(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි අවු 45ක් සහ 35 හැවිරිදි ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අතර ඇතිවු වචන හුවමාරුවක් අවසානයේ ගුටි හුවමාරුවකින් කෙලවර වී ඇතැයි ගුවන් තොටුපළ පොලීසිය පවසයි. ගුවන් යානයේ කළහ කළ පුද්ගලයින් දංකොටුව සහ බම්බලපිටිය පදිංචිකරුවන් වන බවත් ඔවූහු ජපානයේ වසර ගනනාවක් සේවය කර පැමිනි පුද්ගලයින් බව පොලීසිය කියයි.
නරීටා ගුවන්තොටුපලේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු යු. එල්.455 දරණ ගුවන් යානයේ මගීහු 100 කට අධික වුහ. ඔවුහු පැය කීපයක දිගු ගුවන් ගමනක යෙදෙමින් සිටියහ. ඇතැමෙකු විඩාබර නින්දට පත්ව තිබුණි. යානයේ ගුවන් සේවිකාවන් මෙන්ම අනෙක් අයද ඔවුනට බාධා නොකළහ. නිදි නොලබ සිටි මගීන් හට ගුවන්සේවක සේවිකාවන් සංග්‍රහ කරමින් සිටියද යානයේ සිටි ලාංකික ගුවන් මගියකු අධික ලෙස බීමත්ව එහි අසුන් ගෙන සිටි කාන්තාවන්ට අපහසු වන ලෙස අශෝබන අයුරින් හැසිරීම හේතුවෙන් ඒ සියළු සුහද සත්කාරක කටයුතු උඩු යටිකුරු විය.
ගුවන් මගීනට පීඩා වන අයුරින්, ගුවන් යානයේ අසුන් පේලී අතරින් බිම බඩගාමින් වෙරිමතින් සිටි මගියා පිළිබදව විමසිල්ලෙන් සිටි වෙනත් මගීයකු එලෙස හැසරෙනු එපා යන්න පවසත්ම දෙදෙනා අතර ගුටි හුවමාරුව සිදුවිමෙන් එක් අයෙකුට තුවාල සිදුවි තිබේ.
බීමතින් සිටි තැනැත්තා ඔහු සතුව තිබු විදේශ මත්පැන් බෝතලයක්ද රහසින් පානය කරමින් ගුවන් යානය තුළ කළහ කර ඇත. ඒ වන විට ගුවන්යානය කටුනායකට පැමින තිබු අතර කාර්ය මණ්ඩලය විසින් මෙම සිද්ධිය පිළිබදව කටුනායක ගුවන් තොටුපළ නිළධාරින් හට දැන්වීමෙන් ගුවන්තොටුපළ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.එන්.සි රත්න කුමාර මහතාඇතුළු නිළධාරින් පිරිසක් ගුවන්තොටුපල තුළට ගොස් අදාල ගුවන් මගීන් දෙදෙනා පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ සිට ලංකාවට යන දන්කොටුවේ, වෙන්නප්පුවේ, මීගමුවේ මගීන් ගුවන්යානා තුල බීමතින් කලහා කරගැනීම, ගුවන් සේවිකාවන්ට බැනවැදීම අතින් මුළු ඉතාලිය පුරාම ප්‍රසිද්ධයි.
වෙන්නප්පුවේ පැත්තේ අය විතරක් නොවෙයි... අනිත් පැති වල සමහරක් පොඩ්ඩක් තොල ගාගෙන නරක විදියට හැසිරෙන අවස්ථා බොහොමත්ම වැඩියි.
වෙන තැනක් නම් අනිත් මගීන්ට එතැනින් ඉවත් වෙන්න පුළුවන්. ඒත් ගුවන් යානයක මොනව කරන්නද? හොඳ දඬුවමක් දෙනවනම් හොඳයි.
බීමත්කමින් ඒ පුද්ගලයාගේ නුගත්කමත්,වනචරකමත්,නොහැදියාවත් අසංවරබවත් ඉස්මතු වී පෙනුනා..
