මෙරට ගව ඝාතනය තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ගව මස් ඉල්ලුමට සරිලන ආකාරයට විදෙස් රටවලින් ගවමස් ආනයනය කරන්නැයි තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කළුතර දොඩන්ගොඩ උත්සවයකදී පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇති බවත් ලෝකයේ සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනට වඩා ත්‍රිපිටකය, භවත්ගීතාව, කුරාණය හා බයිබලය වැනි පූජනීය ග්‍රන්ථයන්හි දර්ශනයන්ගෙන් ලෝකයේ සියලු ජනතාව වඩාත් හොඳින් එකමුතු කළ හැකි බවද ජනපති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා.. හා.. ගව ගාතනය නවත්වන හේතුව අපි දන්නවා. (ස)
ගව මස් පිටරටවල් වලින් ගෙන්නන්න පෙර අර පොඩ්ඩන්ට ඉගෙන ගන්නට ඩෙස්,පුටු ටික ලබා දෙන්න.ඉටි කොළ වල හිටියා හොඳටම ඇති. (බ)
නිකන් උත්සව වලට ගිහින් මිනිස්සු රවටන්න කියන කතා පුළුවන් නම් පනතක් ගෙනවිත් පිටරටින් ගෙන්වන ගවමස් වලට ගහන තීරු බද්ද ඉවත් කරලා පෙන්වන්න (බ)
ඒ කතාවත් මඩු වල්ගෙට දෙවැනි නෑ..එහෙම පිට රටවල් වලින් මරලා ගෙනල්ල කෑවම පව් අඩුවෙනවද ? (බ)
පිටරට ඉන්නේ රට හරක්.. අපේ ශ්‍රී ලංකාවේ ඉන්නෙම ගොන් හරක් ..(බ)
ලංකාවේ ගවයන් මරන්නේ ඔවුන්ට පොලුවලින් ගහලා, අඩු කඩලා, බෙල්ල කපලා. ගවයන් මසට ඇතිකරන රටවල් ගවයන් මරන්නේ ඔවුන්ට අවම වේදනාවක් සහ අවම බියක් ඇති වන ලෙසයි. පිටරටින් බදු සහන සහිතව මස් ගෙන එනවිට ලංකාවේ මස්මිල අඩු වන නිසා මිනිස්සු තම හරකුන් මසට විකිණීම අඩුකරාවි. කොහොම නමුත් ගවමස් කෑම අඩුකළොත් ගව ඝාතන අඩුවේවි (නි)
හොඳ ප්‍රමිතියකින් යුතු දේවල් ගෙන්නන්න. (ර)
ඉතාම හොඳ අදහසක් . (ම)
චාලි චැප්ලින් නම් අතිවිශිෂ්ට සිනමාකරුවාට වරෙක ලැබුණ එක් වැදගත් උපදේශයක් වූයේ අනවශය ලෙස ජනයා ඉදිරියට යෑමෙන් වැළකී සිටීම වඩා ප්‍රඥාගෝචර බවයි. (ම)
පිටරටින් ගේන මස්වල මිල අධිකයි. (ර)
රොමේෂ් කතාව සම්පුර්ණ ඇත්ත. (ර)
අමෙතිගෙන් ඉල්ලා සිටින්න ඕනේ නැහැ ඔහුට අණ කරන්න වහාම පනතක් ගෙන එන්න කියලා, මේකත් අර කොළඹ වාහන තදබදය අඩු කරන්න තීරු බදු වැඩි කලා වගේ වැඩක් , කබල් වාහන පාරේ ගාට ගාට ගිහින් අතරමග නතර උනහම ඇතිවන තද බදය ගැන කලපනා කරන්නේ නැහැ. (ර)
පිටරට ඉන්නෙත් පණ තිබෙන ගවයෝ නෙමෙයිද? මොන රටේ සත්තු මැරුවත් පවු නේද? පිටරටින් මස් ගෙන්වීමත් ප්‍රාණඝාතයට අනුබලදීමක් නෙමෙයිද? (නි)
ඉලේපෙරුම, එතකොට නොකා ඉදීවිද.? ඒක හොඳ අදහසක් නෙමෙයි කොහෙත් මරන්නේ සත්තු තමයි. නමුත් මේ විසඳුම නිසා තරමක් හෝ සතුන් බේරේවි. (ර)
ලංකාවේ පාලනය කරන්නේ මෙවැනි මොල ඇති අය නේද? (ම)
හරකෙක් වුණත් ඌව මරන්න දක්කාගෙන යනකොට ඌට ඒක තේරෙනවා. මේ දක්කාගෙන යන්නේ මරන්න කියලා. (නි)
උතුම් ක්‍රියාවක්.... (නි)
පිටරට වලින් ගෙන්වන්නේ ප්ලාස්ටික් මස්ද? (ර)
එතකොට රට හරක්? උනුත් පවු නැද්ද? (නි)
එතකොට රට හරක්ට දෙයියන්ගේම පිහිටයි ...(කෞ)
ජනපතිගේ මේ උතුම් අදහසට පින්සිද්ධ වෙනවා. හරකා දේවත්වයෙන් සළකන ඉන්දියාවේවත් මේ විදියට හරක් මස් විදේශීය රටවලින් ආනයනය කරනවාද? අපේ රටේ බොහෝ දෙනෙක් හරක් මස් නොකන නිසා විශාල මුදලක් වැයකර ගවමස් ගෙන්වීම ගැන විවිධ මත පළවේවි, ළඟදීම. මේසා අතිවිශාල මුදලක් වැයකර හරක් මස් ආනයනය කිරීම රටේ ආර්ථිකයට ඔරොත්තුදේද?
