දෙමටගොඩ ගව ඝාතකාගාරය ඇතුළු බොහෝ මස් මඩුවල ගවයන් මැරීම තවමත් වදහිංසා අධික ලෙස සිදුවන ආකාරයෙන් පවත්වාගෙන යතියි සත්ත්ව ලෝලියක වන ස්වර්ණලතා බෝපිටිය මහත්මිය කොළඹ දිස්ත්‍රික් උසාවියට පෙත්සමක් ගොනු කළාය.

ගවයන් මැරීමේදී වද හිංසා අවම කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඇය ඉල්ලා සිටින්නීය. කොළඹ මස් මඩුවේ ගවයා මැරීමට පෙර හිසට මිටියකින් ගසන බවත් එවැනි වදහිංසා නතරකළ යුතු බවත් ඇය කියන්නීය.

එසේ කරනවානම් නවීන තාක්ෂණය අනුව වේදනාව අවම වන ආකාරයේ ගිලටීන කටර් දෙකක් පරිත්‍යාග කරන බවද ඇය කියා සිටින්නීය.