉස්කෝලේ යවාගන්න බැරි විදිහට පොත් ,බැග් ,පැන්සල් පැන් වල මිල ගණන් ඉහල ගිහින් තියන් හැටි

:       0       0

ANURA ROME Monday, 03 April 2023 06:34 PM

මෙයාව කකුල් දෙකෙන් අල්ලලා... සක්වල ගලේ ගැසිය යුතුයි...!

:       1       12

කොණ්ඩෙ බැදපු චීනාMonday, 03 April 2023 08:22 PM

ඉතින් යකඩෝ උඹම නේද පොහොට්ටුව හදලා ගෝඨාභය ගෙනල්ලා රටට මෙතරම් විනාශයක් කලේ කියලා අමතකද මිනිස්සු පාවිච්චියට ගන්නා ජලය විදුලිය දුරකථන බිල්පත් නොගෙවනවා නම් විසංධිකිරීමට කටයුතු නොකර වෙනත් මොකක්ද කරන්න තියෙන්නෙ ඒවා නඩත්තු කරන්නෙ තමුන්ගෙ බූදලයෙන්ද. නීති මහාචාර්ය කෙනෙක් වෙලත් බිල් නොගෙව්වාම සම්බන්ධතා විසංධිකිරීම රජය දැවැන්ත මර්ධනයක් කියන්නෙ කොහොමද මොන පදපදනමෙන්ද තමුන්ට ජනාධිපති තනතුර දුන්නොත් සියලුම ජනතාවට ජලය විදුලිය දුරකථන නොමිලේ පාවිච්චියට දෙන්න පුලුවන්ද කියලා මේ සමගම කියන්න බැරි ඇයි.අනේ ලොක්කො දැන් වයසට ගිහිල්ලා වැඩියි මොළේ හොදටම කොලොප්පන් වෙලා කියලා ඔහේගෙ කතාවෙන් පේනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site