ජේ .ආර්.ජයවර්දන ජනාධිපති තුමානම් කවදාවත් මෙවැනි හරක් කතා කිව්වේ නැහැ ,එතුමා ගොඩක් බුද්දිමත් කෙනෙක් (කෞ)
දියවන්නාව කිට්ටුවත් මසට හොද හරක් ටිකක් ඉන්නවලු (කෞ)
මෛත්‍රී මහත්තයාට ගොඩක් පිං! බුදු සරණයි! ජය වේවා! (නි)
එතකොට එළුවෝ, කුකුළෝ? ඔවුන්ටත් ජීවිත දානය දියයුතුයි නේද? (නි)
සමහර අයට, සතෙක් මොන ක්‍රමෙකින් හරි බේරා ගන්නවා කියද්දී හිතට හරි නැ වගේ.. (ර)
ගරු ජනාධිපතිතුමනි, ඔබට ගොඩාක් පින්, අපේ මේ රටේ ගව ඝාතනය නතර කලොත්, කන්න අවශ්‍ය කෙනෙකුට, රටින් ගෙන්නලා දෙන්න. (ර)
මඩුවන් රැක ගැනීමට මඩු වලිගයත් පිටරටින් (බ)
ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීම ඉතාම උතුම් ක්‍රියාවකි. අපේ ශිෂ්ඨාචාර ගොඩනැගුනේ ගව සම්පතෙන් ලත් උපකාරයෙනි. ස්වයංපෝෂිත ලංකාවේ කිරි මව වූයේ ගවයාය. එහෙව් අහිංසක සතෙකුට අභය දානය දීමේ සත්කාරයට උරදීමට අපේ ගම්මාන වල දහස් ගණන් මිනිසුන් ඒකමතිකව සාධුකාර දී එකඟය. (නි)
අපේ ගෙවල් පැත්ත පළාතේ ගව මස් ගේන්නේ නැහැ.අපේ දරුවන්ට කන්න දෙන්නෙත් නැහැ.මෙය නම් ඉතාම හොද දෙයක් කරන්න පුලුවන්නම්....!(කෞ)
මරන්න ඉන්න හරකෙක් වුව බෙරගන්න ගිය හාමුදුරුවන් ඉදිරියේ දන ගහල වදින ෆොටෝ එකක් වේයන්ගොඩ දුම්රිය ඉස්තානය ඉදිරිපිට ප්‍රදර්ශනය කරලා තිබුන.ඒ ෆොටෝ එක දැකපු කෙනෙක් ගව මස් අනුභව කරාවි කියල හිතන්න බැහැ.(කෞ)
මම ප්‍රතිපත්තියක් හැටියට දැන් මෛත්‍රී කියන කිසිම දෙයක් සත පහකට විශ්වාස කරන්නේ නැහැ. එ්ත් ඝව ඝාතනය සහමුලින්ම ලංකාවෙන් තුරන් කරන්න යන යෝජනාවට නම් සම්පුර්ණ සහයෝගය දෙනවා.ලංකාව කියන්නේ බෞද්ධ රාජ්ජයක් කියල ලෝකෙටම පෙන්වන්න. (බ)
අලුත්ම මෛත්‍රී භාවනාව වෙන්න ඇති. (බ)
උන්ගෙන් කීප දෙනෙකුට ඇමති ධුර පිරිනමන්න! (බ)
පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ යෝජනාවක්. (බ)
රට ඉඳි පමණක් වැවෙන මැදපෙරදිග වැලිකතර සශ්‍රික පසක් කර එම පසේ දෙළුම්,කතුරු මුරුංග,මුරුංග,පේර,කොමඩු..වගේ පලතුරු සහ එළවලු වවන්න පුළුවන් නම් අපේ රටේ ගව සම්පත රැකගෙන වස විස වලින් තොර එම ගව පොහොර වලින් එළවලු සහ පලතුරු වගාව සාර්ථකව කරන්න පුළුවන්.ඒ තුලින් රටේ ආර්ථිකය නංවන්න පුළුවන්. (බ)
තිලක් ඩුබායි, ඔබ ඔබගේ පරපුර වෙනුවෙන් පෙනී හිටීම ගැන අපගේ බලවත් ආචාරය!! (බ)
මෙතුමා කිව්වා තව අවුරුදු කීපයකින් දුම්කොළ වගාව නවතා දමනවා කියලා. රටේ දුම්කොළ අවශ්‍යතාවය පිරිමහින්න ඒවාත් පිටරටින් ගෙන්වනවා වියයුතුයි. තව ටික දවසකින් මාළුත් පිටරටින් ගෙන්වයිද දන්නෙ නැහැ (නි)