ගොවිතැන් කටයුතු මිනිසා විසින් කළද ඒ ගොවිතැන් කටයුතු සඳහා ගවයන් වැනි සතුන් යොදා ගැනේ. නමුත් ගොවි මහතකුගේ තනියට යන (ටුප්) නමැති සුනඛයෙකු හමුවීම දුලබ දසුනකි. මේ ගොවි මහතා උඩුනුවර හන්දෙස්ස ගමේ පදිංචිව සිටි.
හමුදා සේවයේ සිට විශ්‍රාම ගත් පසු නිමල් ජයසිරි මාරසිංහ මහතා ගොවිතැන් වැඩ සඳහා ගොයම් තලන යන්ත්‍රයක් රැගෙන ගොවි බිම් වලට යන බවත් ඒ සැම මොහොතකදීම මෙම (ටුප්) නැමැති සුනඛයාද යන බවත් ගොවි මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ගවයාගේ වැඩේ බල්ලා කරන්න යයි‘
චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 April 2015 06:14 AM
ඇත්තටම බල්ලාගේ මුහුණේ අඩ සඳ ආකාරයෙන් මෝස්‌තර දෙකක් පින්තාරු කරලා වගේ පෙනෙන්නේ !! චන්ද්‍ර (ම)
දිනේෂ් Tuesday, 07 April 2015 03:32 AM
හරියට යහපාලන ආණ්ඩුව වගේ. (ස)
නිෂාද් Tuesday, 07 April 2015 03:35 AM
ඇත්තටම ලංකාවේ ගෙවල්වල ඇති දැඩි වන බල්ලන්ගේ ප්‍රශ්නය බොහොම සානුකම්පිතව සිතිය යුතු ප්‍රශ්නයක්. ලොකු ලොකු පවුල්වල උදවිය බල්ලෝ ඇති කරනවා දැකල ඒවා අනුකරණය කරන්න සමහර අය බල්ලෝ ඇතිකරන්න පටන් අරගෙන අහිංසක බල්ලන්ට යන එන මන් නැහැ. උන්ට හරියට කන්ට දෙන්නෙත් නැහැ, කන්ට දුන්නත් දෙන්නේ ඉතුරු වෙච්ච් එව්වයි, පිළුණු වෙච්ච එව්වයි. දෙන්ට ඕනේ නිසා දෙනවා. හරියට වෙලාවට බෙහෙත් එන්නත් කරන්නේ නැහැ. බල්ලව නිසි කලට නාවන්නෙත් නැහැ. ඒ ගෙදර මිනිස්සු නාන්නෙත් නැහැ. ඒ අඩුපාඩුකම් මොනවා තිබුනත් අපරාදේ කියන්ට බැහැ කිසිම උද්ගෝෂණයක් හෝ පැකිලීමක් නැතුව ඌ උගේ මුරකරයාගේ ජොබ් එක හරියට කරනවා. හැබැයි මැක්කෝ බෝවෙලා ලොම් හැලිලා ලෙඩ උන ගමන් චිප් බල්ලා කියල ගහල එලවනවා. එහෙමයි අපේ බොහෝ දෙනෙක් බල්ලට කළගුණ සලකන්නේ. එයිට පස්සේ උගේ වාසස්ථානය මහා පාර. එක හරිම පවු වැඩක්. සමහර වෙලාව ඌ පිස්සු හැදිලා මිනිසුන්ව හපා කාලා සාමාන්‍ය ජනජීවිතයට බාධා ඇති කරනවා. මගේ යෝජනාව බල්ලෝ ඇති කරන හැම ගෙයකටම සතාගේ විස්තර ඇතුලත් කාඩ් පතක් සතාව නඩත්තු කල සහ ඌ ආදරෙන් රැක බලා ගත යුතු ආකාරය ඇතුලත් උපදෙස් පත්‍රිකා සමග අදාල ප්‍රාදේශීය/ගම් සභාව මගින් නිකුත් කල යුතුයි. උල්ලංගනය කරන්නන්ට නීති මගින් දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. එමෙන්ම සතුන්ට හොඳ ආදරෙන් සලකන හොඳට සලකන, වෙලාවට උන්ට එන්නත් ලබාදී තම යුතුකම් ඉටු කරන කිහිප දෙනෙකුත් සිටින බවද සඳහන් කාල යුතු අතර ඔවුනට අපේ ආචාරය හිමි විය යුතුය. (ස)
ඉසුරන්දි Tuesday, 07 April 2015 04:04 AM
සතුන්ට ආදරෙන් කරුණාවෙන් කතාකරනවානම් උන්ට ඒ ආකාරයෙන් සලකනවානම් සත්තු උනත් කිසිම විටක පිටිපාන්නේ නැහැ මිනිස්සු වගේ.උන්ට කෙලෙහිගුණ හොඳට මතක තියෙනවා.(බ)
චන්ද්‍ර වීරසිංහ Thursday, 09 April 2015 09:28 PM
නරකද ෆ්‍රෙඩී සිල්වා ගයන 'බල්ලා' කියන සින්දුව අපේ බල්ලන් වෙනුවෙන් වෙන්කළොත්!! (නි)
තරු Tuesday, 07 April 2015 04:21 AM
නිෂාඩ් හරියටම හරි. මම ආදරෙයි බල්ලන්ට (බ)
සතුට Tuesday, 07 April 2015 11:38 AM
සමහරක් මිනිස්සු තමන්ගේ අම්ම තාත්ත ගැනවත් හොයල බලන්නේ නෑ ඉතින් සත්තු ගැන කවර කතාද.? (ර)
සුජීව Tuesday, 07 April 2015 05:48 AM
මේ වගේ වටිනා අදහස් බෙදා දීම ගැන ඔබට පින් (දිල්)
නන්දලාල් Monday, 06 April 2015 10:09 PM
හරකා කළත් බල්ලා කළත්, වැඩේ හරියට කෙරෙනවා නම් වෙන මොනවද ඕනෑ? අපේ සමහර අයට නම් මේ සත්තු දෙන්නාගෙන් එකෙක්වත් කරන විදියට වැඩක් කරන්න බැහැනේ. (නි)
ප්‍රසන්න Saturday, 11 April 2015 01:50 PM
සමහර අයට හඳ මෝරන කාලෙට බල්ලා හරකා වගේ පේනවා.ඕවා ගණන්ගන්න එපා. (නි)
සුරේෂ් Tuesday, 07 April 2015 12:15 AM
හරිම සුන්දර දසුනක් (නි)
චින්තන Tuesday, 07 April 2015 12:40 AM
සතුන්ට හරියට සළකනවා නම් උන් මිනිස්සු ළඟ ඉන්නවා. පිටරටවල සුනඛයෝ හාම්පුතා එක්ක යන එක සුලබ දසුනක්. ලංකාවේ අය සතුන්ට හරියට සළකන්නේ නැති නිසා සත්තු එහෙම එන්නේ නැහැ. මේ මහත්මයා තමන්ගේ බල්ලට හරියට සළකනවා ඇති. ආදරේ ඇති. (නි)
දේවමිත්‍ර Tuesday, 07 April 2015 01:19 AM
පවු අහිංසක සත්තු! (නි)
කිත්සිරි Tuesday, 07 April 2015 01:51 AM
මේ සත්තු මිනිසුන්ට මොනතරම් ආදරේද? (නි)
ගයාන් Tuesday, 07 April 2015 08:26 AM
බල්ලාගේ මුහුණේ චිත්‍ර ඇන්දේ හරකෙක් වෙන්න ඇති ? තරහට ? (ස)