ගොවිතැන් කටයුතු මිනිසා විසින් කළද ඒ ගොවිතැන් කටයුතු සඳහා ගවයන් වැනි සතුන් යොදා ගැනේ. නමුත් ගොවි මහතකුගේ තනියට යන (ටුප්) නමැති සුනඛයෙකු හමුවීම දුලබ දසුනකි. මේ ගොවි මහතා උඩුනුවර හන්දෙස්ස ගමේ පදිංචිව සිටි.
හමුදා සේවයේ සිට විශ්‍රාම ගත් පසු නිමල් ජයසිරි මාරසිංහ මහතා ගොවිතැන් වැඩ සඳහා ගොයම් තලන යන්ත්‍රයක් රැගෙන ගොවි බිම් වලට යන බවත් ඒ සැම මොහොතකදීම මෙම (ටුප්) නැමැති සුනඛයාද යන බවත් ගොවි මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම බල්ලාගේ මුහුණේ අඩ සඳ ආකාරයෙන් මෝස්‌තර දෙකක් පින්තාරු කරලා වගේ පෙනෙන්නේ !! චන්ද්‍ර (ම)
හරියට යහපාලන ආණ්ඩුව වගේ. (ස)
ඇත්තටම ලංකාවේ ගෙවල්වල ඇති දැඩි වන බල්ලන්ගේ ප්‍රශ්නය බොහොම සානුකම්පිතව සිතිය යුතු ප්‍රශ්නයක්. ලොකු ලොකු පවුල්වල උදවිය බල්ලෝ ඇති කරනවා දැකල ඒවා අනුකරණය කරන්න සමහර අය බල්ලෝ ඇතිකරන්න පටන් අරගෙන අහිංසක බල්ලන්ට යන එන මන් නැහැ. උන්ට හරියට කන්ට දෙන්නෙත් නැහැ, කන්ට දුන්නත් දෙන්නේ ඉතුරු වෙච්ච් එව්වයි, පිළුණු වෙච්ච එව්වයි. දෙන්ට ඕනේ නිසා දෙනවා. හරියට වෙලාවට බෙහෙත් එන්නත් කරන්නේ නැහැ. බල්ලව නිසි කලට නාවන්නෙත් නැහැ. ඒ ගෙදර මිනිස්සු නාන්නෙත් නැහැ. ඒ අඩුපාඩුකම් මොනවා තිබුනත් අපරාදේ කියන්ට බැහැ කිසිම උද්ගෝෂණයක් හෝ පැකිලීමක් නැතුව ඌ උගේ මුරකරයාගේ ජොබ් එක හරියට කරනවා. හැබැයි මැක්කෝ බෝවෙලා ලොම් හැලිලා ලෙඩ උන ගමන් චිප් බල්ලා කියල ගහල එලවනවා. එහෙමයි අපේ බොහෝ දෙනෙක් බල්ලට කළගුණ සලකන්නේ. එයිට පස්සේ උගේ වාසස්ථානය මහා පාර. එක හරිම පවු වැඩක්. සමහර වෙලාව ඌ පිස්සු හැදිලා මිනිසුන්ව හපා කාලා සාමාන්‍ය ජනජීවිතයට බාධා ඇති කරනවා. මගේ යෝජනාව බල්ලෝ ඇති කරන හැම ගෙයකටම සතාගේ විස්තර ඇතුලත් කාඩ් පතක් සතාව නඩත්තු කල සහ ඌ ආදරෙන් රැක බලා ගත යුතු ආකාරය ඇතුලත් උපදෙස් පත්‍රිකා සමග අදාල ප්‍රාදේශීය/ගම් සභාව මගින් නිකුත් කල යුතුයි. උල්ලංගනය කරන්නන්ට නීති මගින් දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. එමෙන්ම සතුන්ට හොඳ ආදරෙන් සලකන හොඳට සලකන, වෙලාවට උන්ට එන්නත් ලබාදී තම යුතුකම් ඉටු කරන කිහිප දෙනෙකුත් සිටින බවද සඳහන් කාල යුතු අතර ඔවුනට අපේ ආචාරය හිමි විය යුතුය. (ස)
සතුන්ට ආදරෙන් කරුණාවෙන් කතාකරනවානම් උන්ට ඒ ආකාරයෙන් සලකනවානම් සත්තු උනත් කිසිම විටක පිටිපාන්නේ නැහැ මිනිස්සු වගේ.උන්ට කෙලෙහිගුණ හොඳට මතක තියෙනවා.(බ)
නරකද ෆ්‍රෙඩී සිල්වා ගයන 'බල්ලා' කියන සින්දුව අපේ බල්ලන් වෙනුවෙන් වෙන්කළොත්!! (නි)
නිෂාඩ් හරියටම හරි. මම ආදරෙයි බල්ලන්ට (බ)
සමහරක් මිනිස්සු තමන්ගේ අම්ම තාත්ත ගැනවත් හොයල බලන්නේ නෑ ඉතින් සත්තු ගැන කවර කතාද.? (ර)
මේ වගේ වටිනා අදහස් බෙදා දීම ගැන ඔබට පින් (දිල්)
හරකා කළත් බල්ලා කළත්, වැඩේ හරියට කෙරෙනවා නම් වෙන මොනවද ඕනෑ? අපේ සමහර අයට නම් මේ සත්තු දෙන්නාගෙන් එකෙක්වත් කරන විදියට වැඩක් කරන්න බැහැනේ. (නි)
සමහර අයට හඳ මෝරන කාලෙට බල්ලා හරකා වගේ පේනවා.ඕවා ගණන්ගන්න එපා. (නි)
හරිම සුන්දර දසුනක් (නි)
සතුන්ට හරියට සළකනවා නම් උන් මිනිස්සු ළඟ ඉන්නවා. පිටරටවල සුනඛයෝ හාම්පුතා එක්ක යන එක සුලබ දසුනක්. ලංකාවේ අය සතුන්ට හරියට සළකන්නේ නැති නිසා සත්තු එහෙම එන්නේ නැහැ. මේ මහත්මයා තමන්ගේ බල්ලට හරියට සළකනවා ඇති. ආදරේ ඇති. (නි)
පවු අහිංසක සත්තු! (නි)
මේ සත්තු මිනිසුන්ට මොනතරම් ආදරේද? (නි)
බල්ලාගේ මුහුණේ චිත්‍ර ඇන්දේ හරකෙක් වෙන්න ඇති ? තරහට ? (ස)