රුපියල් හතලිස් පන් ලක්ෂ විසිදහසක් වටිනා රත්තරන් කැබලි සහ රන් මාල ශරීරයේ රහස් පෙදෙස් වල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යන ගුවන් යානයකට නැග සිටි ඉන්දියානු ජාතිකයෝ අට දෙනෙකු අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පැවසුවේය.
සැකකරුවෝ අද අළුයම දොලහයි කාලට චෙන්නායි බලා පිටත් වීමට නිමිතව තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 125 දරණ ගුවන් යානයට ගොඩවී සිටියදී රේගුව මෙම වැටලිමට සිදු කර ඇත.
සැකකරුවෝ ඉන්දියාවේ චේන්නායි හි පදිංචි වයස අවරුදු 58, 20, 30, 32, 29, 40, 19 සහ 39 වියේ පසුවෙති.
අත් අඩංගුවට ගත් රන් භාන්ඩ අතර රන් මාල 6 ක් සහ රන් කැබලි 7 ක් තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ඩී.එම්.ජී නිමල්තිලක, සහකාර රේගු අධිකාරී අරුන හේවාවිතාරණ, ඉසෙඩ්. ඒ අතීෆ්, එම්.ඒ.ඕ ප්‍රනාන්දු, අසංක ප්‍රියදර්ශණ සහ ආර්.වී.ටී ස්ලෙජස් යන නිලධාරීහු සිදු කරති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානයට නගින තුරු පරික්ෂා කරපු අයට ගෙව්වට , ගිනියන්න වාසනාවක් තිබිලා නෙහැ, සල්ලි ගත් කෙනෙක්ම ඔත්තුව දෙන්න ඇති. (ර)
මාටින් ගේ කතාව මමත් අනුමත කරනවා. මොකද ඔය වගේ දේවල් සිද්ධ වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම ආනන්ද දොඩන්ගොඩත් කියන දේ නොවෙන්නත් බැහැ. (ර)
තවත් ඉන්දියන් අයට වීසා නැතුව ලංකාවට එන්න දෙන්න (නි)
කී තැනකින් පරික්ෂා කරලද අන්තිමේදී ගුවන් යානයට නග්ගවන්නේ? හිතාගන්න පුළුවන් අපේ උදයවියගේ පරික්ෂා කිරීමේ තරම. (නි)
එහෙම කියන්ඩ එපා ඉසුරන්දි, කවුරු හරි ගුවන් යානෙට ගෙනල්ල දුන්නද කියල දන්නේ කොහොමද?(නදී)