ලාංකිකයන් බහුතරයක් බීමට ඇබ්බැහි වී ඇත. මෙම මත්පැන් අලෙවිය විශාල ලෙස මුදල් උපයන ව්‍යාපාරයකි. ජාතියම මත්පැනට යොමු කරන්නේ මුදලට ලැදි දේශපාලකයන්ය. පක්ෂ දෙකේම මෙය ජයටම කරගෙන යති. ජාතියම වනසති.
ලංකාවේ බීමත්කමට ප්‍රධාන හේතුව නූගත්කමයි. මත්පැන් විශාල ලෙස තිබුණ පලියට ඒවා භාවිතා කරන්නට කියා නීතියක් නැහැ. බීමත්කම අපේ මිනිසුන් විසින්ම ඇබ්බැහි කර ගත් දෙයක්. එයට රටේ දේශපාලකයන්ට හෝ වෙන කෙනෙකුට බැන වැදීමෙන් වැඩක් නැහැ.
බීමත්කම, අනෙකුත් දුරාචාර ගැන අන්තර්ජාලයේ සෙවීම, සියදිවි හානිකර ගැනීම වැනි ක්‍රියා වලට ලෝක වාර්තා තබා ඇති ලංකාවේ තරම් බණ පිරිත් ඇසෙන, සිල් ගන්නා, අඩියෙන් අඩියට බෝ පැල සිටුවා වැඳ පූජෝපහාර පවත්වන, තරඟෙට දන්සල් දමන, සුළු අතපසුවීමකට පවා මරා ගන්නා රටක් මම නම් තවත් දැක නැත. මේ ලංකාවේ උපදින්නේ සංසාරේ මහා පින් කර ඇති අය බවත් කවුදෝ කියනවා මටත් ඇසී තිබෙනවා.
අරවින්ද ඔය දන්නා දේවලුත් ඇති.. නොදන්නා දේවලුත් ඇති.. රටක සියලුදේ නිර්මාණය වෙන්නේ රටේ දේශපාලනය රට කරවන විදිහ අනුව හරියට නවක ගමනක් වගේ ... එදා 77 ට පෙර අපේ රටේ හන්දියක් හන්දියක් ගානේ අරක්කු බාර් තිබුනේ නැහැ. ඒවගේම රටේ කුඩු තිබුණෙත් නැහැ. කසිප්පු තිබුනෙත් නැහැ. ගම්බද ප්‍රදේශවල ඔය කිතුල් රා ටිකක් තිබුණා. එ්කත් හැම තැනම නැහැ. මේ සියලු දේවල් තරුණයන්ට ඇබ්බැහි කරන්න උඩගෙඩි දුන්නේ අපේ රටේ දේශපාලකයන් 77 න් පස්සේ ... ඊට පසුව ආපු හැම එකම අනුගමනය කරමින් අදවෙන කොට මේවා සාමාන්‍ය දේවල් බවට සමාජයේ පිළිගන්න තරමට අද බද්දවෙලා .ඕක නොදන්න නිසා තමයි ඔබල වගේ උදවිය කියන්නේ .
ලංකාවට කීර්තියක් ගෙනදෙන නිසා තවතවත් ගුවන් සමාගමෙන් හොඳට පෙවිය යුතුයි. ශ්‍රී ලංකන් කිව්වට මුහුණ ඇඹුල් වෙන්නේ ඒ නිසයි.
පිටිගල අයියගේ කටේ මසුරන් දාන්න ඕනේ... බය නැතුව ඇත්ත කතා කරනවට.
දේශපාලකයෝ මේ සියළු දේවලට වගකිව යුතුයි...
මම කැමතියි බීම නවත්තනවා නම්.... ගුවන් ගමන් යනවිට....එය....නවත්වන්න කියා කියන්න.
ගුවන් ගමනකදී මත්වතුර ලබාදීම ගුවන් ගමන් ආරම්භයේ පටන් පැවති සම්ප්රදායකි. එහි වරදක් නොමැත. තමන් පාලනය කල නොහැකි පුද්ගලයින් මත්වතුර ගැනීම මෙයට මුල් වී ඇති බව පෙනෙයි. කෙසේ නමුත් අනික් ගමනාන්ත ගැන නොදන්නා නමුත්,.. ගුවන් සේවිකාවන් ගේ ලොකුකම් බලමින් ගමන යන්න අඩියක් නොගෙන බැහැ.